කුල මල ජාති භේද උස් මිටිකම් නොතකන මහා මාතාංගේශ්වරී දෙවඟන

ජුනි 7, 2019

මහා මාතාංගේශ්වරී යනු කවුද? ලංකාවේ බොහෝ අය මහා මාතාංගේශ්වරී යන්ත්‍රය පිළිබඳ දැන සිටියත් එයට අධිපතිනිය දේවතාවිය පිළිබඳ නොදන්නා බව පෙනේ.

සකල කලාවන්ට අධිපතිවූත් මහා බ්‍රහ්ම දෙවියන්ගේ පතිනිය වන සරස්වතී මෑණියන්ගේ චන්ඩ ස්වරූපය මහා මාතාංගි දෙවඟනයි. ජගත්ජනනිය නොහොත් උමාමහේශ්වරි මාතාවන්ගේ ත්‍රිමුර්තීන් අතර සරස්වති මෑණියන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. යන්ත්‍ර, මන්ත්‍ර තන්ත්‍ර යන තෙවෑරුම් ශිල්පයන් මෙන්ම සුසැට කලාවටද අධිපතිනිය වන්නේ සරස්වතී මෑණිය නොහොත් මාතාංගි මෑණියන් ය. සරස්වති මාතාව සුදු නෙලුම් මලක් මත සුදු වස්ත්‍ර දරා සිටියත් මාතාංගී මෑණියන් කහවන් පුෂ්පයක්මත කොළ පැහැති වර්ණයෙන් දිස්වේ. එයට හේතු රාශියක් පවතී. මාතාංගේශ්වරී නම් බලගතු යන්ත්‍රය ලොවට නිර්මාණය කරන්නේ මෙතුමිය විසිනි.

යන්ත්‍ර කලාවට මෙන්ම මන්ත්‍ර විද්‍යාවටද, තන්ත්‍රයට ද ඇය අධිපතිනියයි. එමෙන්ම ඔබ නොදත් සුවිශේෂී කරුණ වන්නේ නොයිඳුල් මෙන්ම ඉඳුල් වූ ආහාරයද එතුමියට පිළිගැන්විය හැකි වීමයි. භාරතයේ එකල කුල බේදය උත්සන්නව තිබුණි. කුල හීනයන්ට දෙවොල් තුළට ඒම පවා තහනම් විය.

සති දේවී

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.