වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
අවුරුදු හෑල්ල
ප්‍රාග් ඉතිහාසයක මෙන්ම, මොහෙන්දජාරෝ හරප්පා යුගවල සිට ඒ ඒ ජාතින් හා වර්ගයා තුළින් පවත්වාගෙන පැමිණී චාරිත්‍ර අනුගමනය කරමින් විවිධ උත්සව පවත්වා ගෙන පැමිණි බව ලිපිලේඛන ග්‍රන්ථවලින් හෙළිවෙයි. එම කාලය තුළ සිට මෙම සිංහල හින්දු අවුරුදු උත්සවය පැවත ආ බවට සිතිය හැකිය.
මනසින් දියුණු වීමේදී චාරිත්‍ර ගුණ ධර්ම, දැනුවත් වීමත් අධ්‍යාපනය තුළින් අනෙකුට වඩා ඉදිරියෙන් සිට කටයුතු කිරීමේ හැකියාවද එමගින් උදාවිය. ආගම දහමත් දැනුවත් වීමත් නිසා සංස්කෘතියක් උදාවීම මෙන්ම නව සොයා ගැනීමත් අතීත වර්තමාන අනාගතය පිළිබඳ තොරතුරු සොයා ගැනීමටද යොමු විය.
සියලු දෑ සංකලනය වෙමින් චාරිත්‍ර වාරිත්‍රයද ගොඩනැගීම නිසා කාලය ඔවුන් ගැනද සැලකිලිමත්විය. ගස් වැල්වලට වැඳුම් පිදුම් කිරීම ඇතැම් සතා සිව්පාවාටද ගරු කරමින් ඉරහඳ මෙන්ම දේව සංකල්පයටද සිත කය ඇදී ගියේය. ඇසට පෙනෙන ඉර, හඳ දෙක කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කළ අතර කෙමෙන් “නැණ නුවණ ශිල්පය පිළිබඳවද දැනුම ඇතිවිය. සූර්යයා කෙරෙහි විශ්වාසය මත කටයුතු කිරීම නිසා කාලය ගැනද සැලකිලිමත් වීම නිසාත් පරිසරය හා ගස් වැල් පෝෂණය වීම අනුව භව භෝග සම්පත් සරුසාර වීමට හේතුවිය.
ඡ්‍යොතිෂවේදී සාමවිනිසුරු සම්මානලාභී මාකෙහෙල්වල කරුණාපාල
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>