ග්‍රහයන්ට හිමි රෝග

සැප්තැම්බර් 11, 2020

පළමුව අපි රාශි දොළහට ශරීරයෙහි අවයව බෙදීම ගැන සොයා බලමු 

1.හිස සහ හිසට අයත් කොටස් 

2. බෙල්ල, මුහුණ, පහළ කොටස් 

3. පපුවේ ඉහළ කොටස්

4.පපුව ,හෘදයේ කොටස්, පපුව ප්‍රදේශය

5. නාභියෙන් ඉහළ කොටස, හෘදය 

    ආමාශය , බඩ 

6. බඩවැල්, යටිබඩ , පහළ කොටස 

7. වකුගඩු ,මුත්‍රාශය , උකුල් ඇට 

8. යෝනිය අවට ප්‍රදේශය, ලිංගය, වස්තිය 

9. තට්ටම් හා ඒ අවට ප්‍රදේශය 

10. දණහිස් කලවා ප්‍රදේශය 

11. වළලුකරය ළඟට

      එනතෙක් දණහිස්වලින් පහළ 

12. යටිපතුල් , වළලුකර 

 

රවි  

රවි දුබල වූ විට මුහුණේ කුරුලෑ හට ගැනීම, ගෙඩි සෑදීම, නිතර උණ රෝග වැළඳීම, සෙම් රෝග, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, බෙල්ලේ ග්‍රන්ථි මහත්වීම. හෘද රෝග, ක්ෂය රෝගය, හිසරදය, ශරීරවේදනා ඇතිවේ. තවද ඇදුම, සරම්ප, පැපොල, උෂ්ණාධික රෝග රක්තවාතය, මානසික පීඩා නිසා උමතුව, ඇටවල රෝග, සර්පයින් දෂ්ට කිරීම, ශාරිරික වේදනා හා දණිස් ඉදිමීම ආදිය සිදුවේ. 

සඳු  

අධික සෙම් රෝග ,කාසය, සෙම් රෝගවලින් පීඩා, සෙම්ප්‍රතිශ්‍යාව, අතීසාරය, නිතරම  නිදිබරගතිය, පපුවේ වේදනාව, රුධිර පීඩනය ලේ කැටි ගැසීම, අධික පපුවේ වේදනාව, මන්දාග්නිය, කුඩා දරුවන්ට  පණුරෝග, ලේ නරක්වීම, හොරි දද ඇතිවීම, ජලයෙන් ඇතිවන රෝග, ජලබිය. විෂබීජ ශරීරගතවීම, අපස්මාරය, මාන්දම, ගොතබව, ක්ෂය රෝගය, වසූරිය, ලේ බඩයෑම, බඩ පිපුම, ඇස් පෙනීම. 

දුර්වලවීම ,ඇසේ සුද ඒම සඳුට කුජගේ පූර්ණ දෘෂ්ටි ලැබීමෙන් රක්තවාතය, ලේ හිඟකම. විෂබීජ ශරීර ගතවීමෙන්, ඇතිවන රෝග, කලවේ මස්පිඬු පෙරළී අධික වේදනා දීම ආදී තත්වයන් ඇතිවේ. 

කුජ 

 අණ්ඩවාතය, වසූරිය , ලේ හිඟකම. හෘද රෝග හරියට කුසට අහරක් නැතිවීම නිසා ඇතිවන රෝග, අධි රුධිර පීඩනය (ප්‍රෙෂර්) ලේ කැටිගැසීම, ගුල්ම රුදා , ඇස්පෙනීම  දුර්වලවීම, (ඇස් ලෙඩ) වමනය, පාචනය, කාමලා, අපස්මාරය, හිසරදය,සෙම්ප්‍රතිශ්‍යාව කල්ගතව තිබෙන රෝග ක්ෂය රෝගය, පාණ්ඩුව, අධික ලෙස කොන්ද වේදනා, රාත්‍රී නින්ද නොයෑම, කැස්ස, සුව නොවන දදයක් වායු ගෙඩි, දිවට රස නොදැනීම, සිත්තැවිලි ඇතිවීම 

බුධ 

ආමාශගත රෝග, සෙම් කෝප, අර්ශස්, විකාර භූත රූපවලින් උමතුව, හිසරදය, බඩපිපුම, ආහාර අපි‍්‍රයවීම්, බඩේ අමාරු. ඇපැන්ඩිසයිස් සමේ රෝග, පාණ්ඩුව, දියවැඩියාව, මාන්දම, ළදරුවන්ට පණු අමාරු, සරම්ප, ගින්නේ පිළිස්සීම්, විදුලි සැර වැදීම, සර්ප විෂ ශරීරගත වීම, මොළයේ සියුම් නහර දුර්වලව සෑදෙන උමතුව, උදර පිළිකා, වැටීම් වලින් ඇට බිඳීම (ශරීරයේ) 

ගුරු  

සෙම් රෝග, උමතු රෝග, සුව නොවන කර්ණ දෝෂ, අජීර්ණ, ගෙලේ අසනීප, ඇස්වහ කටවහ නිසා රෝගාතුර වීම, ඇස් පෙනීම දුර්වල වීම , හන්දි ඉදිමීම, තුනටිය වේදනා, කායික ශක්තිය දුබල වීම, වමනය, පාචනය , තරුණ වයසේ අයට ශුක්‍ර මෝචනය , කුෂ්ඨ රෝග ඇසුරින් සෑදෙන සමාජ රෝග, අධික ස්ත්‍රී සේවනය නිසා ඇතිවන ලිංගාශි‍්‍රත රෝග, කාන්තාවන් අධිකව සේවනය නිසා ඇතිවන දරුණු සුවකළ නොහැකි සමාජ රෝග 

සිකුරු 

 වාත අමාරු, රාත්‍රී කාලයට වාත අමාරු නිසා ඇතිවන අධික වේදනා ගතිය. කාන්තාවකට නම් ගර්භාශගත රෝග (සමහරවිට ගබ්සාවීම්) රහස් ලෙඩ, මාන්දම, පපුවේ හතිය, කායික අප්‍රාණිකත්ය, ඇවිලිල්ල , මුත්‍රා ගල්, ශුක්‍ර මෝචනය, සිහිනෙන් අසභ්‍ය  

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.