සුරගුරු ගුරුගේම ගෙදරට යන ධනු රාශි ගතවීම

ඔක්තෝබර් 18, 2019

ඔබට රටට කොහොමද? අවිචාර සමයක් වුවත්, ගුරුගේ ගෙදරට ගුරු යන ගමනේ ශනි ග්‍රහයා එහි සිටීම හොඳ සම්බන්ධයක් ඇතිව ඵලදායක කාලයකට මුල පිරෙනු ඇත. ‘ගුරු ශනි යෝගය’ යෝග බලවල බලවත්ම ශුභ යෝගයක් ලෙසට විස්තර වේ.

කෙසේ නමුත් 2019 නොවැම්බර්, දෙසැම්බර් මාස තුළ ග්‍රහ ගමන් අවිචාරවත් ලෙසට පෙනුණත්, 2019 නොවැම්බර් 05 කුජ දින සූර්ය උදාවටත් පෙර (උදේ 05.17 ට) ගුරුගේ ධනු රාශි ගමන යෙදෙද්දී, තත්කාල තුලා රාශියත්, නීච බලය ඇති රවි ලග්නයට යෙදී ඇත. තත්කාල සටහනට අනුව, 5 - 11 දක්වා රාශිවල නියෝජනය හෝ පාලනය නැප්. යුරේනස්, රාහු පැහැරගෙන ඇත. සඳුගේ හතර වැන්නේ දිග්බලය යම්තාක් දුරට කේන්ද්‍රගත වීම යහපත් වේ. ජල රාශිගත වේ.

2 - 12 ඇති පරිවර්තනය ඵලදායක නැත. තත්කාල ස්ථානය අනුව ගුරුට තුන් වැන්න ස්ථානය ලෙසට අයහපත් වුවත්, ශනි, කේතු පාප ග්‍රහ බල එහි වීම ගුරුගේ බලයට ගෞරවය දේ. කෙසේ වුවත් ගිනි බිය, ජල බිය, වායු දූෂණ තත්ත්ව ආදී අංශ තුනේම කුපිත අවස්ථා ගෙන ඒමට කුජ සමත් වේ. මේ හා සම්බන්ධ ග්‍රහ ගමන, පසුගිය කාලසීමා සමඟ බැලූවිට (ගුරුගේ ධනු රාශිගත ගමන) ඉතාම අයහපත් කාලලෙස පෙනෙන්ට, දකින්ට තිබුණත්, මෙවර ගුරු ගමන, ශනිගේ සබඳවීම වන බලවත් යෝග බලයක් ද වනු ඇත.

ගුරුට ධනුව ස්වකේෂ්ත්‍ර බලය ඇත. හොඳ සිහි බුද්ධියෙන්, නීතිගරුකව, අඬු ලුහුඬුකම් නොතබා කටයුතු කිරීමේ බලය ලත් රාශියකි. එහෙත් ගුරුට ඇතිවන පාප සංයෝග, ශනිගේ ගමන් රාශි හා දෘෂ්ටි අනුවත් නිරවුල් මනස නරක් කරන බලය ඇති වේ. පුද්ගල බලයට අනුව මත්කාරක දේ, බේබඳුකම්, සූදුව හා මැරකාර කම් යෙදීමට ඉඩ ඇති වේ.

පසුගිය කාල සීමාවන් ගැන බැලූ විට ගුරු, ධනු, මකර, රාශිගත වෙද්දී, අනෙකුත් ග්‍රහ ගමන් වල දුෂ්කරතා මැද, එනම්, 1971, 72, 73 ආදී (දල වශයෙන්) ගුරුගේ ධනු රාශිගත ගමන් යෙදුණ අවස්ථාවේ ශනි, මේෂ, (නීච) වෘෂභ, (තිර) රාහු, මකර,(ශුල) ධනු,(ගිනි) ගමන අනුව රටට සිදුවූ ව්‍යවසන දනිමු.

 

1983 - 84 - 85 ගුරු, ධනු, මකර රාශි වල යද්දී, ශනි, තුලා,(වායු) වෘශ්චික,(ජල) රාහු, මිථුන, (වායු)

1995 - 1997 කාලය ගුරු ධනුවේ

රාහු - කන්‍යා - සිංහ, ශනි - මීන - කුම්භ

වායු ගිනි ජල වායු

2007 - 2008 - ගුරු ධනු රාශියේ ද,

ශනි - සිංහ - රාහු - කුම්භ යන ලෙසට

ගිනි වායු

31 වැනි පිටුවට

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.