වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
උපතින් යම් අයෙකුගේ කේන්ද්‍රයේ දශවැන්නේ බල සහිතව ගුරු, සිකුරු, පුර සඳු ආදී සෞම්‍ය ග්‍රහයෙක් යෙදී ඇත්නම් සමාජය තුළ අනාගතයේ ඉතා ප්‍රසිද්ධ ජනහිතකාමී ප්...
2019-12-19 18:30:00
බුදුදහමට අනුව ප්රතිසන්ධි චිත්තය හේතු කොට ගෙන උපත සිදුවේ. සත්වයාගේ උපත සොබාදහමේ උසස් ක්‍රියාවකි. මෙහි මූලික අවස්ථාව මනසත් භෞතික ක්‍රියාවත් එක් තැන්...
2019-12-12 18:30:00
විශේෂයෙන් ඔය නිමිති ගැන කතා කරන කොට ගැඹුරු ඡ්‍යොතිෂයේ නිමිති නමයක් ගැන මූලිකව සඳහන් කරනවා. ඒවා නමින් 1. ආගන නිමිත්ත 2. ගත නිමිත්ත 3. දර්ශන නිමිත්ත 4...
2019-12-12 18:30:00
විවාහය යනුවෙන් අර්ථ ගන්වන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු එක්ව ජීවත්වීම සඳහා ගිවිස ගැනීමකි. විශ්වාසය වාසනාව හරි දැක්ම, යහපත යන පදනම මත සකස්ව ඇති විවාහය...
2019-12-12 18:30:00
ග්‍රහ මාරුවීම්, ග්‍රහ වක්රවීම්, ග්‍රහ යුද්ධ, සංක්‍රාන්ති නිරන්තරයෙන් සිදුවන කාලයක අපගේ හඳහන් වල ද ග්‍රහ බලපෑම් නිරන්තර වෙනස්වීමකට ලක් වේ.එවැනි...
2019-12-05 18:30:00
සරස්වතී ස්තෝත්රයසරස්වතී නමස්යාමි චේතනාම් හෘදි සංස්ථිතාම්කණ්ඪස්ථාම් පද්මයෝනිම් ත්වාම්ශ්රීං කාරාං සුපි්රයාංසදා මතිදාම් වරදාම් වෛව සර්වකාම්...
2019-11-28 18:30:00
කේන්දරයක එක රාශියක ග්‍රහයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම සංයෝගයයි කියති. එකරාශියක ග්‍රහයන් දෙදෙනෙක් සිටියත් අංශක 28 දුරින් සිටියහොත් නියම පල...
2019-11-28 18:30:00
ගුරු ග්‍රහයා මීන රාශි ගතව සිටීමෙන් භූමිපාල යෝගය යෙදෙයි. මෙකී යෝගය 2,55,9,11 යන භාවයක යෙදි ගුරු මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලැබු කල ජන්මියා ගේ අතමිට...
2019-11-28 18:30:00
මිනිසාගේ සියලු කටයුතු සඳහා මුල්වන්නේ සිතය. ඒ බැව් බුද්ධ දේශනාවේ ද සඳහන් වේ. සඳු බලවත් වූ දිනයක, මොහොතක උපන් බුදුන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම,...
2019-11-21 18:30:00
විවිධ ගුරුකුල අනුව, නිවාස සෑදීම, ළිං කැපීම, පතල් කැපීම, විහාර දේවාල සෑදීම, නේත්‍රා තැබීම, නිවාසවල ඇතිවන දෝෂ ආදිය කියාද තබන භෛරව පූජා ආදිය අද බොහෝ...
2019-11-21 18:30:00
සත්වයාගේ උත්පාදනයට ප්‍රධාන හේතුව කර්මයයි. කර්මය යනු ක්‍රියාත්මක ශක්තියයි. එක් එක් පුද්ගලයාගේ කර්මය වශයෙන් සඳහන් කරන විට එය පොදු ධර්මතාවක් වශයෙන්...
2019-11-14 18:30:00
මකර, කුම්භ, වෘෂභ, තුලා, භාග්‍ය උදා වේ.මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල නැකත දෙක පාදය ද වෙශී වොශී, උභයචාරී, අමල බුධ ආධිත්‍යය සකට සදා සංචාර, ගුරු ශනි...
2019-11-14 18:30:00
භූත විද්‍යාවේ හොඳ ගැනම කතා කරනවා මෙන්ම අති බිහිසුණු නරක පැතිකඩ ගැනද කතා කළ යුතු වෙයි. මා අද සටහන් කරනුයේ භූත විද්‍යාවේ අෂ්ඨ කර්මවලට අයත් මාරණ,...
2019-11-07 18:30:00
මුල් පිටුව හා සම්බන්ධයිහිතවත් ඡ්යොතිෂඥයකු සමඟ සිදුකෙරුණු සුහද සංවාදයකදී “අපේ රටට කෙසේදැයි?” මා ඔහුගෙන් විමසුවෙමි. ඉදිරි කාලගුණය පිළිබඳව තොරතුරක්...
2019-11-07 18:30:00
කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන ශක්ති දෙවගණා වූ දුර්ගා දේවිය ප්‍රධාන කොට පවත්වනු ලබන නව රාත්‍රී පූජාව ඊශ්වර දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ පි‍්‍රය භාර්යාව...
2019-11-07 18:30:00
චන්ද්‍රයා යනු දිව්‍ය මාතාවයි. පෘථිවියේ වාසය කරන්නාවූ සියලු සත්වයන්ගේද ගස්වැල් ආදියේ පමණක් නොව ගල් ,ජලය ආදියේද වෙනස්කම් වීම චන්ද්‍රයා නිසාම සිදුවේ....
2019-11-07 18:30:00