වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
රාහුගේ අපල දුරු කරන සිද්ධි නාගාර්ජුන යන්ත්‍රය
සාමාන්‍යයෙන් කිසියම් ග්‍රහයකු පොළොවේ ජීවත්වන කෙනකුට හතුරු වුණාම යන්ත්‍රයක් පැලැන්දුවාම ඒ නරක ග්‍රහ කිරණ නිවාරණය කිරීම එකල සිටම පැවතුණා. එය ඉතාමත් නිවැරැදි ක්‍රමයක් බැවින් අදත් නොනැසී පවතිනවා. යන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගිකව කරන කොට අක්ෂර වින්‍යාසය නිවැරැදිව ඉගෙන ගෙන තිබෙන්න ඕනෑ.
යන්ත්‍රයේ එක එක ගැබ්වලට එක් එක් අකුරු ස්පර්ශ නොවන අන්දමට ප්‍රවේශමෙන් ලියා අවශ්‍යම හා නියමිත ජප මන්ත්‍රයෙන් මතුරා ජන්මියාගේ බෙල්ලේ හෝ ඉනේ බැන්දාම ඒ ඒ ග්‍රහදෝෂ මුළුමනින්ම දූරිම්භූත වෙනවා.
අද සිද්ධි නාගර්ජුණය ගැන විමසීමක් කරන්නයි සූදානම. මේ යන්ත්‍රයට නාගර්ජුණ යන්ත්‍රය කියල තමයි ව්‍යවහාර කරන්නේ. හැම යන්ත්‍රයක්ම නියමිත සිද්ධි වන්න ඕනෑ තමයි. එහෙත් දිෂ්ටි කරන විට ටික ටික වාර ගණන අඩුවැඩි වනවා. ඊට පසු අවශ්‍ය කෙනාට නැත්නම් ආතුරයාට බැන්දම හරි. එහෙත් නාගර්ජුනයට එහෙම බැහැ. නියම කාරණාවට අවශ්‍ය පරිදි 108, 1080, 3600, 18000 වර නිවැරැදිවම මතුරන්න ඕනෑ. ඒක නිසා මතුරන අය නවගුණ වැලක් උපයෝගී කර ගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද කිව්වොත් රාහු ගේ රූපය දැකල තිබෙනවනේ. රාහුට තිබෙන්නෙ නයි ඔළුවක් හා මිනිස් කඳක්. ඒ වගේම රාහුගේ නපුරු කලට එන කරදර නයි විස තමයි.
නාගර්ජුනය පලඳින්නෙ රාහු ග්‍රහයාගේ අපල කාලයටයි. රාහුගේ අපල කාලය අනෙකුත් ග්‍රහයන් වගේ නොවෙයි. ප්‍රතිඵල දෙගුණ කරනවා. රාහුගේ නියමිත ශප්තම දෘෂ්ටිය කේතාටයි. හැමවෙලේම රාහුට රාශි හතකට දුරින් තමයි කේතු ග්‍රහයා ඉන්නේ. රාහු නරක නම් කේතාත් නරකයි. මේ දෙන්නාගේ චලනය අනෙකුත් ග්‍රහයෝ වගේ වම් පැත්තට නොවේ. විරුද්ධ දිශාවේ බොහෝ දුරට මේ ග්‍රහයෝ අසුරේන්ද්ර කියල තමයි විශේෂයෙන් සලකන්නෙ. ඡායා ග්‍රහලෝක කියල පොතේ සඳහන් කරල තිබෙන්නෙ. කොහොම කතා කළත් අපල කාලයට අනිත් ග්‍රහයන්ට නොදෙවෙනි ලෙස ප්‍රතිඵල දෙනවා. දෙවැනි වන්නෙ රවිට විතරයි. ඒකිව්වේ රවි ග්රහායට අර්කඞ ට විතරයි. කොහොම වුණත් රාහු නරක් වුණාම මේ ශ්ලෝකයේ සඳහන් විපාක දෙනවා. එනම්,
“පඤ්ඤා විහීන මනිවික්රම අර්ථහානි -
විසුද්ධ ගාන
වද බන්ධන රෝග පීඩා -
භන්ද්ර පුවාස ධනහානි
මහප්ප්රභානි රාහු දසා භජනි කල්ප සහස්රම්”
රාහුගේ මහ දසාවේ රාහු අතුරු දසාව නරකට යන කාලයට ප්‍රඥාව නැතිකරල හිතුවක්කාර තේරුමක් නැති තීරණ ගන්න, වණ තුවාල ඇති කර වද බන්ධන ඇතිකරන, රණ්ඩු ඇති කරවන, මුදල් නැති කරන උන්මත්තක ලෙසින් වැඩකරවන, හිරකූඩුවල ලගින, පාපකර්ම වැඩිනම් අවසානයේ මරාදමන ග්‍රහයෙක් තමයි. නරක් වුණොත් මහා නපුරු විපාක දෙන ග්‍රහයකු රාහු කියන්නේ.
නාගර්ජුන යන්ත්‍රය එක එක මණ්ඩලවලින්ම තමයි සම්පූර්ණ වෙලා තිබෙන්නෙ. නමට රූපෙට මතුරන්නේ. රූපසටහන පසුව සඳහන් කරන්නම්. මේ නාගර්ජුනයට සාපේක්ෂව හෘදයා නාගර්ජුනය කියල එකකුත් තිබෙනවා. ඒක මීට වඩා ටිකක් අමාරුයි අඳින්න. එහෙත් මතුරන්නෙ එකම මන්තරයෙන් බොහොම ටිකක් වෙනස්. ජප මන්ත්‍රය නම් එකයි. මේ යන්ත්‍රය මණ්ඩලවලින් පිරුණාට වැඩිපුරම දිෂ්ටි කරන්නෙ විෂ්ණු දෙවියන්ට. මම කලිනුත් කිව්වනෙ රාහු කියන්නෙ රවි ග්‍රහයාගේ පුතා කියලා එහෙනම් රවි ග්‍රහයාට මතුරන්න ඕනෑ විෂ්ණුට වඩා සැර ඊශ්වර දෙවියන්ට බව වැටහෙනවා ඇති.
සාමාන්‍යයෙන් රාහුට නියමිත නාගර්ජුන යන්ත්‍රය මතුරන වාර ගණන 18000යි. මෙහෙම කිව්වට බය වන්ට එපා. එක දිගට මතුරන්න අමාරු තමයි. මේක දවසින් මතුරල ඉවර කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් දින 02ක් 03 ගන්නවා. හැම දිනකම නවත්වනකොට ස්පුඨය ගහලා නවත්වා පසුවදා “නමෝ අස්ථාය ෂඩ්” කියල ආරම්භ කරන්න.
නාගර්ජුනය මතුරන කොට රාහුගේ විස්තර මතුරන කෙනාගේ හිතේ තිබෙන්න ඕනෑ. එනම් රාහුගේ වාහනය අශ්වයා, ස්ත්‍රී පුරුෂ භාවය, පුරුෂ කෲරයි පාට දූම නිල් ගන්නවා. නිලය පිරිස, රාහුගේ අවතාරය සූඛරයා නොහොත් ඌරා. මේ නාගර්ජුනය මතුරන කොට ඔළුවට සිහිවන්ට ඕනෑ. අශ්වයෙක් පිට නැඟී කෲර ඇස්, ඇති දූම නිල් පැහැති දුම්බීමට වඩා හිතකර උස් ශරීරයෙක් ඇති වාතාධික රෝග හදන රාහුටයි මේ මතුරන්නෙ කියලා. ඔන්න ජප මන්ත්‍රයක් ලියන්නම්
ඕං ප්රාණාය ඉංද්‍රිය ප්‍රාණය - ශි්රනේහි නේස්වාහඞ
“ඕං හී්ර අං අං ක්ෂං ශිවාය ශි්රජ්දා නමඞ
මේ මූලික මන්ත්‍රය විතරයි හොඳේ.
අවශ්‍ය වෙලාවට නාගර්ජුනය මතුරන කොට වාර 17500 වන කොට මඩවලක සතුටින් ඉඳලා පෙරේතව කෑම කන ඌරෙකුගේ ශබ්දය ඇසේවි. එතකොට වැඩේ සාර්ථක බව හිතන්න. මේ යන්ත්‍රය “පස්ලෝ” වලින් ගත්තොත් වඩා හොඳයි. රූපයේ මේ විදියට නිර්මාණය කරල තිබුණට තරුවෙ මැද නම විතරක් ලියල මදි. එතැන නම සමඟ ලග්නය, නවාංශකය නැකතත් ලියන්න ඕනෑ. මේ ඔක්කොම ඔබට තහඩුවේ ලියන්න බැරි ඔබ එකවරම තහඩුවේ ලියනවා. එහෙම නැතිව ඊට කලින් සාමාන්‍ය කොළයක කීප විටක්ම පෙර පුරුදු වෙලා පසුව තහඩුවේ ලියන්න. මේ යන්ත්‍රය පොතේ බලාගෙන රූප බලාගෙන මුදල් උපයන ආසාවෙන්ම බොහෝ අය යන්ත්‍ර අඳිනවා. ඒක නිසා හැම යන්ත්‍රයකම කිසියම් හෝ සුළු අඩුවක් ඇතිවයි එහෙම ප්‍රසිද්ධ කරන්නේ. මන්ත්‍ර ලියනවා වගේ. දක්ෂ යන්ත්‍රවේදියා නැත්නම් ඡ්‍යොතිර්වේදියා ඉතින් ඒ අඩුව පුරවා ගන්නවා. මේ යන්ත්‍රයත් එහෙමමයි. නම විතරක් ලිව්වාට මදි. මේ යන්ත්‍රයේ තව විශේෂයක් පෙනෙනවද කිසියම් බැඳි අකුරක් වත් නැහැ. ද්විත්ව රූල් නැහැ. ඒවාත් අවබෝධයට අරගන්න ඕනෑ.
ඔබේ දැන ගැනීම සඳහා මෙහෙම කළේ ඔබේ දැනුම වර්ධනය කිරීමටයි. හැම ගැබකම මණ්ඩලය කියල පුරවගන්න.
මම මෙහෙම යන්ත්‍රය ඇන්දට නියම දිග, පළල ගන්ට ඕනෑ. යන්ත්‍ර නීතිය අනුව උදාහරණයක් වශයෙන් දිග2, පළල 2 නම් අන්තර්ගතයි. ඒත් මේ යන්ත්‍රයට ආදේශ කරන්ට බැහැ. ඇතුළත් කරන කරුණු වැඩියි. නිවැරැදි යන්ත්‍ර දිග හා පළල ගන්න. 2ය8 නරකයි. ප්‍රතිඵල මරණය.
විශේෂයෙන්ම කියන්න ඕනෑ. නිවැරැදි යන්ත්‍රයකින් යක්ෂ, දෝෂ, ග්‍රහදෝෂ මුළුමනින්ම නැතිවනවා වගේම වැරදි දිග, පළල, මාරක වෙලාවකට යන්ත්‍ර ආරම්භය වැනි දේවල් නැති කරදර ඇති කරනවා. ඕනෑම යන්ත්‍රයක් ආරම්භ කරන්න ඕනෑ. ආතුරයගේ නැකතට සීහුම් වන නැකතටයි. මේවා ඇත්තටම විශ්ව ශක්තියට අයිති වැඩ. නිවැරැදිව කළොත් නිවැරදිව ප්‍රතිඵල හිමිවෙයි.