වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ශක වර්ෂ 1942 කන්‍යා රවිය 2020 සැප්තැම්බර් මස 16 වෙනි දින 19.08 පැයට හිරු කන්‍යා රාශියට පැමිණීමෙන් උදාවන අතර, එය ඔක්තෝම්බර් මස 17 වෙනි දින 07.05 පැය...
2020-09-03 18:30:00
ක්රිෂ්ණ මූර්ති පඬිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම ක්රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමය අද සමාජයේ මිනිසාට තමාගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදා ගත හැකි අමරණීය...
2020-09-03 18:30:00
ඡ්‍යොතිෂය යනු බැබලීම යන සිංහලාර්ථය ගම්‍ය කරවයි. යමක් බැබලීමට නම් ආලෝකයක් පරාවර්ථනය විය යුතුමය. ආලෝකයෙන් තොරව බබලන කිසිම වස්තුවක් විශ්වයේ නැත. ...
2020-09-03 18:30:00
එසේම දේව පූජා හා සෙත්කවි කටයුතු වලට ප්‍රථමව හැකි ආකාරයෙන් පූජා භූමියේ වත් පිළිවෙත් කර ඔබ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කර ලබා ගන්නා පිං දෙවියන්ට අනුමෝදන්...
2020-08-27 18:30:00
අපගේ ජන්ම පත්‍රයේ නැතිනම් හඳහනේ රාශි 12 කින් යුත් කොටු 2ක් දක්නට ඇත. එය ලග්නය හා නවාංශකය ලෙසින් අප හඳුන්වන්නේය. නමුත් අප සමාජයේ බොහෝ විට පලාපල...
2020-08-27 18:30:00
විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් සඳහා ලිව්වට අනිත් ලග්න හිමි පාඨක ඔබ උරණ වන්න එපා. ඒ අයටත් කලින් කලට කාලීනව අවශ්‍ය විස්තර ලියන්නම්. මේ අතරතුර ඡ්‍යොතිෂය...
2020-08-27 18:30:00
ගැහැනියගේ හෝ පිරිමියාගේ මුහුණේ ලස්සන පිළිබඳව නාසයේ හැඩය ද අතිශයින් බලපායි. පැරණි කවියෝ, ලේඛකයෝ, ස්ත්‍රියකගේ රූපශ්‍රීය වර්ණනා කරන තන්හි උස්වූ...
2020-08-27 18:30:00
මාතර හිත්තැටියේ හේවාවිතාරණගේ ඩිංගිරි අප්පුහාමිගේ වැඩිමහල් පුතණුවන් වූ කරෝලිස් දරුවාගේ වේලාපත්කඩය සෑදූ ඥාතිවරයකු ද වූ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට ඉන්...
2020-08-27 18:30:00
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය...
2020-08-27 18:30:00
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය...
2020-08-27 18:30:00
ග්‍රහ මඬුල්ලේ පෘථීවියට ඉතාමත් සමානකම් දක්වන කුජ හෙවත් අඟහරුට දවසක් ගතවීමට පෘථිවිය මෙන් ම පැය විසි හතරක් ගතවෙයි. ජන්මීය බලපෑම ගත් විට සහෝදර පාර්ශ්වය...
2020-08-20 18:30:00
ඡ්‍යොතිෂය වගේම ඉපැරණි විද්‍යාවක් තමයි ගුප්ත විද්‍යාව. ලෝකය තාක්ෂණයෙන් දියුණුව ලැබීමේදී මේ ගුප්ත විද්‍යාව ක්‍රමයෙන් වඳ වුණා කිව්වොත් නිවැරදියි. ඕනෑම...
2020-08-20 18:30:00
ලග්න දොළසටම සුබ යෝග මේෂ, කටක, මකර - රුචක යෝගය මිථුන, කන්‍යා, ධනු, මීන - භද්‍රා යෝගය ධනු, මිථුන, කන්‍යා, මීන - හංස යෝගයකටක, තුලා, මකර...
2020-08-20 18:30:00
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයෝ රාශි චක්‍රයේ ඉදිරියට ගමන් කරති. රාහු, කේතු දෙදෙනා හැම කලම ආපසු ගමන් කරන ග්‍රහයෝ ය. එසේ ගමන්...
2020-08-13 18:30:00
උපේන්ද්‍ර සහ බුධ ආධිත්‍යය පාරිජාත යෝග බලැතිව චන්ද්‍ර, සිකුරු, සුසං යෝගය, චන්ද්‍ර සිකුරු සප්තම දෘෂ්ඨිය, රවි කුජ සහ රවි ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය,...
2020-08-13 18:30:00
දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 32 භාග නිකිණි මහේ අවදොළොස්වක තිථියලත් අගෝස්තු 16 රිවිදින පෙරවරු 07.04 සිට පස්වරු 01.47 දක්වා පුනාවස නැකත බලැතිව...
2020-08-06 18:30:00