ගුණධර්ම හඳුනන දෛව අංක 9 හිමි අය

අගෝස්තු 26, 2022

ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස සලකනු ලබන අඟහරු ග්‍රහයා දෛව අංක 9 යට අයත් වෙයි. ඇත්ත වශයෙන්ම වෙනත් අංකයක නැති පුදුමාකාර මෙන්ම අදෘෂ්‍යමාන බලයක් අංක 9 ඉලක්කමට තිබේ. දෛව අංක 9ය එකතු කළත්, නොකළත් ගුප්ත අංකය වෙනසක් නොවීම එක බලයකි. එමෙන්ම අංක 9යෙන් වැඩි කරන ඕනෑම ගණනක ගුප්ත අංකය 9 වීම තවත් කරුණකි.

හදපත්ලෙන්ම මානසික තලයේ ඉහළම අගය ඇති මෙම අංකය ස්වාධීනත්වය මෙන්ම සාධාරණත්වය උදෙසා උපරිමයෙන්ම බලපා තිබේ.

මගේ දිගුකාලීන අත්දැකීම සහ අවබෝධය අනුව පෙනී යන කාරණයක් වන්නේ දෛව අංක 9 යෙන් උපත ලද අය වෙනත් කිසිවකට දෙවෙනි නොවන බවයි.

මෙම අංකයෙන් උපත ලද අය උට්ඨාන වීර්යෙන් යුතු ඉතා යහපත් අයෙකු ද වේ. එළඹ ගත් තීරණයක් පහසුවෙන් වෙනස් නොකරන ගති තිබේ.

තවද මෙම අංකයෙන් උපත ලද අය කතා කිරීමේ ශක්තිය, සාධාරණ බව හා යුක්ති ගරුක බවෙන් ද පෝෂණ වූ මානව ධර්ම අගයන මිනිසෙකු වේ.

ඉතා අනුකම්පා සහගත චරිත ලක්ෂණයෙන් යුත් දෛව අංක 9 ය හිමියා ලෙඩුන්ට දුප්පත් අසරණයින්ට උදව් උපකාර කිරීමට දැඩි කැමැත්තක් දක්වයි.

සමාජයේ ඉහළ තත්ත්වයේ කෙනෙකු වුවහොත් රට, ජාතිය, ආගම වෙනුවෙන් තම ජීවිත අවධානය ද නොතකා කටයුතු කරනු ලබන ගති තිබේ.

දෛව අංක 9 ය හිමියන්ගේ ඉතා දුර්වල කමක් ලෙස දක්නට තිබෙන්නේ බොහෝවිට තරුණ අවධියේ පවතින රාඟික බවයි. ජන්මියා දුර දර්ශිව ක්‍රියා නොකළොත් පෙම් සමබඳතා කීපයකම පැටලී චරිත ඝාතනවලට පවා ගොඳුරු වීමට වැඩි අවකාශයක් ඇති බව පෙන්වා දෙමි.

කෙසේ වුවද මෙම අංකයෙන් ඡන්ම ලාභය ලද වැඩිදෙනෙක් තරුණ අවධියෙන් පසුව කළ කිරීමට පත් වී ලෞකික සම්පත් හැර දමා අධ්‍යාත්මික පසුතලයකට හැරී ක්‍රියාකරන බව දක්නට පුළුවන.

දෛව අංක 9 ය හිමි අයට කුමන මාසයක හෝ සුබ දිනයක් සෙවීමේදී 9, 18, 27 යන දින යහපත උදා කරයි. ( කෝණ මාසයෙන් තොර මාසක නම් වඩාත් ශුභයි)

තවද දෛව අංක 9 යෙන් උපත ලබා ස්වකීය ජීවිතය අති විශිෂ්ඨත්වයට පත් කර ගත් කීපදෙනෙකු පහත සඳහන් කරමි.

අනගාරික ධර්මපාල තුමා 1864.09.17 = 18 - 9 යි

එස්.ඩබ්ලිවි ආර්.ඩී. බණ්ඩාරනායක මයා 1899.01.08 = 18 - 9 යි

ටිබෙට් ජාතික මහින්ද හිමි 1901.02.05 = 18 - 9යි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.