2019 වසර හඳහනක් නැති ඔබට අංක විද්‍යාවෙන් පලාපල

ජනවාරි 4, 2019

2019 වසර තුළ ඔබට සුබ ඵල අත්වේද අසුබ ඵල අත්වේද යන වග විමසා බැලීමට හඳහනක් නොමැති ඔබට අංක විද්‍යාව තුළින් මුලින්ම ඔබ උපන් වර්ෂය දිනය, මාසය තනි අංකයක් ලෙසට සකස් කරගන්න උදාහරණයක් ලෙස

1992 – 5- 2 උපන් අයකු

වර්ෂය – 1992 – 1+9+9+2 =3

මාසය – මැයි -5

දිනය – 2 - 2

1

1992 මැයි 2 වන දින උපන් අයට අයත්වන අංකය අංක 1 වේ.

ඒ අනුව

ඔබ අංක 1 වන අයකු නම්

ඔබට ශුභ ඵල අත්වන්නාවූත් වසරක් බවට පත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක වනු ඇත. විශේෂයෙන් තම මතයට අනුව කටයුතු කරමින් ද වැඩිපුර තමා ගැන පමණක් සිතමින් කටයුතු කරන ඔබ තම නෑදැයන්ගෙන් දුරස්ථව කාලය ගත කරන වසරක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වුවද යම් පාඩම් වැඩ අතපසුවීම් ඇතිවනු ඇත. බාහිර කටයුතු වෙනුවෙන්ද ක්‍රීඩා සඳහාද යොමුවන වසරක් වේ. විදේශ ගත වීමේ අපේක්ෂාවෙන් සිටි අයට ශුභඵල අත්වන අතර තමා ළඟින් සිටි මිතුරකු නිසා යම් ප්‍රශ්ණයක් මතුවිය හැකිය. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වන්නාවූත් වසරක් වන අතර ශරීරයේ ලේ ආශි‍්‍රත පීඩාවක් බඩ ආශි‍්‍රත පීඩාවක්ද මතුවන කාල වකවානු සහිත වසරක් වේ.

ඔබට අංක 2 හිමි නම්

ඔබට මෙම වසර තුළ සුබ අසුබ මිශ්‍රව ගෙන දෙන වසරක් වේ. නව දේපලක් මිලදී ගැනීමට යහපත් වසරක් වන අතර අන් අය අතර කැපී පෙනෙන අයකු බවට පත් වනු ඇත. යම් යම් කටයුතු වලදී ඔබ බලාපොරොත්තු වන අන්දමට ඵල ඔබට අත් නොවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබ ඵල අත්වන වසරක් වන අතර හදිසි කේන්තිගති පාලනය කරගෙන කටයුතු කළ යුතු වසරක් වනු ඇත. පෙම්වතුන්ට තම පේ‍්‍රමයට බාධාවක් ගෙන දෙන අතර ජලය ආශි‍්‍රතව හදිසි පීඩා ඇතිවිය හැකි බැවින් ගංගා මුහුදු භාවිතයේදී කල්පනාකාරි විය යුතු වසරක් වේ. තම කාලත්‍රයාට හදිසි රෝග පීඩා මතුවන අතර රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමටද සිදුවනු ඇත. මුත්‍රා ආශි‍්‍රත පීඩා ද ඇස් වල පීඩා ද මතු වන්නාවූත් වසරක් වනු ඇත.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ

සුවණැන ඡ්‍යොතිෂ පර්යේෂණායතනය

0722872056

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.