ක්‍රිෂ්ණමුර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය මෙහෙම බලන්න

දෙසැම්බර් 22, 2023

ජන්ම පත්‍රයක පලාපල කථනය කිරීමේදී, එක් එක් භාවය මගින් පෙන්වන කරුණු පිළිබඳව ජන්මියා ලබා ඇති හිමිකම් හෙවත් වාසනාව පිළිබඳව හඳුනා ගැනීමෙන් පසුව, ඒවා ක්‍රියාත්මකවන කාල සීමාවන් නිගමණය කළයුතු වන්නේය. මේ ජන්මියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව, අධ්‍යයනය කිරීමට අවධාණය යොමු කරමු. උපතේදී පැවති දශා ශේෂය කුජ ග්‍රහයාට අවරුැදු 03 මාස 07 දින 13 කි.

ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය මගින් පෙන්වන වෙනත් කරුණු ගැන විශ්ලේෂණය කිරීම සඳහා පහත දැක්වෙන කරුණු පිළිබඳව අවධානය කරන්න. සෞඛ්‍ය තත්ත්වය.

ජන්ම පත්‍රයේ ලග්න භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 1 වැනි සහ 6 වැනි භාවවලට සම්බන්‍ධතාවයන් දක්වන්නේ නම්, රෝගාබාධවලට ගොදුරු වෙයි. ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන විට, රෝගාබාධවලින් පීඩා ලබයි. මෙම නිවේදක ග්‍රහයන් 8 වැනි භාවයට සම්බන්‍ධ වන්නේ නම්, රෝගාබාධ හේතුකොට ගෙන, ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබයි. 12 වැනි භාවයටද සම්බන්‍ධ වන්නේ නම්, රෝහල් ගතවී ප්‍රතිකාර ලබයි. ජන්ම පත්‍රයේ 1 වැනි සහ 5 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන විට, රෝගාබාධවලින් සුවය ලබයි.

මෙම ජන්ම පත්‍රයේ ලග්න භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා ශනි චිය. මේ ශනි ග්‍රහයා තැන්පත්ව සිටියේ බුධ ග්‍රහයා හිමි කන්‍යා රාශියේ සඳු හිමි නක්‍ෂත්‍රයක සහ සිකුරු හිමි උපස්ථානයකය.

ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාවවලට නිවේදක ග්‍රහයන් වන්නේ ශනි, රවි, බුධ, කේතු සහ රාහු යන ග්‍රහයන්ය. මෙම ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන විට, ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබයි.

මෙම කාල සීමාවෙහි ජන්මියා ගත කරන රාහු ග්‍රහයාගේ මහ දශාවේ බුධ ග්‍රහයාගේ භුක්ති දශාව ක්‍රිස්තු වර්ෂ 2022 ජූනි මාසයේ 28 වැනි දින සිට 2025 ජනවාරි මාසයේ 14 වැනි දින දක්වා පවතියි.

රාහු ග්‍රහයාගේ මහ දශාවේ බුධ ග්‍රහයාගේ භුක්ති දශාව සහ රාහු අන්තරය ක්‍රිස්තු වර්ෂ 2023 දෙසැම්බර් මාසයේ 01 වැනි දින සිට 2024 අප්‍රේල් මාසයේ 19 වැනි දින දක්වා පවතියි.

මෙම කාලසීමාව තුළ රාහුගේ ගෝචර ගමන සිදුවන්නේ ගුරු හිමි මීන රාශියේ බුධ හිමි නක්‍ෂත්‍රයේය. බුධ ග්‍රහයා 6 වැනි භාවයට නිවේදක ග්‍රහයකු වන හෙයින්, රාහුගේ මෙම ගෝචර ගමන මගින් ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබයි. මෙම කාල සීමාව කෙටිකර ගැනීම සඳහා රවිගේ ගෝචර ගමන ගැන අවධානය යොමු කරන්න.

මෙම කාලසීමාව තුළ රවිගේ ගෝචර ගමන සිදූවන්නේ කුජ හිමි වෘශ්චික, ගුරු හිමි ධනු, ශනි හිමි මකර සහ කුම්භ, ගුරු හිමි මීන යන රාශිවලය. කුජ සහ ගුරු යන ග්‍රහයන් 6 වැනි භාවයට නිවේදක ග්‍රහයන් නොවන හෙයින්, මෙම ග්‍රහයන් හිමි රාශිවල, රවිගේ ගෝචර ගමන සිදූවනවිට ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබන්නේ නැත. එහෙත් ශනි හිමි මකර සහ කුම්භ රාශිවල රවිගේ ගෝචර ගමන සිදූවනවිට ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබන්නේය.

ක්‍රිස්තු වර්ෂ 2024 ජනවාරි මාසයේ 15 වැනි දින සිට 2024 මාර්තු මාසයේ 14 වැනි දින දක්වා ශනි හිමි මකර සහ කුම්භ රාශිවල රවිගේ ගෝචර ගමන සිදූවනවිට ජන්මියාගේ රෝගාබාධ වලින් පීඩා ලබයි. ශනි හිමි මකර සහ කුම්භ රාශිවල 6 වැනි භාවයට නිවේදක ග්‍රහයන්ගේ නක්‍ෂත්‍රවල, රවිගේ ගෝචර ගමන සිදූවනවිට ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබන්නේය.

මෙම නක්‍ෂත්‍රවල, 6 වැනි භාවයට නිවේදක ග්‍රහයන්ගේ නක්‍ෂත්‍රවල, සඳුගේ ගෝචර ගමන සිදුවනවිට ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබන කාල සීමා දින වශයෙන් ලබා ගත හැකිය.

නිවේදක ග්‍රහයන් 8 වැනි භාවයට සම්බන්‍ධ වන්නේනම්, රෝගාබාධ හේතුකොටගෙන, ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබයි. 12 වැනි භාවයටද සම්බන්‍ධ වන්නේනම්, රෝහල් ගතවී ප්‍රතිකාර ලබයි. ජන්ම පත්‍රයේ 1 වැනි සහ 5 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන විට, රෝගාබාධවලින් සුවය ලබයි.

 

ඡ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්. සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.