තත්කාල කේන්ද්‍රයෙන්ද විවාහය ගැන කියන්න පුළුවන්

අගෝස්තු 11, 2023

 

“කවද විතර බඳීන්න පුළුවන් වෙයිද කියා ප්‍රශ්නයක් මතු කළහොත් අප බලාපොරොත්තු වන්නේ ජන්ම පත්‍රය බලා එයට පිළිතුරක් දීමටයි. “කේන්දරය ගෙනාවෙ නැහැ හෝ “කේන්රදයක් හදල නැහැ“ යයි කිවහොත් අපට පහසුවෙන්ම තත්කාල කේන්‍ද්‍රයක් සකස්කර පිළිතුරු ලබාදිය හැකිවෙයි.

තත්කාල කේන්‍ද්‍රය සකස් කිරීමෙන් පසුව, එහි සඳුගේ පිහිටීම ගැන බලා ප්‍රශ්නය නිවැරැදිව විමසා ඇත්තේදැයි නිගමනය කළ හැකය. ප්‍රශ්නය පැහැදිලිව විමසා ඇත්තේ නම්, එයට නිවැරැදි පිළිතුරක් ලැබෙන බවට විශ්වාසයක් ඇතිවෙයි.

තත්කාල කේන්‍ද්‍රයක ද 7 වැනි භාවය මඟින් විවාහ සහකරු පෙන්වයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව පරීක්‍ෂා කිරීමට, තත්කාල කේන්ද්‍රයේ 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා බලන්න. තත්කාල කේන්ද්‍රයේ 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා, එහි 7 වැනි හෝ 2 වැනි හෝ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි නම්, ප්‍රශ්නකරු විවාහවීමේ වාසනාව ලබයි. විවාහවීමේ වාසනාව ලබා ඇති තත්කාල කේන්‍ද්‍රයක 7 වැනි 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී, ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟවන විට ප්‍රශ්නකරුගේ විවාහය සිදුවෙයි.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයා 1 වැනි භාවය හිමිව 7 වැනි භාවයේ තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයා රවිගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රවි 2 වැනි භාවයේ අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ අනුව මෙම තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයා, ප්‍රශ්නකරුගේ සිතෙහි පැවති අදහස වන විවාහය ගැන කියයි. ඒ අනුව ප්‍රශ්නය පැහැදිලිව විමසා ඇත්තේ යැයි නිගමනය කළහැකි වන අතර, එයට නිවැරැදි පිළිතුරක් ලැබෙන බවට විශ්වාසයක් ඇතිවෙයි.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ 7 වැනි භාවය, ශනි හිමි කුම්භ රාශියේ, රවි හිමි නක්‍ෂත්‍රයේ සහ කේතු හිමි උපස්ථානයක යෙදී ඇත. උපස්ථානයේ අධිපති කේතු ග්‍රහයා. 4 වැනි භාවයේ සහ සිකුරු හිමි තුලා රාශියේ, කුජ හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. සිකුරු ග්‍රහයා 4 වැනි සහ 11 වැනි භාව අධිපතිව, 2 වැනි භාවයේ සිංහ රාශියේ තැන්පත්ව සිටියේය. කුජ ග්‍රහයා 5 වැනි සහ 10 වැනි භාව අධිපතිව, 2 වැනි භාවයේ සිංහ රාශියේ තැන්පත්ව සිටියේය. මෙසේ 7 වැනි භාවයේ උපස්ථානයේ අධිපති කේතු ග්‍රහයා. 2 වැනි, 7 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකුවන හෙයින් ප්‍රශ්නකරු ගේ විවාහය සිදුවන බව තහවුරු කළ හැකය. ප්‍රශ්නකරුගේ විවාහය සිදුවන්නේ මෙම භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී, ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟවන විටයි.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ 7 වැනි භාවය, අධිපති ග්‍රහයා ශනිය. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක රවි තැන්පත්ව සිටියි. 7 වැනි භාවයේ සඳු සහ ශනි තැන්පත්ව සිටියි. සඳුගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

තත්කාල කේන්‍ද්‍රයේ 2 වැනි භාවය, අධිපති ග්‍රහයා රවිය. රවි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සඳු තැන්පත්ව සිටියි. 2 වැනි භාවයේ සිකුරු, කුජ සහ බුධ තැන්පත්ව සිටියි. සිකුරුගේ නක්‍ෂත්‍රවල කුජ සහ ගුරු ග්‍රහයන් තැන්පත්ව සිටියි. කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක කේතු තැන්පත්ව සිටියි. බුධගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

තත්කාල කේන්‍ද්‍රයේ 11 වැනි භාවය, අධිපති ග්‍රහයා සිකුරුවිය. සිකුරුගේ නක්‍ෂත්‍රවල කුජ සහ ගුරු ග්‍රහයන් තැන්පත්ව සිටියි. කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක කේතු තැන්පත්ව සිටියි. 11 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ 7 වැනි. 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ශනි, රවි, සඳු, කුජ, බුධ, කේතු, සිකුරු සහ ගුරු යන ග්‍රහයෝ වෙති. පාලක ග්‍රහයන් බොහෝ දෙනෙකු සිටින අවස්ථාවලදී, ඔවුන්ගෙන් වඩාත් ඵලදායී නිවේදක ග්‍රහයන් තෝරාගැනීම සඳහා පාලක ග්‍රහයන් උපයෝගී කරගන්න. ප්‍රශ්න අවස්ථාවේ පාලක ග්‍රහයන් වූයේ කුජ. ශනි, රවි, සිකුරු, ගුරු සහ කේතු වෙති. මෙම ග්‍රහයන් අතරෙන් පොදු ග්‍රහයන්, වඩාත් පලදායී නිවේදක ග්‍රහයන් වෙති. මෙම තත්කාල කේන්‍ද්‍රයේ, ක්‍රිස්තු වර්ෂ 2024 ජූනි මාසයේ 07 වැනි දින සිට 2025 ජනවාරි මාසයේ 06 වැනි දින දක්වා සඳුගේ මහ දශාවේ, කුජගේ භුක්තිය පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2024 ජූනි මාසයේ 19 වැනි දින සිට 2024 ජූලි මාසයේ 21 වැනි දින දක්වා සඳුගේ මහ දශාවේ, කුජගේ භුක්තිය සහ රාහු අන්තරය පවතියි.

මෙම කාල සීමාව තුළ ප්‍රශ්නකරුගේ විවාහය සිදුවෙයි. දශාව අධිපති සඳු ග්‍රහයා, 2 වැනි සහ 7 වැනි භාව නිවේදක ග්‍රහයකුව රවිගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රවි ග්‍රහයා, 2 වැනි සහ 7 වැනි භාව නිවේදක ග්‍රහයකුව සිටියි. ඒ නිසා සඳුගේ මහ දශාවේදී ප්‍රශ්නකරුගේ විවාහය සිදුවෙයි.

භුක්තිය අධිපති කුජ ග්‍රහයා, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකුව සිකුරුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. සිකුරු ග්‍රහයා, 1 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකුව සිටියි. ඒ නිසා සිකුරුගේ භුක්තියේදී ප්‍රශ්නකරුගේ විවාහය සිදුවෙයි. අන්තරය අධිපති රාහු ග්‍රහයා, කුජ සහ කේතුගේ නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක වන

හෙයින් විවාහය සඳහා යහපත්ය. මේ දශාව සහ අතුරු දශා අධිපති ග්‍රහයන්ගේ සහ දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන් අධ්‍යයනය කළවිට විවාහය සිදුවන දිනය නිගමනය කළ හැකය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.