වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
වා,පිත්, සෙම් දෝෂ සඳහාද ග්‍රහයෝ අධිපතිතා දක්වති. වාතයට සඳු කිවිද, පිතට රවි කුජද සෙමට ගුරුද අධිපතියෝ වෙත්. බුධ ත්රිදෝෂයටම බලපායි. ශනි සියලු වාත...
2019-10-31 18:30:00
තමාට ස්වක්ෂේත්ර රාශිභවනක් වූ ධනු රාශියෙන් බලවත් වූ ගමනක යෙදී සිටින බ්‍රහස්පති සමඟ ධනු රාශියෙහිම ගමන් ඇරඹූ සිකුරු ග්‍රහයන් අතර ග්‍රහ යුද සංග්‍රාමයක්...
2019-10-31 18:30:00
වින කටිනවා කියන්නෙ සරල භාෂාවෙන් ගුප්තවේදය උපයෝගී කරගෙන තවකෙකුට අයහපතක් ළඟා කර වීමයි. විශේෂයෙන් එය අදෘශ්‍යමාන කර අදෘශ්‍යමානව ප්‍රතිඵල ලබා දෙනවා. විණ...
2019-10-24 18:30:00
පොළොවට අධිගෘහිත ප්‍රධානියා ලෙස නම් ලබා සිටින බහිරව දේවතාවා ආදියේ සිටි මහාධනකුවේරයන් තම ධනය සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පොළොව යට වළලා ආකර්ෂා...
2019-10-24 18:30:00
ඔබට රටට කොහොමද? අවිචාර සමයක් වුවත්, ගුරුගේ ගෙදරට ගුරු යන ගමනේ ශනි ග්‍රහයා එහි සිටීම හොඳ සම්බන්ධයක් ඇතිව ඵලදායක කාලයකට මුල පිරෙනු ඇත. ‘ගුරු ශනි යෝගය’...
2019-10-17 18:30:00
ජෝති යනු ජ්වලිතවීමයි. ලෝකයේ ජ්වලිතවීම් මහා රාශියකි. රන් අභරණ , මුතු මැණික් , ගින්දර, විදුලිය, හිරු සඳු යනාදී බොහොමයක් ජ්වලිත වන බව අපේ දෑසින් දැකිය...
2019-10-17 18:30:00
දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිතදිසාසු දස භාගෙසු ඨිතා බුද්ධානු භාවතො වෙරපිඅන්තරායාපි විනස්සන්ති අසෙසතො එවමාදි ගුණොපෙතං පිරිත්තං තං භණාමහෙ...
2019-10-17 18:30:00
මලල්ගොඩපිටිය දිල්රුක්ෂිවයස 32 අනාගතය කෙසේද?පිළිතුර - ධනු ලග්න වෘශ්චික නවාංශක දෙනට නැකත දැනට දසාව ගුරු, ගුරු ඔබේ ලග්නාධිපතියාද වන අතර 22 වන දෙර්කාණ...
2019-10-10 18:30:00
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු...
2019-10-10 18:30:00
මෙලොව උපදින සෑම සත්වයෙකුටම මරණය නියත වේ. එහෙත් මේ මරණය සිදුවන ආකාරය විවිධාකාර වේ. ඇතැමෙකු ජීවිතයේ පරමායුෂ බුක්ති විඳින අතර තවත් කෙනෙකු අකාලයේ මිය යන...
2019-10-10 18:30:00
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% - 30% අතර ජනතාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණ වාර්තා මඟින් හෙළිදරව් කර ඇත. දියවැඩියා රෝගය ඉතාම දුක්ඛදායක ප්...
2019-10-03 18:30:00
උත්පත්තියෙන් ගෙනා ශුභ අශුභ ප්‍රකාශ කලාට සිදුවන කාල වකවානුව කියන්නෙ තත්කාල කේන්දරයෙන්. ඒවා ග්‍රහයන්ගෙ කිව්වට ග්‍රහ කිරණ වල බලපෑමක් නැත්නම් බලපෑම් ....
2019-10-03 18:30:00
උත්පත්තියෙන් ගෙනා ශුභ අශුභ ප්‍රකාශ කලාට සිදුවන කාල වකවානුව කියන්නෙ තත්කාල කේන්දරයෙන්. ඒවා ග්‍රහයන්ගෙ කිව්වට ග්‍රහ කිරණ වල බලපෑමක් නැත්නම් බලපෑම් ....
2019-10-03 18:30:00
හවුලේ කටයුතු නොකර අදමිටු මිතුරා පිටුදැකතනියම දියුණු වෙන්නට සත්පුරුෂයකුට දෛවඥයකු දුන් නැකත“අහන්ඩ කියන්ඩ දෙයක් නැහැනේ. මාව හම්බවෙන්න නොයෙක් ජාතිවල අය...
2019-10-03 18:30:00
මාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසා දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මාපියන් මොනතරම් වෙහෙසක් කැපකිරීමක් කරනවාද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා...
2019-10-03 18:30:00
මතුගම සංජීවනී වයස 37පිළිතුර – පුවසල නැකත දැනට දසාව රාහු ලග්නාධිපති බුධ ස්වක්ෂේත්ර බලයෙන් යුක්තව ලග්නයේම සිටීමෙන් භද්‍ර යෝගය උදා කර ගෙන ඇත. උගත්කමට...
2019-09-26 18:30:00