වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
බාලගිරිදෝෂය අද නෙමේ හෙට
රජරට වාසීන් අදත් ඔවුන්ගේ පවුල්වලට නොපෑහෙන අප්ප කුඩප්පගේ දරුවන්ගේ නෑකම් නොගැළපෙන සුලු මවගේ දුව නොපෑහෙන හිතුවක්කාර විවාහවීම රහසේ පැනයාම එවන් තරුණයෙක් කීපයක් සහේට ගැනී පයුරු පාසාන පැවැත්වීම ගැන කතා බහේ යෙදෙන්නේ හරියට අර දළ කුමාරයයි ගිරිදේවියගේ අකලංචිය වුණා වගේ යන්නයි.
දඹදිව දන්තපුරේ විසූ සිංහ කුමාර රජුගේ හා හංසවතී දේවියගේ දියණියක් වූවාය. ඇගේ වැඩිමහල් සහෝදරයා මේ දුව සමඟ සංවාසයක යෙදෙන බැව් නිමිති ඇදුරන් පවසා ඇත.
දෙමාපියන් සංවේගටයත්, ලැජ්ජාවටත් පත්ව මේ කුමරියක ගල්ලෙනක සඟවා තබන ලදී. කුමරිය ගල්ලෙන තුළ වාසය කළ බැවින් ඇයට ගිරිදේවිය යැයි නම් කරන ලදී.
මනා රූ සපුවෙකින් ඕ යුක්ත වූවාය.
ඇගේ සොහොයුරු ඇයට ලොල් ඇය තමාට දක්නට නොලැබුණොත් සියදිවි නසා ගන්නා ලෙසට දෙමාපියන්ට දන්වන ලදී.
තමාගේ එකම සොහොයුරියට දස වදදී මෙවැනි ගල් ගුහාවක සිරකර තැබීම අමානුෂික ක්‍රියාවක් යැයිද චෝදනා කළේය. සහෝදර පේ‍්‍රමය නිසාම ඔහුට ඇය හමුවීමට ඉඩ දෙන ලදී. ඇයව පොළඹවාගෙන රහසේම සංවාසයේ යෙදීම නිසා ශෝකයෙන් පීඩා විදින කුමරිය ගෙල වැල දමාගෙන සිය දිවි නසා ගත්තීය.
ඇගේ සොහොයුරු දළ කුමරු කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම බුදුන් හමුවී පින් කොට මතු ආත්මවලදී ගිරි කුමරිය තමාගේ බිරිඳ වේවායි පැතීයැයි ග්‍රන්ථවල සඳහන් වී ඇත.
කසුන් සුව පෙති අතුල දුලා යහන තේ
සසුන්ලා තුන් යමට නොයා නිදින්ද හෙතේ
සතුන් හට නොපෙනෙමින් ගියෙද නුඹ වන ගතේ
ඉතින් මගෙ දිවි රැක ගන්ඩ බැරිය නුඹ නැතුව ගිරිකතේ
ගෙළ වැලලා මිය ගිය ගිරි දේවියගේ සිරුර සක් දෙවියෝ කැලයේ සැඟවූයේය. නමුත් දළ කුමරු කුමරි දේහය බදාගෙන වැලපෙමින් සිට පපුව පැළී මිය ගියේය. යකෙක්ව උපත ලැබීය. ගිරිදේවිය වරෙක් දේවාතාවියක්ද වරෙක යකෙක්ද ලෙස පෙනී සිටී. ඇගේ අවතාර 12 ක් බව ජන ප්‍රවාදයේ පවතී.
මදනගිරි– චෝලගිරි, හපුමල්ගිරි, අදුන්ගිරි, සදුන්ගිරි, පට්ටිගිරි, කොටගිරි, වලියක්ගිරි, රත්නගිරි, මහාගිරි, මේඝගිරි, නීලගිරි ,බූතගිරි, සේලගිරි, ඔකඳගිරි, වැදියක්ගිරි, සොහොන්ගිරි සහ බාලගිරි යන මින් නම් වේ. මේ අවතාර හරහා බාලගිරිදේවිය බාල කුඩා බිලිඳුන්හට ලෙඩ කරන බව පැවසේ. ගැමියන් මෙය බාලගිරිදෝෂය නමින් හඳුන්වනු ලැබේ. ජනතාව බාලගිරිදෝෂයට බිය නිසා ගෙයි දොරලෑල්ලේ උලුවස්සේ බාලගිරිදෝෂය අද නෙමේ හෙට යැයි අඟුරු කෑල්ලකින් ලියති.
ගිරිදේවි සඳහා ඉදිවූ මහා දේවාල වන්නිතුලාවේ ඇත. මේ දේවියගේ උපත හංසවතී නුවර බුරුමයේ රැන්ගුන් යැයිද හියු නෙවිල් සූරීන්ගේ අදහසකි. අනුරපුර වැසියන් වැසි නැති ඉඩෝර කාලයේ දළ කුමරු ගේ සහ ගිරිදේවියගේ රූප මැටියෙන් අඹා වැව්කන්ඩිය ඉස්මත්තේ තබා මේ කවි ගායනා කරනු ලැබේ
ඊට පසු මහ වැසි ඇද හැලෙන බැව් වන්නි ජනයාගේ අදහසකි. එහි ඇත්තක්ද තිබේ. කවි කීමෙන් පසුව වැව් ඉතිරී දෙගොඩ තලා යන්නේය.
දහස වටින සළුවෙන් අන්දා ලා
දහස වටින මානෙල් කර පලඳා ලා
පහස විඳපු කාමෙට සිත ලොබකම් ලා
වෙහෙස වෙච්චි ගිරි කත හයසි ක ලා
බන්දා වරලස පීරා කොනක ට
බන්දා පියයුරු කැකුළු ලමැද පි ට
කැන්දා කල් පබැද නගා සරණ කො ට
නින්දා පවසති වද අප දෙන්නා හ ට
අක් බඹ වරලස උනා වැටිච් චී
නෙත් කඳුලෙන් පියයුරු නෑවෙච් චී
අත් දෙක මල් දම් සේ එල්ලෙච් චී
ගිරි කුමරිය ගිරි දේවිය වෙච් චී
වුවන් සදෙ බැම දෙක දේදුනු සේ
නුවන් නිල්වර ඉදුවර මල් පෙති සේ
සවන් ඔබින පියයුරු රන්පෙති සේ
මෙවන් මෙනුඹ ගිරිකත ඇරවෑවෙනු කෙලෙසේ
රජරට වාසීන් අදත් ඔවුන්ගේ පවුල්වලට නොපෑහෙන අප්ප කුඩප්පගේ දරුවන්ගේ නෑකම් නොගැළපෙන සුලුම වගේ දුව නොපෑහෙන හිතුවක්කාර විවාහවීම රහසේ පැනයාම එවන් තරුණයෙක් කීපයක් සහේට ගැනී පයුරු පාසාන පැවැත්වීම ගැන කතා බහේ යෙදෙන්නේ හරියට අර දළ කුමාරයයි ගිරිදේවියගේ අකලංචිය වුණා වගේ යන්නයි.
තමන්ගේ ජාතක උරුමයෙන් ලේ වලින් උපන් එකීව සහේට ගන්න එකා මහා අසමජ්ජාති එවුන් වරිගෙට ගන්නෙ නැතිව තොලොන්චිකරලා දමන්ඩ වුවමනායැයි අදත් වන්නි ගැමියන් කියති. ගිරිදේවියක්ෂ අවතාරයක් මවාගෙන කුඩා බිලිඳුන්ට රෝග කරන්නේ තමාට වු අතවරයෙන් පළිගන්නට යැයි තවත් ජන විශ්වාසයකි.
කෙසේ වෙතෙත් ගැමියන් අතර මෙන්ම නාගරිකයින් අතරද බාලගිරිදෝෂයට යන්ත්‍ර මන්ත්‍ර සඳහා දරුවා නිදන කොට්ටය තුළට දමති. තෙල් මතුරා දරුවාගේ හිසේ ගානු ලැබේ. බලගතු රුදුරු යක්ෂණී අවතාරයකින් ගම් තුලානවල සැරිසරණා බව දේව පුරාණයේ සඳහන් වී ඇත්තේය.