වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ජෝතිශයෙන් ඉදිරිය දෙස බලමු
ගම්පහ වින්වත් වයස 16 අධ්‍යාපනය පිළිබද විග්‍රහයක් ලබා දෙන්න.
පිළිතුර : ධනු ලග්න මේෂ නවාංශක රෙහෙණ නැකත උපන් දසාව සටහන් කර නැත. එය අනිවාර්ය බව මතක තබා ගන්න.නැකැත් පාදයද නැත.දැනට දසාව රාහු විය හැකියි. ලග්නාධිපති ගුරු සුබ තත්ත්වයෙන් පුණ්‍ය ස්ථානය හා උසස් අධ්‍යාපන ස්ථානය වූ 9 වැන්නේ උපතේදී සිටීම ඉතා හොදයි.අධ්‍යාපන ස්ථාන වන 5 වැන්න හා 9 වැන්න ගැන සලකා බැලීමේදී 5 වැන්න අධිපති කුඡ සම තත්වයෙන් හා 9 වැන්න අධිපති රවි නීච තත්ත්වයෙන් සිටීම තරමක් දුර්වලයි. නිහතමානී දරුවෙකු බව පෙනේ බුද්ධිකාරක බුධ 12 වැන්නේ සිටීමත් සුභදායකයයි කිව නොහැක. රාහු 5 වැන්නේ උපතේදී සිටීමත් අධ්‍යාපන කටයුතු වලට ඇති උනන්දුව අඩු කිරීමකි දැනට දසාවත් රාහු නම් මෙම තත්ත්වය තවත් දුර්වල වේවි. ග්‍රහ පිහිටීම් හොදයි. උනන්දු වුවහොත් අධ්‍යාපනයේ උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි දරුවෙකි. රාහු වෙනුවෙන් වැටකෙයියා මල් පුඡා කරන්න. බෝධි පුඡා කරන්න අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව තවත් වැඩි වේවි.
හොරණ නිශාන්ති වයස 49-විවාහය සහ ඉදිරි අනාගතය කෙසේද ?
පිළිතුර : මේෂ ලග්න කටක නවාංශක බෙරණ නැකත දැනට දසාව ගුරු ඔබේ 22 වන දෙර්කාණාධිපති මෙන්ම 7 වැන්නේ උපතේදී සතුරුව ස්ථාපිතව සිටින ගුරු මහ දසාව දැනට ගත කරමින් සිටි. මෙය ඉතා සුබවාදී තත්ත්වයකි. 22 වන දෙර්කාණාධිපතියා විවාහ ස්ථානය වන 7 වැන්නේ ස්ථාපිත වූ විට විවාහය පමා වනවා පමණක් නොව විවාහයට අහිත කර බලපෑම්ද ඇති වේ. ඊට අමරතව ලග්නාධිපති කුඡ හා ශනි ලග්නයේ යෝග වීමෙන් ශනි මංගල දෝෂයද ස්ථාපිතව ඇත. මෙයද විවාහ දෝෂයකි විවාහ ස්ථානය වූ 7 වැන්න අධිපති සිකුරු උච්ච වුවද 12 වැන්නේ ස්ථාපිත වීමත් දුර්වල තත්ත්වයකි. විවාහයක් වුවත් එය සම්මත ආකාරයට පවත්වාගෙන යාමේ ගැටලු පවතින බව පෙනේ. මෙතෙක් පමා වී තිබූ විවාහය දැනට ඔබ ගත කරන ගුරු මහ දසාව තවත් පමා කරනු ඇත කලබලයේ විවාහයක් සිදු වුවත් එය වැඩිකල් පවත්වාගෙන යාම අසීරුය. දැනට වයසත් ඉක්මවා ගොස් ඇති බැවින් මේ
පිළිබඳව තවදුරටත් උත්සාහ කිරීම සුදුසු වේයැයි නොසිතමි. කෙසේ වෙතත් ඔබ හදුනා ගත් අයෙකු සමග කෙටි කාලීන ආශ්‍රයකින් සොයා බලා ඔබට ගැලපෙන්නේ නම් විවාහ වූවත් ඉතා ඉවසීමෙන් හා මහත් කැපවීමෙන් කටයුතු කල හොත් අනාගතය යහපත් වේවි. මෙම කාලය තුළ විවාහ යෝගද පෙනෙන්නට නොමැත.
දෙහිවල අනුපමා වයස 34 විවාහය හා අනාගතය කෙසේද ?
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
“ඡ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු”
ඡ්‍යොතිෂවේදී
යසපාල දික්මාදුගොඩගෙන්
ඔබේ පැනයට පිළිතුරු