වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජන සමාජය බලන සුබාසුබ පෙරමග නිමිති
ගමනාරම්භයේදී පාපිස්සේ හෝ පය පැටලීමක් වුවහොත් එය බාධාවක් සේ සලකා ගමන මඳක් සිට පසුව යාම සිරිත ය. ඉදිරියේ අසුබ ලක්ෂණයක් හමු වුවහොත් ආපසු ඇවිත් ටික වේලාවක් සිට අලුත් ම ගමනක් සේ යාම
සුබය.
තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන් සිය දූත කාව්‍ය සැළලිහිණියාට අස්විද නැකතේ ගමනාරම්භ කරන්නැයි කියමින් නැකතේ වැදගත්කම අගයමින් ගමනාරම්භ නිමිති නැකතටත් වඩා වටී යයි පවසති.
නල මුදු සුවඳ පිරකවු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය විය තෙපල රන් කෙ ඩි
සල සුදු සෙමර සේසත් ගිජිද නොද වැඩි
බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි
නක්ෂ ත්‍රාච්ජාතුනං වරමි’යි ඍෂිවර – නැකතටත් වඩා නිමිත්ත උතුම්යයි පවසති.
කවරම දක්ෂ ඡ්‍යොතිෂ්ශාස්ත්‍රවරයකු ලවා සුබ නැකත් සාදා ගත්ත ද ඉන් ඵල ලබාගැනීමට නැකත් හිමියාට වාසනාව නැතිනම් ඒ බව පෙර නිමිතිවලින් පෙන්නුම් කරන බව විශ්වාසය යි.
ගමනක්යාමේ දී මුලින්ම හමුවන පුද්ගලයා පිළිබඳව හා තම ගමන සාර්ථක අසාර්ථක බව පිළිබඳව බලවත් හැඟීම් සමාජයේ වෙයි. ඉදිරියට කවුරු හමුවේ ද දන්නේ නෑ සිතමින් යන තැනැත්තාට හෝ තැනැත්තියට සිතට පි‍්‍රය අයෙකු මුණගැසුනේ නම් ඉතා සතුටු සිතින් ගමනේ යෙදෙයි. චිත්ත පී‍්‍රතියෙන් හා ඔහුගේ හෝ ඇයගේ කටයුතු සාර්ථක වුවහොත් ආපසු ගෙදර ඇවිත්, “ෂා.... මට අද ඉස්සෙල්ලාම හම්බවුණේ අසවලානෙ.එයා හම්බවෙලා යන එක හොඳයි. හොඳ මනුස්සයා ආදි ලෙස නිගමනය කරති. සිය අත්දැකීම් මුසුකර ගනිමින් නිමිති ගැන විස්තර කරති. ගමන අසාර්ථක වුවහොත් ‘ඕකනේ මං කීවේ ඉස්සරහට හම්බවුණේ මහ අසුබ නිමිත්තක් නේ මම කීව නේ ආපහු ඇවිල්ල ටිකක් ඉඳලා යන්න කියලා. කෝ ඇහුවැ යි. පණ්ඩිතයි”නෙ කියමින් මව්පිය ආදි වැඩිහිටියෙක් ඔබට කවදා හෝ කියන්නට ඇත්දැයි කල්පනා කරන්න.
තම ගමේ ඒ ඒ පුද්ගලයාගේ හොඳ නරක වගතුග අන්‍යයෝ හොඳින් දනිති.” අරයා හරි ඇස්වහකාරය නේ. කිසිදෙයක් පේන්න එහෙම කරන්න නම් එපා. එයාගේ කටවහ වැදිලා තමයි මේ ඔක්කොම අර ගල් බමුණ වගේ ඉන්න මහා මූසලයා. ඉස්සරහට නම් හම්බවෙලා යන්න එපා. වගතුවක් වෙන්නේ නෑ. “ මේ ආදි ලෙස තමන් හමුවන අය ගැන දැනගෙන ජීවත්වීමට බලයි. පෙර මඟට හමුවිය යුතු කවුරු දැ යි ඔහු මැනවින් දනිති. මිනිසුන් අතර උදෑසන මුලින්ම ඇසෙන් දකින්නට ලැබෙන දේ කනෙන් අසන්නට ලැබෙන දේ, නැහැයෙන් විඳින්නට ලැබෙන දේ නිමිති කරගෙන මුළු දවසම සුබ හෝ අසුබ වෙතැ යි සැලකූ කල බුදුහිමියෝ ඒවා (දිට්ඨ මංගල , සුතමංගල, මෘත මංගල) මංගල කරුණු නොවන බවත් වදාරමින් අටතිසක් මංගල කරුණු පහදාලූහ.
බුදුරජාණන් වහන්සේ සැබෑ බෞද්ධ උපාසකයෙකු විසින් නිමිති බැලීම්, නැකැත් බැලීම් ආදිය ද දිට්ඨ මංගල, සූත මංගල, මුත මංගල ආදිය ද අත්හළ යුතු බව මහානාම සූත්‍රයේ ද, උපාසක චණ්ඩාල සූත්‍රයේ ද දේශනා කර වදාළහ.
ගමනක් යන විට මුලින්ම හමුවන නිමිත්ත ඉතා ශුභ එකක් විය යුතුය. මුල් නිමිත්ත හොඳ නම් ගමන සාර්ථක සුබ ඵල ගෙන දෙන බව අදහස යි. නොඑසේම දෙවන නිමිත්ත ගැන නම් අදහස මඳක් පසුවී ඉටුවන බව ද, තෙවන නිමිත්ත ශුභ නම් බොහෝ දුෂ්කර වී ප්‍රමාදව ඉටුවන බවට ද විශ්වාසය යි. මුල් එක දෙක අශුභ වී තුන්වැන්න ශුභ වී නම් ඒත් කමක් නැතැයි ද, තුනම අශුභ නිමිති නම් කටයුත්ත සඵල නොවන බව ද අදහස යි.
ගමනක් යාමේ දී තිදෙනෙකු කැටිව ගමන
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>