මහා සූර්ය නිමිත්ත

ඔක්තෝබර් 25, 2024

ඡ්‍යොතිෂයේ ඇති නිමිති ශාස්ත්‍රය පිළිබඳ දන්නා බොහෝ දෙනා මහා සූර්ය නිමිත්ත පළ කරන ලෙස කරන ලද ඉල්ලීම සලකා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් මහා සූර්ය නිමිත්ත මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

මෙය දැන ගැනීමෙන් ඔබට නිමිති ශාස්ත්‍රයේ ප්‍රයෝජන මෙන්ම ආර්ථික වශයෙන් ඉතා වැදගත් පල රැසක් හිමිකර ගත හැකි වනු ඇත. මෙය දිගු කලක් පුරා කරන ලද පර්යේෂණවලින් නිරවද්‍යබව තහවුරු වූ නිමිත්තක් වන අතර තමන්ගේ සැබෑ ප්‍රශ්නය සිතට එකඟව පිරිසුදු අදහසින් අදිටන් කරගෙන භාවිත කිරීමෙන් වඩාත් නිවැරැදි ප්‍රතිපල ලබා ගත හැකි වනු ඇත.

නිමිත්ත අල්ලන ක්‍රමය

චක්‍රය තුළ ඇති අංකයක් අහඹු ලෙස අල්ලා එම අංකයට ප්‍රශ්න අංකය එකතු කරන්න. එවිට අදාළ පිළිතුර ලැබෙනු ඇත. උදාහරණය - චක්‍රයේ අංකය 304 යැයි සිතමු. එහි ප්‍රශ්න අංකය ඔබට නඩුවෙන් ජය අත්වේද? යන්නට අදාළ, 9 අංකයයි. ඒ ඉලක්කම් දෙක (304+ 9= 313) එකතු කළ විට 313 අයත් පිළිතුර ලැබේ. එහි කියැවෙන්නේ ජය හා සතුට ලබනවා යන්නයි. මේ අන්දමට නිමිත්ත අත්හදා බලා ජය පරාජය ඉටු අනිටු බලාගන්න.

මහා සූර්ය නිමිත්ත අසන ලද ප්‍රශ්නවලට සුබ අසුබ පිළිතුරු

01. මේ කාලය නිසරුයි. උතුමන් සෑහෙන අය අසතුටෙන් සිටිත්.

02. අදහසට විරුද්ධ අය වැඩියි. කනගාටු පැමිණෙනවා.

03. වෙළෙඳාමෙන් ජය ගන්ට නම්, පියාගේ ලේ හුරු නෑයකු සම්බන්ධ කරගත යුතුයි.

04.විඩාව, හිරිහැර, වියදම්, සිත් රිදුම් දක්වන්නේ ය.

05. නැතිවූ දේ නොලැබේ.

06. ඒ දේ නැඟෙනහිර දෙසට වීමෙන් පුලුස්සා දැම්මා වාගේ පෙනේ.

07. නිතර ගුරුතුමා ආශ්‍රය කරනු. මේ තාක් දැනගත යුතු දේ දැනගෙන නැත. ප්‍රමාද වුවොත් අසමර්ථ්‍ය වෙනවා.

08. තෑගි ලබන්නට මේ කාලයේ වාසනාව නැත.

09. ජයක් නැහැ. එහෙත් වැඩි පරාජයක් ද නොපෙනේ. වියදම සහ විඩාව ඇතිවේ.

10. බොරුව සම්පූර්ණයෙන් ඉවත් කර කෙළින් ක්‍රියා කළ යුතුයි.

11. ඔහු හා ගනුදෙනුවෙන් ඉවරයක් නැති කරදර ඇති කරනවා.

12. අද, වැඩ ඉවර නැති, සිතට කරදර වැඩි දවසකි.

13. කිසි කලක නැත.

14. පලක් නැති නිසරු වියදම් කරවන ආලයකි.

15. නුසුදුසුයි.

16. කිසි පලක් වෙන්නේ නැත. අදහස ඉවත් කරනු.

17. පෙනුමට පමණක් ඔපය ඇති. හිතුවක්කාර, වියදම්කාර, කියනාකාර නොකරන, චපල ගති ඇති අය වෙති.

18. මාස නවයකින් පසු ගමින් පිට යෑම ගැන නැවත ප්‍රශ්න කරනු.

19. ඇවිදින්නට නම් වෙනවා. උත්සාහ කර වැඩක යෙදෙනු.

20. ලෙඩාට සුව වෙනවා. එහෙත් කල්ගත වෙනවා.

21. උෂ්ණය සහ හිසේ දොස් හේතු කොටගෙනයි.

22. පුළුවනි. එහෙත් කල්ගත වෙනවා.

23. අදහස් කළ අයට වඩා සමර්ථ්‍ය අය පහසුවෙන් සොයා ගැනීමට හැකිව තිබියදී මේ අයම කුමකට ගෙන්වනවාද?

24. නෑ. නෑ.

25. පුළුවනි. උත්සාහය පමණක් වුවමනායි.

26. මේ කරන රක්ෂාවෙන් බොහෝ කල් ගොස් සැප දෙනවා.

27. හෙමිහිට වෙන තැනක් රහසේ සොයා ගැනීම නුවණට හුරුයි.

28. පිරිමි දරුවෙකි.

29. ආණ්ඩුවේ සහ ලොකු අය ආශ්‍රයෙන්.

30. හතුරන්ට පරාජයයි. තමන්ට වියදම් සහ විඩාව දෙයි.

31. සිත් වේදනාව සහ වෙහෙස ඇතිව අවසාන වේ.

32. උතුමන්ගෙන් පාඩු සහ සිත් කරදර ගෙන දෙන ලකුණකි.

33. කෝපය සහ නොහික්මුණූු ගතිය නිසාය.

34. ඔව්.

35.දැන්ම නිදහසක් නෑ.

36. සුදුසු නම් නෑ, සිත සනසා ගත යුතුයි.

37. කිසි කලෙක වාසනාවන්ත නොවේ.

38. මෙය ඉතාමත් කරදර සහිතව ස්වල්ප කලකින් වෙනස් වේ.

39. සතුටුදායක වුවත් ඉඳහිට ශරීර විඩාව ගෙනේ.

40. සඵල වෙනවා. බලාපොරොත්තු පමණටම නොවේ.

41. ප්‍රයෝජනයි. ගෑනු නෑයන්ගේ සහායත් වුවමනායි.

42. රස කෑම සහ සිත් සතුටත් ඇති කරයි.

43. ලැබෙනවා. කනගාටු නොවනු.

44. ගැහැනු කෙනකු අතට පැමිණ තිබේ.

45. සමර්ථ්‍ය වෙනවා. ශ්‍රේෂ්ඨ තරමට නොවේ.

46. ලැබෙනවා. වැඩි වටිනාකමක් නැත.

47. ජයක් ලැබේ. වැඩි පලක් නැත.

48. සාමදානය ඇති කර ගැනීමයි.

49. ගනුදෙනු මධ්‍යම තරමට කළාට කමක් නැත.

50. අද සාමාන්‍යයෙන් හොඳයි. කාලය ඉක්මනට ගෙවෙනවා ඇත.

51. ඒකට නම් වාසනාවක් නැත.

52. ආලය නම් ස්ථිරයි, මඟදී සිත් වේදනාවක් ඇති කරයි.

53. විවාහයට සුදුසුයි. ඉක්මන් නොවීමට සිතට ගත යුතුයි.

54. සපලයි. එහෙත් ඉතුරුවන වාසියක් නැත.

55. ඉදිරිපිට පෙනුම යහපත් වුවත් වෙනස්වන ගති රඳා තිබේ.

56. ටික කලකට වරදක් නැත.

57. ඇවිදින්ට වෙනවා. ඉන් ස්වල්ප ප්‍රයෝජන තිබේ.

58. සුවවෙනවා. නැවත ස්වල්ප වෙනසක් වී සම්පූර්ණ සුවය ලැබේ.

59. වාතය හා සීතල හේතුවෙනුයි.

60. පුළුවනි. කල් යනවා.

61. ඔව්, ටිකක් ප්‍රමාද වීමෙනි.

62. සතුටුදායකයි.

63. පුළුවනි. සෙල්ලම් සිත ඉවත් කරනු.

64. අවසානයෙහි සැප දෙනවා. මීට උදවු කරන ස්ත්‍රී ප්‍රාණයට ගරු කරනු.

65. යහපති.

66. ගෑනු දරුවෙකි.

67. ජලය ආශ්‍රය කරන ස්ථානයක කෙනෙක් යටතේ.

68. ඔවුන්ගේ දෙඩවීම පමණයි. අවසානයේ තමන්ට ජයයි.

69. නිෂ්ඵලාකාරයෙන් සිදුවේ.

70. ගැහැනු ප්‍රාණයකින් ලාභයක් ලබන බවයි.

71. ඔහු හදිසියේ එසේ කළාට සිත යට විරුද්ධ නෑ.

72. සලකනවා. ගෑනු දරුවන් හොඳටම සලකනවා.

73. නිදහස ලැබේ. ටිකක් ප්‍රමාදයි.

74. ගමට වැඩිය පිටරට සුදුසුයි.

75. වාසනාවන්ත වෙනවා.

76. වරින්වර ඇතිවන බාධාවන් නොසැලකුවොත් පමණයි.

77. සිතට කෝප උපදවන ශරීරයේ ලේ, පිත් කිපුණ කාලයයි.

78. මේ අදහස ඉවත් කරනු. මින් දබර උපදී.

79. හතුරන් නිසා මෙයින් ප්‍රයෝජන නොලැබේ.

80. ශරීරයට තුවාල වීම. දබර, දුක්, හිරිහැර උපදී.

81. කවදාවත් නොලැබේ.

82. තරුණකමට කෝපය මුල් කරගෙන සොරා ගත්තා.

83. සැක සහිතයි. උත්සාහ කළොත් අවසාන මොහොතේ ස්වල්ප ඉඩක් තිබේ.

84. නෑ. ඒ ගැන විශ්වාස තබන්නට වුවමනා නැත.

85. පරාජය පමණක් නොවේ. සිත් වේදනා ද උපදී.

86. පාඩුව තමන් විඳ ගැනීමයි.

87. හොඳ නැහැ. ඔහුගේ සිත නපුරුයි.

88. අද සිතට කෝපය, දුක උපදින්නට කරුණු සැලසෙන දිනකි.

89. හීනෙන්වත් නෑ.

90. නෑ. බොරුවයි ප්‍රයෝගයයි දෙක පමණයි.

91. භයානකයි.

92. පාඩුවයි, හිරිහැරයයි.

93. තරුණකම, කඩිසරකම, බොරු කියන සිදු නොවූ දේ සිදුවුණාක් මෙන් කියන අනුන්ට විරුද්ධ ගතියයි.

94. ගමින් පිට එක අඩියක්වත් නොතබනු.

95. ඔව්. ඉතාමත් දුක් ඇති කාලයක් බැවින් ධර්මානුකූලව පිළිපදිනු.

96. පිත සහ ලේ දෝෂයන් නිසා අවිශ්වාසයි.

97. ලේ විසවීම සහ පිත් කිපීමයි.

98. ඔහු ඉක්මනින් වෙනස් කරනු.

99. ඔහුට නම් සුව කරන්ට බෑ.

100. සිත් කරදර උපදින ඉඩමකි.

101. කෝපය සහ සෙල්ලම් සිත ඉවත් කළොත් පුළුවනි.

102. නෑ, දුක නම් දෙයි.

103. ඔහු ඉතා නපුරු පාපිෂ්ටයෙකි.

104. කඩිසර, චණ්ඩ පිරිමි ළමයෙක්.

105. බෙහෙත්වල කටයුතු හෝ ආණ්ඩුවේ මෙහෙයක්.

106. ඔව්, ඒකාන්තමයි.

107. මෙය ඔළුවට කරදර වැඩිවීමෙන් අවසාන වේ.

108. ශරීර පීඩාවට ලකුණකි.

109. සිතට ආ තරහක් ඉවසාගන්න බැරිව.

110. ඒ ගැන සිතා දුක් නොවනු.

111. කිසි කලෙක නෑ. ලුණු පොල් කට්ටේ ලුණු වාගෙයි.

112. නුසුදුසුයි.

113. වාසනාව එක දවසකට පමණයි.

114. නෑ. ඉක්මනින් වෙනස් වෙනවා.

115. මේ කාලය ලෙඩ සහිත, අලස, නිසරු භය දෙන කාලයකි.

116. අදහස නම් සිතිවිල්ලක් පමණයි. පලක් නෑ.

117. වෙළෙඳාමෙන් පටන්ගැන්මේ සිටම ණය දක්වනවා.

118. ගමනෙන් අර්ථයක් නැත. වෙහෙස පමණක් දෙයි.

119. ලැබෙන්නේ නම් නෑ. ආරංචිය පමණක් ලැබේ.

120. පාඩු කරන අදහසින් කෙනෙක් තරහට ගත්තා

121. කොපමණ උත්සාහ කළත් අසමර්ථ්‍ය වෙනවා.

122. තෑගි ලැබීම තබා අතටත් පාඩු කරයි.

123. පරාජය නින්දාවත් සමඟයි.

124. පාඩුවත්, අවමානයත් ඉවසිය යුතු වේ.

125. ගනුදෙනුවට නම් ඒ අය කොහෙත්ම හොඳ නෑ.

126. අද පාඩු කරන අවසානයේ දී ඉගෙනගත යුතු යමක් ඇති කරයි.

127. රේස් ටිකට් ඇදෙන්නේ නෑ.

128. ආලය සිත් තැවුල් කරන අස්ථිර ආලයකි.

129. නුසුදුසුයි. අදහස ඉවත් කරනු.

130. කිසිම පලක් නෑ.

131. බොරු, අහංකාර, රහස් වැඩි සිත තුළ පවට කැමැති නිසරු අයෙකි.

132. ගමින් පිට වාසයෙන් නොදන්නා දේ ඉගෙන ගන්ට පමණක් හොඳයි.

133. කිසි පලක් නැතිව ඇවිදින්ට වෙනවා.

134. සුව වීම සැක සහිතයි, උත්සාහ කර බැලීමෙන් සිතේ දුක් අඩු කෙරේ.

135. වුවමනාවට වැඩි වැඩපළ ක්‍රියාදිය හේතුකොටගෙනයි.

136. ඔහුට ලෙඩා සුවකරන්න බෑ.

137. බෑ. බෑ. බෑ.

138. කිසිම සතුටක් උපදින්නට කරුණු නොලැබේ.

139. බැරි බව ඔබටත් තේරී ඇත.

140. යමක් ඉතුරු කරන්ට බැරි වේ.

141. ඔහුගේ කරදර නිසා වැඩිකල් ඉන්ට නොලැබේ.

142. ලෙඩ සහිත ගෑනු ළමයෙක්.

143. සිල්ලර වැඩ තැනින් තැන කර ස්වල්ප ලාභ ලැබීමකටයි.

144. හතුරා බොහෝ වෙහෙස විඳ අවසානයේ දී පරාජයට පැමිණේ.

145. මෙහි අවසානය පාඩු සහිතයි.

146. මේ ශරීරයේ වාතාධික නිසා පෙනෙන සිහිනයි.

147. ආත්මාර්ථකාමී අදහස් පිටයි.

148. සැලකීම විහිළුවකි.

149. කරදර සිත් තැවුල් අවසානයේ දී ස්වල්ප නිදහසකි.

150. පිටරට යනවාට වඩා සියරට හොඳයි.

151. මතුවට කිසිම වාසනාවක් නොපෙනේ.

152. බොහොම ඉක්මනින් මෙය වෙනස් වෙනවා.

153. සැනසිලිදායක ප්‍රයෝජනවත් සතුටු දිනයකි.

154. සතුටුදායක ලෙස සපල වෙනවා.

155. කූට අදහස් වෙනස් කළොත් වෙළෙඳාමෙන් බොහෝ ජය ලැබේ.

156. නෑයන්ගේ සැලකිලි හා උතුමන්ගේ උපකාර ලැබේ.

157. මිතුරකු මඟින් නැති වූ දේ ලැබේ.

158. තිබුණා වාගේම බඩුව තිබේ.

159. සමර්ථ්‍ය වෙනවා.

160. සතුටුදායක තෑග්ගක් ලැබෙනවා.

161. මිතුරන්ගේ උදව්වෙන් නඩුවෙන් ජය ලැබේ.

162. මිතුරන්ටත් සාක්ෂිකරුවන්ටත් සැලකීමයි.

163. ඒ අය අවංකයි. ගනුදෙනුවට හොඳයි.

164. අද හොඳ දවසකි. මිතුරන් සෑහෙන උතුමන්ගෙන් ප්‍රයෝජනයි.

165. මහත්වරු අශ්වයන් පිට යනවා සීනෙන් ළඟදී දුටුවා නම් ටිකට් එකක් ඇදෙන ලකුණකි.

166. ස්ථිරයි, විශ්වාසයි.

167. සුදුසුයි, සැපදායක ජීවිතයක් ගත කරන්නට ලැබෙනවා.

168. සපලයි, ප්‍රයෝජන ලැබේ.

169. චරිතය නම් බොහොම හොඳයි. ආඩම්බර නැති, කරුණාවන්ත, තමන්ට මෙන්ම අනුන්ටත් උපකාර කරන යහපත් ගතියකි.

170. ගමට වඩා පිටදී ප්‍රයෝජන ලැබේ.

171. නෑ. වෙහෙස විඳින්ට වෙන්නේ නෑ.

172. සුවවෙනවා, භය නොවනු.

173. අකාල වාත කිපීමෙන්.

174. පුළුවනි.

175. ඔහු ගැන රටේ ආරංචි බොරු නොවේ. ඔහුට පුළුවනි.

176. සතුටුදායකයි, ප්‍රයෝජන ලැබෙනවා.

177. පුළුවනි, කාලය නිකරුණේ ගත නොකර ඉගෙනීමෙහි යෙදෙනු.

178. සත්තකින්ම ඔව්.

179. ඔව්, නුඹ කෙරෙහි කරුණාවෙන් සිටී.

180. හොඳ පිරිමි දරුවෙක්.

181. ශාස්ත්‍රය අතේ හෝ අන්‍යයන්ට ඉහළින් කටයුතු.

182. සතුරන්ට ජයයි, සමඟිය ඇති කරගැනීම හොඳයි.

183. මෙහි අවසානය සතුට, සැප, සැනසිල්ල හා වික්‍රමය ඇති කරයි.

184. යහපත් කාලයක් ලැබූ බවට ආරංචියක්.

185. මිත්‍රකම, හිතවත්කම සහ යුතුකම් සැලකීම් වශයෙන්.

186. පිරිමි දරුවෝ හොඳට සලකනවා.

187. ඔව්, සතුටුදායක නිදහස ලබයි.

188. ඔව්, ගමට වඩා සැනසිලි ලැබේ.

189. වාසනාවන්තයි, සැක නොකරනු.

190. ඔව්, අවසානය දක්වා සැපෙන් ගත කළ හැකිය.

191. නිසරු, පීඩා සහිත කරදර දුක් සහිත කාලයකි.

192. අදහස ඉවත් කරනු. පලක් නෑ.

193. කිසිම ජයක් නෑ.

194. දුක් ලැබේ.

195. නෑ, ඈ හට දකින්නට නොලැබේ.

196. එය වංචාකර ගත්තා.

197. මේ විභාගයෙන් දුක් සහිත පරාජයක් පෙනේ.

198. නෑ.

199. නඩුවෙන් දුක් සහිත පරාජයක්.

200. ජයගන්ට නින්දාවත් පාඩුවත් ඉවසිය යුතුයි.

201. ගනුදෙනු ලබා විශ්වාසය සිත තුළ තබා ගැනීමත් දුකට හේතුයි.

202. අද දින ඉතා නපුරු නින්දා ලැබිය හැකි දිනයකි.

203. නෑ... නෑ.. නෑ..

204. නෑ... නෑ.... නෑ...

205. විවාහයට තබා දැකීමටවත් පි‍්‍රය නොකරනු.

206. කිසි පලක් නැත.

207. නිතර සිත දුකෙන් ගත කරන, පව් කරන කාලකණ්ණියෙකි.

208. ගමින් පිට එක අඩියක්වත් නොතබනු.

209. ඇවිදින්ට නම් වෙනවා. උත්සාහයෙන් වළකා ගැනීමට සිතනු.

210. මෙයින් ඉක්මනින් දුක පෙනේ. කනගාටු වෙලා කරන්ට දෙයක් නැත.

211. බඩවැලේ දොසකින්.

212. ඔහුට සුව කරන්ට බැහැ. වෙන කෙනෙක් සොයනු.

213. ඔහුට බැරි බව තේරිලත් ඇත.

214. කිසිම සතුටක් නැති තැනකි.

215. බැරි බවයි කිව යුතුව තිබෙන්නේ.

216. මේ කරන රක්ෂාවෙන් එන්ට එන්ට දුකම ලැබේ.

217. මේ ගැන සොයන්ට ඕනෑ නෑ. කල් යන්ට යන්ට ඔහුගේ ගතිය නරක අතටම හැරෙනවා.

218. පිරිමි ළමයෙක්.

219. පොළොව සම්බන්ධ කටයුතු කිරීමයි.

220. හතුරන් ආඩම්බර වී ජයත් ලබයි.

221. නපුරු ලෙස දුක් දෙමින් අවසාන වෙනවා.

222. දුක් දෙන ලකුණක් වශයෙන් හීන පෙනුණා.

223. ප්‍රයෝගයක් පිටයි.

224. නෑ.

225. නිදහස හීනෙන්වත් නොලැබේ.

226. පිටරට වාසය දුකයි.

227. කිසිම වාසනාවන්තකමක් නැත.

228. නෑ. මේ දුක් වැඩි බැවින් ළඟදී වෙනස් වෙනවා.

229. වැඩ පණිවුඩ ආදිය වැඩි කාලයකි.

230. ඥානය හේතුවෙන් සපල වෙනවා.

231. ඔව්, ගනුදෙනු හරියට තබා ගනින්.

232. ගමන සතුටුදායකයි. ප්‍රසිද්ධ වන ලකුණකි.

233. ලැබෙනවා.

234. පොඩි වැරැද්දක් නිසා ඈත් වුණා. එය ලැබෙනවා.

235. සතුටුදායක ලෙස සමර්ථ්‍ය වෙනවා.

236. ලැබෙනවා.

237. ජයයි.

238. සිහිකල්පනාව වුවමනායි.

239. ගනුදෙනු කළාට වරදක් වන්නේ නැත.

240. අද, යහපත් සතුටුදායක දිනයකි.

241. නෑ. මේ කාලය එවැනි වාසනාවන්ත කාලයක් නොවේ.

242. ස්ථිරයි.

243. සුදුසුයි. ඉන් මතුවට සතුට සහ ප්‍රයෝජන ලැබේ.

244. සපලයි.

245. ඉදිරිපිට මෙන්ම සිත් තුළ ඇති යහපත් කෙනෙකි.

246. ගමට වඩා පිටරට සැපදායකයි.

247. ඔව්, එයින් ප්‍රයෝජනත් ලැබේ.

248. ඉක්මනට සුවවෙනවා.

249. සෙම් කෝපය නිසයි.

250. පුළුවනි.

251. ඔව්.

252. සතුටුදායකයි.

253. හොඳට පුළුවන්කම තිබේ.

254. මේ කාලයට වඩා මතුවට ප්‍රයෝජන ලැබේ.

255. බොහොම හොඳයි. ඔහු ඥානවන්තයි.

256. පුත්‍රයෙකි.

257. පොත්පත්වල ගනුදෙනු සහ ලිපිකාර වැඩ.

258. නුඹේ ඤාණය හොඳයි, එයින් සතුරන්ගෙන් ජය ගනී.

259. මෙය සතුටුදායකව අවසාන වෙනවා.

260. වාසනාවන්ත කාලයක් දැක්වීමේ ලකුණකට,

261. සෙල්ලම් සිතකින්.

262. ඔව්.

263. ඔව්.

264. ඕනෑ නම් පිටරට ගියාට කමක් නෑ. වාසිලැබේ.

265. වාසනාවන්තයි.

266. පුළුවනි. දැනට වඩා මතුවට සැප ලැබෙනවා.

267. නිදිමත වැඩි, නිකරුණේ භය දෙන කිසිම පලක් නැති කාලයකි.

268. අදහස සීනයක් වාගේය. කිසි පලක් නොවේ.

269. වෙළෙඳාමෙන් නුඹට වාසි නොලැබේ.

270. ගමන නවත්වනු. අනතුරු ලැබෙයි.

271. නැති වූ දේ නැවත නොලැබේ.

272. නුඹේ නොසැලකිල්ල නිසා කෙට්ටු අයෙක් අරගත්තේ ය.

273. අසමර්ථ්‍යකම නිසා කනගාටු වෙන්ට වෙනවා.

274. නෑ.

275. පරාජයයි.

276. නඩුවෙන් ජයගන්ට දුකත් පාඩුවත් ඉවසනු.

277. ගනුදෙනුවට ඒ අය කොහෙත්ම හොඳ නැත. ඒ ගැන ආරංචි ලැබෙයි.

278. ඉතා නපුරු දවසකි. පරෙස්සම් වනු.

279. නෑ. නෑ. නෑ.

280. අස්ථිරයි.

281. සුදුසු නෑ.

282. පලක් වන්නේ නැත.

283. නිදිමත වැඩි, ඉඳහිට යමක් කරන්ට ලෑස්ති වන කම්මැළි බොරු වැඩි පලක් නැති අයෙකි.

284. ගමින් පිට යන්ට නොසිතනු.

285. පලක් නැති ගමන් බැවින් නොයනු.

286. ලෙඩා සුවකරන්ට බෑ.

287. වාතය කිපීමත් අපිරිසුදුකමත් යන හේතු නිසයි.

288. බෑ.

289. බෑ.

290. නෑ.

291. ඉගෙනීමට වාසනාවන්තකමක් නොපෙනේ.

292. මින් මතුවට කිසි පලක් නොවේ.

293. ඔය ස්වාමියාගෙන් ඉවත්වීම නුවණට හුරුයි.

294. ගෑනු දරුවෙකි.

295. නුඹට හිමි රක්ෂාව වෙදකමයි.

296. සතුරන්ට ජයයි.

297. දුක්ඛදායක අවසානයකි.

298. හිතේ ලෙඩට ලකුණක් වශයෙන් පෙනුණා.

299. ඔහුගේ ගතිය එසේ බැවින්, එසේ කළ නමුත් නුඹට වරදක් නොවේ.

300. දරුවන්ගේ සැලකීම විහිළුවකි.

301. නිදහස ගැන සිතීම සිහිනයක් මෙනි.

302. පිටරට යෑම විපත්තිදායකයි.

303. කාලකණ්ණි විවාහයක් සිදුවෙයි.

304. ඉක්මනින් වෙනස් වෙනවා.

305. සැප දෙන වාසනාවන්ත කාලයකි.

306. හිතවත් මිත්‍රයකුගේ මඟින් අදහස සපල වේ.

307. වාසනාවන්තකමෙන් වෙළෙඳාමෙන් ජය වේ.

308. ගමන ආරම්භයේ සිට සතුටුදායකයි.

309. පුදුමාකාරයෙන් නැති වූ දේ ලැබෙනවා.

310. සෙල්ලම් පිණිස කෙනෙක් ගත්තේ ය.

311. සතුටාකාරයෙන් සමර්ථ්‍ය වෙනවා.

312. ලැබෙනවා, සතුටු වෙනු.

313. ජය හා සතුට ලබනවා.

314. ඇත්ත පාවිච්චි කරනු.

315. සත්තකින්ම ගනුදෙනුවෙන් සතුට උපදවනවා.

316. අද ඉතාමත් සතටුදායක දිනයකි. සතුටු විය හැකිය.

317. ඔය අදහස අත්හරිනු. හරියන්නේ නෑ.

318. ස්ථිරය, සතුටු වනු.

319. සුදුසුයි.

320. සපලයි. ඒ කටයුත්ත කරනු.

321. සතුට සහ සැප කැමැති විශ්වාස කටයුතු කෙනෙකි.

322. සුදුසුයි. ගමට වඩා පිටදී සැප ලැබේ.

323. නෑ. ඇවිදින්ට වෙන්නේ නෑ. වෙහෙසක් නෑ.

324. ඔව්, ඉක්මනින් සනීප වෙනවා.

325. ඔය ලෙඩේ හැදෙන්ට හේතුව සැප වැඩිවීමයි.

326. පුළුවනි.

327. ඔව්.

328. ඉතාමත් සතුටුදායක තැනකි.

329. පුළුවනි. භය නොවනු.

330. සත්තකින්ම මීට වඩා සැප මතුවට ලැබෙනවා.

331. බොහොම හොඳ ස්වාමියෙකි. ඔහු නුඹට කරුණාවයි.

332. කදිම ගෑනු ළමයෙකි.

333. සිත් පිනවන දේ සහ රස කෑම වර්ග වෙළෙඳාමයි.

334. නුඹට මෙන් හතුරන්ටත් ජයයි, මිත්‍රකම් පෑම නුවණට හුරුයි.

335. මෙහි අවසානය සෙල්ලම් හා සතුට ඇතිව සිදුවේ.

336. වාසනාවේ ලකුණකි.

337. සෙල්ලම් පිණිස.

338. දරුවන් හොඳහැටි සලකනවා.

339. ඉක්මනින් නිදහස ලැබේ.

340. පිටරට වාසය බොහොම හොඳයි.

341. ඉතාමත් වාසනාවන්තයි.

342. ඔව්

343.කරදර ඇති තරහ උපදින තාඩන පීඩන ඇති කාලයකි.

344. නිෂ්පලයි. වැඩක් නැත

345.ණය බරින් මෙන්ම හාදකම් නිසා පාඩු සිදුවේ.

346. මුල සිටම කරදර සිදුවේ.

347. කිසිම විදිහකින් ආරංචියක් නොලැබේ.

348. අතුරුදන්වීම සිතීමට පවා නොහැකිය.

349. බෑ. ඒ ගැන කනගාටු වී කරන්ට දෙයක් නෑ.

350. නෑ.

351. නඩුවෙන් විරුද්ධ පැත්තට නම් ජයයි.

352. යටත් වීම පමණකි.

353. එපා, අදහස අතහැරපන්.

354. අද බොහොම කාලකණ්ණි දවසකි.

355. නෑ

356. නෑ

357. නෑ

358. නෑ

359. කෝපාධික, කියනාකාර නොකරන, මාන්නාධික, නිෂ්ඵල චරිත ඇත්තෙකි.

360. ගමින් පිට අඩියක්වත් නොතබනු.

361. ඇවිදින්ට නම් වෙනවා. නිකරුණේ කරදර පමණයි.

362. ලෙඩාගේ අසනීපය බරපතළයි. බිය විය යුත්තේ වරින්වර වෙනස්වීම ගැනයි.

363. උෂ්ණයෙන් සහ පිත කිපීමෙනි.

364. බැරි බව පෙනේ.

365. බෑ. ඒ අදහස වෙනස් කරනු.

366. නෑ. හොඳ නෑ.

367. බැරි බව පෙනේ.

368. මතුවට සැප හීනයි.

369. මොහු ළඟ සිටීම භයානකයි.

370. පිරිමි දරුවෙකි.

371. ආණ්ඩුවේ හෝ බෙහෙත් ගබඩාවක.

372. උඹට වඩා හතුරාට ජයයි.

373. මෙහි අවසානය භයානකයි.

374. උසාවි කරදරයක් ගැන ලකුණකි.

375. නපුරුකමට

376. ඒක බොරු අදහසකි. කනගාටු නොවනු.

377. නිදහසක් නැත.

378. නෑ. සුදුසු නෑ.

379. අවාසනාවන්තයි.

380. මේ කටයුත්ත ගිනිගත් පුළුන් මෙන් වෙනස්වේ.

381. යටත් විය යුතු බැගෑවිය යුතු කාලයකි.

382. ස්වල්ප පලක් තිබෙනවා. නොකරනවානම් වඩාත් හොඳයි.

383. ඒක නුඹට මේ කාලයේදී හරි නොයයි.

384. ඒ ගමන නොයනු.

385. ලැබුණත් නොලැබුවා වාගෙයි.

386. ආශාවට කෙනෙක් ගත්තේ ය.

387. විභාගයේදී චකිතයක් නිසා අසමර්ථ්‍ය වීමට ඉඩ තිබේ.

388. නෑ.

389. පරාජයයි.

390. පාඩු විඳීමයි.

391. ගනුදෙනු කළොත් ඔහුට යටත් වී සිටින්නට සිදුවේ.

392. අද මුළු දවසම යටත්භාවය දක්වන අඳුරු දිනයකි.

393. නෑ.

394. ඒ ආලය වැනෙන අස්ථීර ආලයකි.

395. විවාහයට තබා ඇඳුනුම්කමටවත් සුදුසු නැත.

396. නෑ.

397. යටිනූල්කාර, ඇල්වතුරෙන් තම්බන ගතියයි.

398. සුදුසු නෑ.

399. ඔව්. උත්සාහ කර බේරෙන්ට බලනු.

400. බොහෝ වියදම් දරා, කරදර විඳ, උත්සාහ කොට පිළියම් කිරීමෙන් අවසානයේ දී සුව කරගත හැකි වේ.

401. සිතේ භය මුල් කර ඔය ලෙඩේ සෑදී තිබේ.

402. ඔය අයට වඩා වෙන කෙනෙක් සොයා ගැනීම නුවණට හුරුයි.

403. අධිකව උත්සාහ කළ යුතුයි.

404. මතුවට කරදරයි.

405.නෑ

406. ගැහැනු දරුවෙකි.

407.නිදහස් රැකියාවකි.

408.ප්‍රවේශම් වන්න.

409.කරදරයකින් අවසන් වේ.

410. පරෙස්සමෙන් හතුරන්ගෙන් බේරෙන්නට උත්සාහ කරනු.

411. මෙය කරදර සහිතව අවසාන වෙනවා.

412. දොස් කිපීමෙන් හෝ වෙනස් වීමේ ලකුණකට පෙනුණු හීනයකි.

413. ඔහු සිතට ආ හැටියට වැඩකරන අයෙක් බැවින් කරුණක් නැතිව එසේ කළේ ය. අමනාප වීමට වුවමනා නැත.

414. ස්වල්ප කාලයකට සලකනවා.

415. දුක් සහිත ස්වල්ප නිදහසක් අවසානයේදී ලැබේ.

416. පිටරට වාසය කරදරයි. නිතර වෙනස් වෙනවා ඇත.

417. ස්වල්ප කාලයකට පමණයි. අවසානයේ දී වෙනස් වෙනවා.

418. බෑ.

419. තරුණ අයවලුන්ගෙන් ස්වල්ප කරදරයක් හැර වැඩි වරදක් නැත.

420. බාධාවන් නොසලකා ඍජුව ක්‍රියා කළොත් සපල වෙනවා.

421. මුලදී බොහෝ පාඩු වුවත් උත්සාහය හේතුවෙන් ජය ලැබේ.

422. වැඩි පලක් නෑ.

423. ලබාගන්ට, වටිනාකමටත් වඩා වෙහෙස ගත යුතු වේ.

424. ගිනි සහ ආයුධ ඇති තැනක තිබේ.

425. එක කරුණකින් සම්පූර්ණ අසමර්ථකම දෙනවා.

426. ලැබුණත් වටිනාකමක් නෑ.

427. නඩුවෙන් පරාජය ලබයි.

428. යුතුකම් සලකා යටත් වීමයි.

429. ගනුදෙනුව වැඩි සාරයක් නොවෙයි.

430. අද නුඹට තැතිගැන්ම ඇති කරයි.

431. නෑ.

432. නුඹට වර්ධනය කරගන්ට බැරි ආලයකි.

433. විවාහයට සුදුසු මදි.

434. නෑ.

435. යුතුකම් සලකන, ඉක්මනට කිපෙන, පිළිගන්නා සිරිතයි.

 

 

436. හොඳ සිහිකල්පනාවෙන් සිටියොත් පමණක් ගමෙන් පිට වාසය යහපත් වෙන්ට ඉඩ තිබේ.

437. ඇවිදීමෙන් නම් පලක් නෑ.

438. ලෙඩාට වාතය සහ ලේ දොස් සමවීමට ප්‍රතිකාර කළොත් සුව වෙනවා.

439. ලේ නරක්වීමයි.

440. පුළුවන්කම තිබුණාට ඔහුගේ සැලකීම මදි.

441. ඔහුට බෑ

442. ඒ ඉඩම ගැන ඇති අදහස වෙනස් කරනවා නම් හොඳයි.

443. බාධාවන් නොසලකා උත්සාහයෙන් ක්‍රියා කළොත් ඉගෙන ගත හැකිය.

444. නෑ

445. ස්වාමියාගේ සැලකීම මදි. වෙන තැනක් සොයනු.

446. පිරිමි දරුවෙකි.

447. වෙදකම හෝ බෙහෙත් වෙළෙඳාම.

448. හතුරන්ට ජයයි.

449. අවසානය කරදර සහිතයි.

450. උසස් වීමත් සමඟම පහත වැටීමේ ලකුණකි. 451. තරහ මුල් කරගෙන පළිගැනීමක් වශයෙන්.

452. දරුවන්ගේ සැකලකීම ගැන බලාපොරොත්තු නොවනු.

453. නිදහස ලැබීම අවිශ්වාසයි.

454. සුදුසු නෑ.

455. විවාහය ගැන තරාදියක් මෙන් ක්‍රියා නොකළොත් කාලකණ්ණි වන්නට පුළුවන.

456. මෙය අමාරුවෙන්වත් කරගෙන යෑමෙන් අවසානයේ දී පරම්පරාවක් නඟා සිදුවිය හැකි ලකුණු තිබේ.

 

ප්‍රශ්න සටහන

 

01. මට මේ ගෙවන කාලය කෙසේද?

02. මගේ අදහස ඉෂ්ට වේවිද?

03. ව්‍යාපාරයෙන් වෙළෙඳාමෙන් ප්‍රයෝජන වේවිද?

04. අදහස් කළ ගමනෙන් කුමක් වේද?

05. නැති වූ දෙය ලැබේද?

06. නැති වූ දෙයට වුණේ කුමක්ද?

07. පෙනී සිටි විභාගයෙන් ජය අත්වේද?

08. තෑග්ගක් හිමිවේවිද?

09. නඩුවෙන් ජය අත්වේවිද?

10. නඩුවෙන් ජය ගැනීමට කුමක් කළ යුතුද?

11. අදහස් කරන අය සමඟ ගනුදෙනු කළ යුතුද?

12. අද දින මට මොන ආකාර දවසක්ද?

13. ලොතරැයියක් ඇදේද?

14. අදහස් කරන අයගේ ආලය ස්ථිරද?

15. අදහස් කරන අය විවාහයට සුදුසුද?

16. අදහස් කරන කටයුත්තෙන් පලක් ලැබේද?

17. අදහස් කරන අය හොඳද? චරිතය කෙසේද?

18. ගමින් පිට වාසයට සුදුසුද?

19. ඇවිදින්නට වේවිද?

20. ලෙඩාට සුවවේද?

21. ලෙඩේ හැදෙන්නට හේතුව කුමක්ද?

22. දැන් වෙදකම් කරන වෙද මහතාට ලෙඩේ සනීප කළ හැකි වේද?

23. අදහස් කරන අයට ලෙඩේ සනීප කරන්නට හැකිවේද?

24. අදහස් කරන ඉඩම හොඳද, සතුටුදායකද?

25. මට ඉගෙන ගන්න හැකිවේද?

26. මේ කරන රැකයාවෙන් මතු අනාගතයට සැප ලැබේද?

27. මේ ස්වාමියා ළඟ වාසය හොඳද?

28. ඇයට කුමන දරුවෙක් ලැබේද?

29. කුමන රැකියාවක් මට හිමිද?

30. සතුරන්ට ජය ලැබේද?

31. මෙය කෙසේ අවසාන වේද?

32. දුටු සීනේ විපාක මොනවාද?

33. කුමක් අදහස් කර ඔහු එසේ කළේද?

34. මට දරුවෝ සලකයිද?

35. නිදහසක් ලැබේද?

36. පිටරට වාසයට සුදුසුද?

37. විවාහය වාසනාවන්තද?

38. මේ කටයුත්ත ජීවිතාන්තය දක්වා කරන්නට ලැබේවිද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.