වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
තාරකා විද්‍යාව සහ ඡ්‍යොතිෂය
ඡ්‍යොතිෂය යන වදන ඇසෙත්ම නිරතුරු අප මතකයට නැඟෙන්නේ අප පෙරදිග විශේෂයෙන්ම ඉන්දියාව මූලාශ්‍ර කරගත් පෙරදිග දර්ශනයන්ට අදාළව ගොඩනැඟුණු ඡ්‍යොතිෂ ක්‍රමයයි.
නමුත් අපරදිග ඊජිප්තුව, බැබිලෝනියාව වැනි රටවල ද වසර පන්දහසකට පමණ පෙර සිට ඡ්‍යොතිෂය දැන සිටි අය බවට ප්‍රබල වූ සාක්ෂි පවතී.
ඡ්‍යොතිෂයේද, තාරකා විද්‍යාවේද ඇරඹුම කවදා කෙලෙසක සිදුවිණිද යන්න නිශ්චිතවම පැවසිය හැක්කක් නොවේ. එසේ වුවද ලොව පැරණිම විද්‍යාවන් අතරින් මූලික ගණයට ගැනෙනුයේ තාරකා විද්‍යාව බවත් එයට වසර පන්දහස ඉක්මවූ ඉතිහාසයක් ඇති බවත් බොහෝ විද්වත්හු අනුමත කරති. ඡ්‍යොතිෂයෙහි ඇරඹුමට තාරකා විද්‍යාවටත් එහා ගිය අතීතයක් ඇති බවට පෙරදිග බොහෝ ශාස්ත්‍ර විද්වතුන්ගේ අදහස වුවද, මෙම අංශ දෙකම සමකාලීනව, සමගාමීව ගොඩනැඟී ඇති බව සාමාන්‍ය පිළිගැැනීමයි.
මිනිස් ඉතිහාසයේ ඇරඹුමෙහි දී මිනිසා ශිලා යුගයෙන් එඬේර යුගයට සහ ඉන් පසු ගොවි යුගයට ගමන් කිරීමේ දී සිදු වූ ක්‍රමික වෙනස්කම් මත තම ප්‍රායෝගික ජීවිතයට අනුරූප වන අයුරින් රාත්‍රී අහසේ දක්නා තාරකා රටාවන් අනුව තමන් ජීවත් වන පරිසරයෙහි සිදුවන ස්වභාවික සිදුවීම්, ගංවතුර ගැලීම්, නියඟ ඇතිවීම් වැනි ස්වභාවික සිදුවීම් පිළිබඳව යම් යම් පූර්ව නිගමනයන් පැවසීමට උත්සාහ ගැනීමක් කරන්නට ඇතැයි අපට සිතිය හැක.
අපරදිග ඡ්‍යොතිෂයේ ඇරඹුමෙහි දී බෙහෙවින්ම කැපී පෙනෙන ලක්ෂණයක් වනුයේ ග්‍රහලෝක චලිතයන් සහ අහසේ තාරකා රටා පදනම් කරගෙන යම් යම් අනාවැකි පැවසීමට, පූර්ව නිගමනයන් හට එළැඹීමට මූලධර්මයන් සකස් කොට ගත් බවයි.
ඉන්දියාව මූලාශ්‍රකර කොට ගත් පෙරදිග ඡ්‍යොතිෂයෙහි පැහැදිලිවම පෙනී යන්නේ චන්ද්‍රයාගේ ගමන, චන්ද්‍රයාගේ පිහිටීම, චන්ද්‍රයා පිහිටි නැකැත් අනුව සකස් වූ මූල ධර්ම මත බොහෝ දුරට පදනම් වූ බවය. සෞරග්‍රහ මණ්ඩලය අවට අහසෙහි තරු රටාවන් අනුව නැකැත් විසිහතකට බෙදා ඒවායෙහි චන්ද්‍ර ගමනය පදනම් කොට ඡ්‍යොතිෂ කටයුතු කිරීම පෙරදිග ඡ්‍යොතිෂයට සුවිශේෂී තත්ත්වයකි. ක්‍රි.පූ. තුන්සිය ගණන්වලදී ඉන්දියාව ගී‍්‍රක ආක්‍රමණයන්ට නතුවීම හේතුකොට බොහෝ දුරට අපරදිග ඡ්‍යොතිෂය, ඉන්දියානු ඡ්‍යොතිෂය සමඟ සංකලනය වීමක්ද සිදුවන්නට ඇත. පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් ඡ්‍යොතිෂය ලොවපුරා පැතිරෙන්නට ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>