වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
කාමුක සහ දූෂිත පුද්ගලයන් බිහිකරන ග්‍රහ සංයෝග
කේන්දරයක එක රාශියක ග්‍රහයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම සංයෝගයයි කියති. එකරාශියක ග්‍රහයන් දෙදෙනෙක් සිටියත් අංශක 28 දුරින් සිටියහොත් නියම පල නොලැබේ.රාශි දෙකක වුවත් අංශක දෙකක් වැනි කිට්ටුවකින් ග්‍රහයන් සිටීනම් නියම සංයෝග පල ලැබේ.
සාමාන්‍ය වශයෙන් එක් ග්‍රහයකුට අයත් රශ්මි මණ්ඩලය ඇතුළත තවත් ග්‍රහයකු හෝ කීප දෙනෙකු සිටි විට එම සංයෝගයේ නියම ඵල ලැබේ.
සංයෝග ඵල ශුභ හෝ අශුභ වීමට පුළුවන. ඒවා කෙන්දරයේ ස්ථාන සහ රාශි අනුවද වෙනස් වේ. තව ද ග්‍රහයන්ගේ බල දුබලතා අනුවද වෙනස් වේ.
ග්‍රහයන් රාශි දෙකක වුවත් එකම නැකතේ නම් සංයෝගයක් සේ සැලකේ. නරක සහ දූෂිත ගතිගුණ ඇති ජන්මීන් බිහිකරන ග්‍රහ සංයෝග කීපයක් පිළිබඳව අවධානය යොමුකර බලමු.
රවි – සිකුරු සංයෝගය
කෙනෙකුගේ ජන්ම කේන්දරයක රවි සිකුරු සංයෝගය බලවත්ව යෙදී තිබුණහොත් එම ජන්මියා සංගීත ශාස්ත්‍රයට ඇලුම් කරන ඒ පිළිබඳව දැනුමක් ලබන්නෙකි. ලස්සනට ඇඳුම් පැළඳුම් අඳින ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර ලබන්නෙකි. විවාහයද යහපත් වේ.
එහෙත් මෙම ග්‍රහයන් දුබලව සංයෝගය නරකට පිහිටියහොත් ඉහත සියල්ල අනික් පැත්තට හැරේ. පි‍්‍රය හෝ අපි‍්‍රය කරන කිලිටු කෙනෙක් වේ. අඹුදරුවෝ අසරණ වේ. පවුල් කීපයක් වේ. ස්ත්‍රින්ගෙන් අධික ලෙස කරදර ඇතිවේ. ඇස් ලෙඩ සෑදේ.
සඳු කුජ සංයෝගය
මෙම ග්‍රහ සංයෝගයට සම්බන්ධ ග්‍රහයන් දෙදෙනා බලවත්ව සිටීනම් සංයෝගය ශුභ පල දෙයි . එනම් යහපත් ශරීර සෞඛ්‍ය සෙල්ලමට පී්රතිවීමට කැමැති අය වේ. දිනීම්වලට දක්ෂයෙකි.
ග්‍රහයන් දුබලව සංයෝගය නරක් වුවොත් නොසැලකිලිමත්කම ගරු සරු නැතිකම ඉවසිලි නැතිකම ඇතිවේ. දූෂිත ක්‍රියාවලට යොමුවීම සිදුවේ. නරක ප්‍රසිද්ධියක් ඇතිවේ. ලෙඩ රෝග ඇතිකරගනී. ස්ත්‍රීන් නිසාත් මත් පැන් නිසාත් විනාශයට පත්වේ. විපත්ති සිදුවේවි. පාප ක්‍රියා සෙල්ලමක් ලෙස සලකන්නෙක් වේ. ස්ත්‍රී කේන්දරයක මෙම යෝගය පිහිටියහොත් ඉතාම නරකය. පුරුෂයකුගේ නම් තම භාර්යාවට අපල ඇතිවේ.
සඳු බුධ සංයෝගය –
සඳු, බුධ සංයෝගය බලවත්ව යහපත් තැනක තිබේ නම් හොඳ වාග් ශක්තියක් ඇති කරයි. සිත නිතර වෙනස් වේ. ස්ථිරකමක් නැත. මෙම සංයෝගය නරක්වුවොත් ඉතා නරකය. දූ කෙලියට මත්පැනට හොරකමට යොමු වන කෙනෙකු වේ. අනාචාරශීලිවේ. අන් අය රවටන අයයි. මේ අයට ස්ත්රින් රැවටේ. භයානක පුද්ගලයන් වේ.
සඳු – ගුරු
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>