වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සමනල කන්දෙන් රාවණ රාජ යුගයට
මේ සමනල කන්දේ ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට සැදැහැවතුන් වන්දනාවේ යන සමයයි. සමන්තකූට පර්වතය සමනලගිර යන නම් වලින්ද හඳුන්වන මෙම පුදබිම හා සුමන සමන් දෙවියන්ද සම්බන්ධ වී ඇත.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය සහිත වූ මෙම පුදබිම පිහිටි සමනල කන්ද ඉතා පුරාණ කාලයේ සිටම දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතරද ප්‍රකටය. මෙසේ වසර දහස් ගණනක් තිස්සේ ලෝකවාසි ජනතාවගේ අවධානයටත්, පූජනීත්වයටත් පත් වී ඇති ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන රැඳි සමන්තකූටය මුහුදු මට්ටමෙන් මීටර් 2230 උස සමනල ගිරි ශිඛරය ලංකාවේ උසම කඳු මුදුන් අතරින් පස්වැන්නද වන්නේය.
“සමන්තකූටයේ දර්ශනය ඉතා චමත්කාරජනක හැඟීම් සිතට දනවයි. ශ්‍රී පාදයට නැඟෙන පාරවල් දිගේ එහි යන කල ඈත සිට ගිරි ශිඛරය දැකිය හැකිය. එසේ දක්නා කල සමනොල ශිඛරයේ මහා ප්‍රතාපවත් බවතුන් නෙත්සිත් පැහැරගන්නා බවකුත් මැවී පෙනෙන බව පැවසේ. සමනොල ශිඛරයේ පිහිටීම හා එය නිර්මාණය වී ඇති ස්වභාවය මේ අපූර්ව දර්ශනයට හේතුවයි. දකුණු කඳු ප්‍රාකාරයේ බටහිර කෙළවරින් මේ ශිඛරය මතු වී නැඟි සිටින්නේ කේතුරූපකාර හැඩයකින් යුතුවය. භූගත ඉතිහාසයේ ඈත යුගයක සිදු වූ ගිනිකඳු ක්‍රියාවලියක් හේතුකොටගෙන මෙසේ වී ඇතැයි භූවිද්‍යාත්මක මතය සේ පෙනේ.
(ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සංස්කරණය – සිරිසමන් විජේතුංග සහ ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ ග්‍රන්ථයට ආචාර්ය ඊ.ඇම්. රත්නපාල මහතා ලියූ ශ්‍රී පාදස්ථානය හා පුද පූජා ලිපිය පි. 351 සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය 2012)
සමනල කන්දට යාබද ගිනිකන්ද
ඉහතින් සඳහන් කරන ලද ගිනිකන්දක් පිළිබඳවූ ජනශ්‍රැතියකි. එය රාවණා රජු හා සම්බන්ධ වූ පුවතකි. රාවණ මහා අධිරාජයෙකු මේ රටේ ජීවත් වූ බවට මේ කාලයේ පවතින අදහස් සැබවින්ම අපගේ ඉතිහාස අධ්‍යයනය සඳහා ඉතා වැදගත් වන්නේය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පුරාවිද්‍යා දෙපාර්තමේන්තවේ හිටපු
සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංගච