වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඥානකාරක බුධ ග්‍රහයා කන්‍යාවේ
ලග්න දොළසටම සුබ යෝග
මේෂ, කටක, මකර - රුචක යෝගය
මිථුන, කන්‍යා, ධනු, මීන - භද්‍රා යෝගය
ධනු, මිථුන, කන්‍යා, මීන - හංස යෝගය
කටක, තුලා, මකර - සස යෝගය
මේෂ, මිථුන, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන - හර්ෂ යෝගය
වෘෂභ, මිථුන, කන්‍යා, මකර, කුම්භ - සරලා යෝගය
වෘෂභ, කන්‍යා, තුලා, මකර, කුම්භ - විමලා යෝගය
දක්ෂිණායනය ශරත් සෘතුවෙහි සිංහ රවි 17 භාග බිනර මහේ අව පෑලවිය තිථිය - කන්‍යා රාශිය මකර නවාංශකය උත්‍රපල දෙවන පාදය රවි චන්ද්‍ර සහ ශුක්‍ර ශනි සප්තම දෘෂ්ඨිය ආශ්‍රිතව සැප්තැම්බර් 02 බුධ දින මධ්‍යාහ්න 12.01 ට විශ්ව තාරකා මන්දාකිණියෙහි බුධ ග්‍රහයා කන්‍යා රාශියට සම්ප්‍රාප්ත වන්නේය.
නැගෙනහිර ක්ෂිතිජයෙහි උදා අඟහරු හිමි වෘශ්චික රාශිබලය දෙගුණ තෙගුණ කෙරෙමින් රවි - කුජ - බුධ - ගුරු - ශනි උච්ච ක්ෂේත්‍ර ස්වක්ෂේත්‍රවීම සිංහල ජාතියෙහි ප්‍රාණ වායුව සක්‍රියවී දැඩි මුවහත්වීමෙහි ප්‍රවණතාවය පුරාතනික රුසිවර ජ්‍යෙතිෂ නියමයනට අනුකුලව මෙසේ විශ්ලේෂණය වන්නේය.
ශ්‍රී ලංකා ජනරජ කේන්ද්‍රයට සමගාමීව ශ්‍රී ලංකා ධරණිතලය සිසාරා දේශානුරාගය ද ජාතිකානුරාගය විජයග්‍රාහිව ජය සංඛනාදය දෙති. විදෙස්ලෙස ප්‍රචලිත වෙන්නාවූ ආශිර්වාදාත්මක අසිරිමත් යුගයක් බවට විශ්ව තාරකා මන්දාකිණිය සනාථ කරනු පෙනී යන්නේය. බෞද්ධ සිංහල
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>