සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 22, 2023

ශකවර්ෂ 1945ක් වූ ධනු රවි 07 භාග උඳුවප් පුර දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග උඳුවප් අව දියවක ලත් ගුරු දින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි – ධනු

කුජ – වෘශ්චික (28 දා අලුයම 12.19 ධනු)

බුධ – ධනු (වක්‍ර) (28 දා දහවල් 11.22 වෘශ්චික)

ගුරු – මේෂ (වක්‍ර)

ශුක්‍ර – තුලා (25 දා උදේ 06.45 වෘශ්චික)

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ (වක්‍ර)

නැප්චූන් – මීන (වක්‍ර)

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – මුල

කුජ – දෙට (28 දා අලුයම 12.19 මුල)

බුධ – මුල ( 28 දා දහවල් 11.22 දෙට)

ගුරු – අස්විද

ශුක්‍ර – විසා ( 28 දා අලුයම 12.56 අනුර)

ශනි – දෙනට (24 දා උදේ 07.55 සියාවස)

රාහු – සියාවස

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

 

 

පෝය

දෙසැම්බර් 26 අඟහරුවාදා උදේ 05.48න් පුර පසළොස්වක ලබා 27 බදාදා උදේ 06.05න් ගෙවේ. 26 අඟහරුවාදා සිල්.

 

 

චන්ද්‍ර චාරය

24 දා අලුයම 03.19 වෘෂභ

26 දා උදේ 10.00 මිථුන

28 දා සවස 06.42 කටක

 

දිනූ තත්ත්ූවය

 

දෙසැම්බර් 22 සිකුරාදා

ධනු රවි 07 භාග උඳුවප් පුර දසවක ලත් කිවිදින ඉර උදාව 06.17 ඉර බැසීම 06.00 අස්විද නැකත රාත්‍රි 09.39න් ගෙවී බෙරණ නැකත ලබයි. උඳුවප් පුර දසවක තිථිය උදේ 08.19න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබා පවතී. පරිඝ යෝගය දහවල් 11.13න් ගෙවී ශිව යෝගය ලබයි. ගරජකරණය උදේ 08.19න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 07.46න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – හිස

අමෘත කලාව – නාසය

මරු – ගිනිකොණ

යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

 

දෙසැම්බර් 23 සෙනසුරාදා

ධනු රවි 08 භාග උඳුවප් පුර දොළොස්වක ලත් ශනි දින, ඉර උදාව 06.18 ඉර බැසීම 06.01 බෙරණ නැකත රාත්‍රී 09.22න් ගෙවී කැති නැකත ලබයි. උඳුවප්පුර එකොළොස්වක තිථිය උදේ 07.14න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. ශිවයෝගය උදේ 09.09න් ගෙවී සිද්ධ යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 07.14න් ගෙවී බවකරණය ලබා එය සවස 06.50න් ගෙවී බාලව කරණය උදාව පවතී.

විෂ කලාව – බැම

අමෘත කලාව – කන

මරු – නැඟෙනහිර

යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

 

දෙසැම්බර් 24 ඉරිදා

ධනු රවි 09 භාග උඳුවප් පුර තෙළෙස්වක ලත් රවි දින ඉර උදාව 06.18 ඉර බැසීම 06.01 කැති නැකත රාත්‍රි 09.23න් ගෙවී රෙහෙණ නැකත ලබයි. උඳුවප් පුර දොළොස්වක තිථිය උදේ 06.26න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. සිද්ධ යෝගය උදේ 07.19න් ගෙවී සාධ්‍ය යෝගය ලබා පවතී. බාලවකරණය උදේ 06.26න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 06.11න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව – බැම

මරු – උතුර යෝගිනි – දකුණ

සුබදිසාව – නැඟෙනහිර

 

දෙසැම්බර් 25 සඳුදා

ධනු රවි 10 භාග උඳුවප් පුර තුදුස්වක ලත් සඳු දින ඉර උදාව 06.19 ඉර බැසීම 06.02 රෙහෙණ නැකත රාත්‍රි 09.42න් ගෙවී මුවසිරස නැකත ලබයි. උඳුවප් පුර තෙළෙස්වක තිථිය අලුයම 05.57න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය අලුයම 05.42න් ගෙවී ශුභ යෝගය ලබයි. තෛතිල කරණය උදේ 07.57න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.53න් නිමාවී වණිජ කරණය උදාව පවතී.

විෂ කලාව – ඇස

අමෘත කලාව – නළල

මරු – වයඹ

යෝගිනි – බටහිර

සුබදිසාව – දකුණ

 

දෙසැම්බර් 26 අඟහරුවාදා

ධනු රවි 11 භාග උඳුවප් පුර පසළොස්වක ලත් කුජ දින ඉර උදාව 06.19 ඉර බැසීම 06.03 මුවසිරස නැකත රාත්‍රි 10.25න් ගෙවී අද නැකත ලබයි. උඳුවප් පුර තුදුස්වක තිථිය අලුයම 05.48න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. ශුභ යෝගය අලුයම 04.23න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.48න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 05.56න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – හිස්මුදුන

මරු – බටහිර

යෝගිනි – වයඹ

සුබදිසාව – දකුණ

 

දෙසැම්බර් 27 බදාදා

ධනු රවි 12 භාග උඳුවප් අව පෑලවිය ලත් බුධ දින ඉර උදාව 06.20 ඉර බැසීම 06.03 අද නැකත රාත්‍රි 11.32න් ගෙවී පුනාවස නැකත ලබයි. උඳුවප් පුර පසළොස්වක තිථිය අලුයම 06.05න් ගෙවී උඳුවප් අව පෑළවිය තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය අලුයම 03.23න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. බවකරණය උදේ 06.05න් ගෙවී බාලවකරණය ලබා එය සවස 06.26න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – හිස

මරු – නිරිත

යෝගිනි – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

දෙසැම්බර් 28 බ්‍රහස්පතින්දා

ධනු රවි 13 භාග උඳුවප් අව දියවක ලත් ගුරු දින ඉර උදාව 06.20 ඉර බැසීම 06.03 මෙදින පුනාවස නැකත දවස පුරාම යෙදී පවතී. උඳුවප් අව පෑළවිය තිථිය උදේ 06.49න් ගෙවී පුර දියවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය අලුයම 02.43න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබා පවතී. කෞලව කරණය උදේ 06.49න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රි 07.24න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව – තනය

අමෘත කලාව – නළල

මරු – දකුණ

යෝගිනි – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.