දරු සම්පත් අහිමි කරන අයහපත් ග්‍රහයෝග

දෙසැම්බර් 28, 2018

"යම් ජන්ම පත්‍රයක 1,2,5 සහ 9 වන රාශි නැත්නම් ඒවායේ අධිපති ග්‍රහයන් ශනි සහ බුධ සමඟ සංයෝගවීම දරු සම්පත් බොහෝදුරට වලක්වයි. එසේත් නැත්නම් එවැනි කාන්තාවන් වරින්වර ගබ්සාවීමට ඉඩ ඇත. මෙවැනි අවස්ථාවකදි ගුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ ප්‍රබලව ඇත්නම් බිලිඳෙක් දරුකමට හදාවඩා ගැනීමට හැකිවේ"

වෛදික ඡ්‍යොතිෂයට අනුව උපතින්ම ඇතිවන නිසරුබව නැත්නම් වන්ධ්‍යාභාවය ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශ්වය තුළම ඇතිවිය හැකි නමුත් සමාජයේ විශේෂ අවධානය යොමුවී ඇත්තේ කාන්තාවන්ගේ නිසරුබව සම්බන්ධයෙනි.මෑත කාලීන ජනසංඛ්‍යාත්මක පර්යේෂණවලට අනුව ලංකාවේ අවු 25-49 අතර නිත්‍යානුකූලව විවාහ වී ඇති කාන්තාවන් අතර පවතින නිසරු අනුපාතය (ඪදබඥපබඪතඪබර පචබඥ) 5% පමණ වේ.

වෛදික ඡ්‍යොතිෂයට අනුව උපතින්ම ඇතිවන නිසරු බව නැත්නම් දරුවන් නොමැති වීම පෙර ආත්මභාවයන්හිදී කරන ලද බලවත් පාප කර්මයක බලයක් ලෙස සැලකේ. කිසියම් විවාහක යුවලකට දරුවන් ලැබීම් හා සම්බන්ධ ඡ්‍යොතිෂමය විමර්ශනයක් කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ජන්ම පත්‍රයෙන් මේෂ, මිථුන, සිංහ යන රාශි නැත්නම් ලග්න තේජෝත්‍රිත්වයට අයත්වන අතර ඒවා උෂ්ණ රාශි යනුවෙන් හැඳින්වේ. මේෂය චර රාශියක් වන අතර සිංහය තිර රාශියකි. ජන්ම පත්‍රයේ 1,5,9 නියෝජනය කරන ප්‍රධාන ත්‍රිකෝණයේ පළමුවැන්න කේන්ද්‍රස්ථානය සහ ලග්නය වූ කල 5 සහ 9 ත්‍රිකෝණය ලෙස සැලකේ. කන්‍යා ලග්නය පඨවි ත්‍රිත්වයට අයත්වන අතර එය උභය රාශියක් ලෙස සැලකේ. මුල කේන්ද්‍රයේ 6 වැන්න කන්‍යා රාශියයි. මිථුන ලග්නය වායෝ ත්‍රිත්වයට අයත්වන අතර එය මුල කේන්ද්‍රයේ 3 වැන්න නියෝජනය කරයි. මිථුනයද උභය රාශියකි. මෙම රාශිවලට අයත් ශාරීරාංග ගත්විට මේෂයට හිස, ස්නායු, ඇස්, මුහුණ, උදරය අයත්වන අතර මිථුන රාශියට ශ්වසන පද්ධතිය ,අත්, ඇඟිලි සහ සංවේදී නහරපද්ධතිය අයත් වේ. එසේම සිංහ රාශියට හෘදය, කොඳුඇටපෙළ සහ තයිමසය අයත් වේ. කන්‍යා රාශියට අයත්වන්නේ නහර පද්ධතිය, ග්‍රහණිය, යටිබඩ යන අවයවයන්ය. යම් ජන්ම පත්‍රයක පස්වැන්න හෝ 5 වැන්නාධිපති එක්කෝ ඉහත දක්වන ලද වන්ධ්‍යාභාවයට අයත් රාශියක් වීම සහ දුර්විපාක දෙන ග්‍රහ දෘෂ්ඨියකට හසුවීමක් සිදුවූ විට එසේත් නැත්නම් ශනි, රාහු හෝ කේතු සමඟ සම්බන්ධ වී ශුභ දෘෂ්ටියක් නොමැති වූ විට ජන්මියා වන්ධ්‍යාභාවයට පත්වන බව ඡ්‍යොතිෂයෙහි දැක්වේ. මෙය වඩාත් විස්තරාත්මකව බිහත් පරාශර හෝරා ග්‍රන්ථයෙහි දක්වා ඇත. පෙර ආත්මභාවයන් හිමි කරන ලද පාප කර්මවලට අමතරව ජන්මියා ප්‍රබල ශාපයකට හසුවීමද මෙම ආත්මයේදී නිසරුබව ඇතිවීමට හේතුවන බව එම විස්තරවල සඳහන් වේ. එය බ්‍රහ්ම ශාපය, පීතෘශාපය මාතෘශාපය, සහ ශාතෘ ශාපය වශයෙන් වෙන්වෙන්ව දක්වා ඇත. 

ඡ්‍යොතිෂවේදී ටී.එම්. කුලරත්න

071-8167593

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.