සතියේ පඤ්චාංගය

අගෝස්තු 18, 2023

 

ශකවර්ෂ 1945ක් වූ සිංහ රවි 02 භාග නිකිණි පුර දියවක තිථිය ලත් කිවි දින සිට එම රවි 08 භාග නිකිණි පුර අටවක ලත් ගුරු දින දක්වායි.

 

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි – සිංහ

කුජ – සිංහ (18 දා සවස 03.53 කන්‍යා)

බුධ – සිංහ

ගුරු – මේෂ

ශුක්‍ර – කටක

ශනි – කුම්භ

රාහු – මේෂ

කේතු – තුලා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – මා

කුජ – උත්‍රපල්

බුධ – පුවපල් (19 දා උදේ 07.30ට උත්‍රපල්)

ගුරු – බෙරණ

ශුක්‍ර – අස්ලිස

ශනි – සියාවස

රාහු – අස්විද

කේතු – සිත

යුරේනස් – කැති

නැප්චූන් – පුවපුටුප

 

පෝය

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා අලුයම 03.31න් පුර අටවක ලබා 25 සිකුරාදා අලුයම 03.10න් ගෙවේ. 24 බ්‍රහස්පතින්දා සිල්

 

 

 

චන්ද්‍ර චාරය

 

අගෝ. 19 දා අලුයම 05.42 කන්‍යා

අගෝ. 21 දා සවස 05.28 තුලා

අගෝ 24 දා අලුයම 02.53 වෘශ්චික

 

 

 

දිනූ තත්ත්වය

අගෝස්තු 18 සිකුරාදා

 

සිංහ රවි 02 භාග නිකිණි පුර දියවක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.25 පුවපල් නැකත රාත්‍රි 10.58න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. නිකිණි පුර දියවක තිථිය රාත්‍රි 08.02න් ගෙවී පුර තියවක තිථිය ලබයි. ශිව යෝගය රාත්‍රි 08.27න් ගෙවී සිද්ධ යෝගය ලබයි. බාලවකරණය උදේ 06.51න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 08.02න් ගෙවී තෛතිල කරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – පතුල

මරු – ගිනිකොණ

යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

 

අගෝස්තු 19 සෙනසුරාදා

සිංහ රවි 03 භාග නිකිණි පුර තියවක ලත් ශනි දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.24 උත්‍රපල් නැකත දවස පුරාම යෙදී පවතී. නිකිණි පුර තියවක තිථිය රාත්‍රි 10.20න් ගෙවී පුර ජලවක තිථිය ලබා පවතී. සිද්ධ යෝගය රාත්‍රි 09.18න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. තෛතිලකරණය උදේ 09.13න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 10.20න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – කෙණ්ඩ

මරු – නැඟෙනහිර

යෝගිනී – ගිනිකොණ

සුබ දිසාව – දකුණ

 

අගෝස්තු 20 ඉරිදා

 

සිංහ රවි 04 භාග නිකිණි පුර ජලවක ලත් රවි දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.24 උත්‍රපල් නැකත අලුයම 01.48න් ගෙවී හත නැකත ලබා පවතී. නිකිණි පුර ජලවක තිථිය දවස පුරාම යෙදී ඇත. සාධ්‍ය යෝගය රාත්‍රි 09.57න් ගෙවී ශුභ යෝගය ලබයි. වණිජකරණය උදේ 11.23න් ගෙවී විෂ්ටිකරණය ලබා පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – දණහිස

මරු – උතුර

යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

 

අගෝස්තු 21 සඳුදා

සිංහ රවි 05 භාග නිකිණිපුර විසේනිය ලත් සඳු දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.23 හත නැකත අලුයම 04.22න් ගෙවී සිත නැකත ලබයි. නිකිණි පුර ජලවක තිථිය අලුයම 12.22න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. ශුභ යෝගය රාත්‍රි 10.19න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 12.22න් ගෙවී බවකරණය ලබා එය දහවල් 01.14න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව – ඇස

අමෘත කලාව – ලිංග, යෝනි

මරු – වයඹ

යෝගිනී – දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

 

අගෝස්තු 22 අඟහරුවාදා

 

සිංහ රවි 06 භාග නිකිණිපුර සැටවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.23 සිත නැකත උදේ 06.32න් ගෙවී සා නැකත ලබයි. නිකිණි පුර විසේනිය තිථිය අලුයම 02.00න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය රාත්‍රි 10.15න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. බාලව කරණය අලුයම 02.00න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 02.35න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව – කන

අමෘත කලාව – පෙකණිය

මරු – බටහිර

යෝගිනී – බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

 

අගෝස්තු 23 බදාදා

 

සිංහ රවි 07 භාග නිකිණි පුර සතවක ලත් බුධ දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.23 සා නැකත උදේ 08.07න් ගෙවී විසා නැකත ලබයි. නිකිණි පුර සැටවක තිථිය අලුයම 03.06න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය රාත්‍රි 09.41න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. තෛතිල කරණය අලුයම 03.06න් ගෙවී ගරජ කරණය ලබා එය සවස 03.20න් ගෙවී වණිජ කරණය උදාව පවතී.

විෂ කලාව – බැම

අමෘත කලාව – ලැම

මරු – නිරිත

යෝගිනී – වයඹ

සුබ දිසාව – දකුණ

 

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා

 

සිංහ රවි 08 භාග නිකිණි පුර අටවක තිථිය ලත් ගුරු දින, ඉර උදාව 06.04 ඉර බැසීම 06.22 විසා නැකත උදේ 09.02 න් ගෙවී අනුර නැකත ලබා පවතී. නිකිණි පුර සතවක තිථිය අලුයම 03.31න් ගෙවී පුර අටවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය රාත්‍රි 08.32න් ගෙවී වෛධෘති යෝගය ලබයි. වණිජ කරණය අලුයම 03.31 න් ගෙවී විෂ්ටි කරණය ලබා එය සවස 03.22 න් ගෙවී බව කරණය උදාව පවතී.

විෂ කලාව – නළල

අමෘත කලාව – තනය

මරු – දකුණ

යෝගිනී – ඊසාන

සුබ දිසාව – උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.