වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
මේෂ, කටක,තුලා, මකර, ලග්නවලින් උපදින අයට රුචක යෝගය මිථුන ලග්නයෙන් උපදින අයට ජන්මය උසස් වේසෑම ලග්නයකටම චන්ද්‍ර මංගල යෝගයද වෘශ්චික...
2020-08-06 18:30:00
වර්ෂ 2018 ජනවාරි මස 12 වෙනි සිකුරාදා දින මා විසින් ‘සුබසෙත’ පුවත්පතට ලියන ලද ‘ඡ්‍යොතිෂයෙන් ඈත්වන ලිත් හෝඩිය නම් ලිපියේ දිනය නැකතය තිථිය යෝගය කරණය...
2020-08-06 18:30:00
එදාට වඩා අද වන විට බොහෝ තරුණ තරුණියන්ගේ විවාහය ප්‍රමාදවී තිබෙන බැව් පෙනේ. සියලුම සුදුසුකම් ඇතත් විවාහ වීමේ වරම් නැති බවට පත්වී තිබේ. කාලීන ග්‍රහ දෝෂ...
2020-08-06 18:30:00
පුද්ගල කේන්දරයක අටවැන්න මේ සඳහා විශේෂ වේ. මෙය ලෞකික අපේක්ෂාවන් කුළුගන්වන ස්ථානය ලෙස සැලකේ. එම වින්දනීය අපේක්ෂාවන් ජීවිතය අනිෂ්ටත්වය කරා ගෙන යන...
2020-08-06 18:30:00
අප්‍රමාණ සෙත ශාන්තිය මනුෂ්‍ය වර්ගයා වෙත උදා කර දෙන උතුම් ඡ්‍යොතිෂ ශාස්ත්රයේ ග්‍රහ යෝග දහස් ගණනක් සඳහන්ව තිබේ. ඒවා අතුරින් ධර්ම කර්මාධිපති යෝගය ප්...
2020-07-30 18:30:00
යමෙකුගේ මුහුණේ ලස්සන සම්බන්ධයෙන් නිකටේ ස්වභාවය ද වැදගත් තැන් ගන්නා බව කිව යුතු වේ. උල් හැඩ ගත් නිකට, එල්ලා වැටුණු වැනි නිකට පැතලි වැනි නිකට, වළ...
2020-07-30 18:30:00
වර්ෂ 1868 පෙබරවාරි 13 වැනි දා පවුලේ දෙවැනි දරුවා වශයෙන් උපන් දොන් බාරොන්ට වයස හතර එළැඹෙනවාත් සමඟම පියා නැකතකට අකුරු කියවන්නට සැලසුම් කළේය. ගමේ...
2020-07-30 18:30:00
2020 අගෝස්තු 16 දින රවි සිංහයේත් කුජ මේෂයේත් ගුරු ධනු රාශියේත් තම ස්වක්ෂේත්ර රාශිවල බලවත් වෙමින් ඔවුන්ට ත්‍රිකෝණ ගත වේ. එම ග්‍රහ පෙරළිය අනුව රටේ...
2020-07-30 18:30:00
ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා මනුෂ්‍ය දිවියක් ලැබීම කොයි ආකාරයෙනුත් වාසනාවක්. නමුත් යම් කිසි පවුලකට පළමුවෙන්ම ස්ත්‍රී දරුවෙක් ලැබීම බොහෝ දෙනා වඩා වාසනාවක්...
2020-07-23 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ පිය රජු ලෙසින් හඳුන්වනු ලබන රවි තම මුල ත්‍රිකෝණ රාශිය වූ සිංහ රැසට පැමිණීම 2020 අගෝස්තු 16 ඉරිදා පැය 32.30 න් සිදු වේ. මෙතැන් සිට...
2020-07-23 18:30:00
දක්ෂිණායතනය වර්ෂා සෘතුවෙහි සිංහ රවි 01 භාග නිකිණි මහේ අවදොළොස්වක තිථිය, සිංහ රාශිය මේෂ නවාංශකය මා නැකත 01 පාදය, චන්ද්‍ර, ශනි සප්තම දෘෂ්ටිය, රවි...
2020-07-23 18:30:00
දුක්ඛ දෝමනස්සයන්ට නිරන්තරයෙන් ගොදුරු වන සත්වයන් එම දුක්වලින් මුදාලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සියලුම පංචකාම සම්පත් හැරපියා තවුස් දිවියට පිළිපන්...
2020-07-16 18:30:00
ලෝකයේ ඉපැරණි ශාස්ත්‍ර අතර පළමුවෙන්ම හඳුන්වා දුන් ශාස්ත්‍රයන් හැටියට ලෙඩ රෝග ගැන විස්තර කරන ආයුර්වේදයත්, ග්‍රහතරු සම්බන්ධව පැහැදිලි කරන ඡ්...
2020-07-16 18:30:00
භද්‍ර යෞවනයේ මානසික හැසිරීම් රටාව අතිශයින්ම සෞන්දර්යාත්මකයි. පෙම් සබඳතා ඇති කර ගැනීම, පේ‍්‍රම කිරීම වැනි හදවත් බැඳීම් වලට නතුවේ. කලක් පේ්රමකොට...
2020-07-16 18:30:00
සක්කාම ධේනු යෝගය චන්ද්‍ර සිකුරු කුජ, ගුරු, කුජබුධ, යෝග කාරකවද චන්ද්‍ර ශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය ද කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04 පාදය, ගුරු අධියෝගය ආදී...
2020-07-16 18:30:00
දක්ෂිණායනය, වර්ෂා සෘතුව, නිකිණි මහේ අවතෙළෙස්වක තිථිය, කටක රවි 32 භාග චන්ද්‍ර ගුරු සප්තම දෘෂ්ටිය රවි, කුජ චතුර්කෝණ දෘෂ්ඨිය, කුජ ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය...
2020-07-16 18:30:00