වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
විවාහයක් ප්‍රමාද වීම දරු සම්පත් ප්‍රමාද වීම පසුගිය භවයක කළ අකුසලයක්. නමුත් මනුෂ්‍ය ආත්මවල ඉපදුන අයකුට පෙර අකුසල් අහෝසි කරගත හැකි බව බුදුදහමේ සඳහන්...
2020-12-24 18:30:00
2021 වර්ෂ උදාවේ රවි මිත්‍රව සඳු ස්වක්ෂේත්රව කුජ ස්වක්ෂේත්රව බුධ සමව ගුරු නීචව සිකුරු සමව ශනි ස්වක්ෂේත්රව හා රාහු කේතු උච්චව රාශි චක්‍රයේ සරන අතර...
2020-12-24 18:30:00
ධර්ම කර්මාධිපති රුචක, සස, චන්ද්‍ර මංගල, අර්ධ ගජකේෂරී, රවි බුධ, ආධිත්‍ය. නීච භංග රාජයෝගය , ගුරු ශනි, සත්කලාත්ර, සත්කාම ධේනු, කාලසර්ප,ලක්ෂ්මී. වෙශි,...
2020-12-17 18:30:00
ග්‍රහ ලොව මව් වශයෙන් හඳුන්වන සඳුට එක රාශියක් පසු කිරීමට ගත වන්නේ දින දෙකයි පැය හයක් පමණයි. මේ නිසා සඳුට රාශි දොළහම පසු කිරීමට ගතවන්නේ මසකටවත් අඩු...
2020-12-10 18:30:00
තම අභිලාෂයන් සහ අභිමථර්ථයන් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් කවුුරුත් විවිධ කටයුතු කරමින් හා දෙවියන් උදෙසා පුද පූජා තැබීමෙන් පිහිට පතා කටයුතු කරන බව පෙනේ...
2020-12-10 18:30:00
ජනවාරි මාසය ආරම්භ වන්නේ ධනු රවියේ භාග 16 ක් ඉක්මයාමෙනි.මේ වන විට තෙවැන්න වන වෘශ්චිකයේ අංශක 24 43’ 02” හි කේතු අංශක 25 57’ 31” හි සිකුරු ද සිවුවැන්න...
2020-12-10 18:30:00
ලෞකික ජීවිතය ඔපවත් කරන බලගතු මාලවී යෝග කාරක සිකුරුට පස්වැන්නාධිපති සෙනසුරුගෙන් බලගතු දෘෂ්ටියක් වැටී ඇති හෙයින් සෙනසුරුගෙන් තුන්වැන්නේ සිකුරු පිහිටා...
2020-12-10 18:30:00
2020 වසරේ අවසාන රවිය වන හා 2021 පළමු රවිය ලෙස ගණන් ගැනෙන ගුරු හිමි ධනු රාශියට රවිගේ පැමිණීම 2020 දෙසැම්බර් මස 15 කුජ දින 21.32 ට සිදුවේ. මෙතැන් සිට...
2020-12-10 18:30:00
නීච භංග රාජ යෝග – රවි බුධ ආධිත්‍ය –පාපකර්තරී ගුරු ශනි යෝග බලැතිව, රවි බුධ , චන්ද්‍ර, සිකුරු, රවි කේතු, රවි චන්ද්‍ර, බුධ චන්ද්‍ර, සංයෝග චන්ද්‍ර, කුජ,...
2020-12-10 18:30:00
අද වනවිට තාක්ෂණික දියුණුවත්, සාමාන්‍ය ජනයා මෙවන් යාතුකර්ම විශ්වාස නොකිරීමත්, ශාන්ති කර්මයක් පැවැත්වීමට අධික වියදමක් දැරීමට සිදුවීමත්, ශාන්තිකර්ම...
2020-12-03 18:30:00
නීච භංග රාජයෝගය අර්ධ කාල සර්ප යෝගය, ගුරු ශනි යෝගය ,චන්ද්‍ර ගුරු සහ චන්ද්‍ර ශනි යන චතුර් කෝණ දෘෂ්ටිය රවි කුජ ත්‍රිකෝණ දෘෂ්ටිය වෘශ්චික රාශිය ,කටක...
2020-12-03 18:30:00
වර්තමාන ජන සමාජය තුළ තමාට ගැළපෙන රැකියාවක් නොමැති කම නිසා අසහනයට පත්ව සිටින පිරිස අති මහත්ය. රැකියාව, නැතහොත් ජීවන වෘත්තිය අප සැමට අතිශයින් වැදගත්...
2020-11-26 18:30:00
රජරට වාසීන් අදත් ඔවුන්ගේ පවුල්වලට නොපෑහෙන අප්ප කුඩප්පගේ දරුවන්ගේ නෑකම් නොගැළපෙන සුලු මවගේ දුව නොපෑහෙන හිතුවක්කාර විවාහවීම රහසේ පැනයාම එවන් තරුණයෙක්...
2020-11-26 18:30:00
වසර 2500 කටත් වඩා පැරණි ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු විමර්ශනය කිරීමේදී පෙනීයන්නේ වගා කටයුතු සහ ඡ්‍යොතිෂය අතර මනා සබඳතාවයක් පැවති බවයි.එසේම එය...
2020-11-26 18:30:00
පොරොන්දම් පරීක්ෂාකර බලා තීරණය මත විවාහ වී කෙටිකලකින් දෙදෙනාම දික් කසාදයට යන බව දැන් දැන් එක්තරා කලාවක් රැල්ලක් වී තිබේ. විවාහ වීමේදී පොරොන්දම් සීහුම්...
2020-11-26 18:30:00
දණ්ෂිණායනය හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 15 භාග ඉල්මහේ පුර පසළොස්වක තිථිය ලත් නොවැම්බර් 30 වෙනි සඳුදින පස්වරු 03.14 ට මධ්‍යය සිදුවෙන රාශිය වෘෂභ, රෙහෙණ...
2020-11-26 18:30:00