බිරිඳගේ වගතුග කියන සැමියාගේ කේන්දරය

සැප්තැම්බර් 27, 2024

 

‘චත්තාරෝ මේ භික්ඛවේ, සංවාසා කතමේ
චත්තාරෝ ඡවෝ ඡවාය සද්ධිං සංවසති
ජවෝ දේවියා, සද්ධිං සංවසති දේවෝ ජවාය
සද්ධිං සාවස්ති දේවෝ දේවියා සද්ධිං සංවසති”

(අංගුත්තර, චතුක්ක, පඨම පුඤ්ඤාභිසඥ වග්ග)

මහණෙනි, ස්ත්‍රී පුරුෂ දෙදෙනකු ජීවත්වීමේ ක්‍රම සතරෙකි. කෙබඳු වූ සතර ආකාර ක්‍රම වේද? මලමිණියක්, සමාන පුරුෂයකු, මළමිණියක් සමාන ස්ත්‍රියක සමඟ ජීවත්වේද? මළමිනියක් බඳු පුරුෂයකු දේවතාවියක බඳු ස්ත්‍රියක සමඟ ජීවත්වේද දේවතාවකු බඳු පුරුෂයකු මළමිණියක් හා සමාන ස්ත්‍රියක සමඟ ජීවත්වේද දේවතාවකු බදු පුරුෂයෙකු දේවතාවියක සමාන ස්ත්‍රියක සමඟ ජීවත්වේද ඒ ලෙස සතර ආකාර වෙයි.

මහණෙනි! ස්ත්‍රී මළකඳක් සමාන ස්ත්‍රියාවක සමඟ පුරුෂ මළකඳක් සමාන පුරුෂයෙකු ජීවත්වීම කුමන ආකාරවේද? මහණෙනි! යම්බඳු සහකරුවකු ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුණාවාචා, පරුෂාවාචා, සම්පප්‍රලාපා, අභිජ්ඣා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි යන දස අකුසල් සහගත කටයුතුවල යෙදෙමින් ජීවත්වෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණාදීනට ආක්‍රෝෂ පරිභව කෙරෙයි.

ඔහුගේ ස්ත්‍රියද සහකරුවා මෙන්ම දස අකුසල් ආදී පාපතරවූ කටයුතුවලම නිරතව සිටිමින් අකටයුතුවල ද නිතර ගැලෙන සුළුවෙයි. මෙවන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාම ද මළකදන් දෙකකට සමානය. ඔවුන්ගේ මෙලොව ජීවිතය හිස් බොළඳ අර්ථවත් නොවුණක් වන්නාසේම ගුණාත්මක බවෙන් දුරස්ථ වන්නෙකි. මෙලොවදීම මළකඳන් දෙකකට ද සමාන වෙයි.

මහණෙනි! පුරුෂ මළකඳක් ස්ත්‍රී දේවතාවියක සමඟ ජීවත්වෙනවා යයි කියනුයේ කුමක්ද? මහණෙනි පුරුෂයා දස අකුසලයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට, දූෂණයට,භීෂණයට නැඹුරුව පාපතර දුර්ජනයෙක් වීමද ස්ත්‍රියාව දසකුසලයට ද පතිවෘතාධර්මය රැක ගැනීමටද මානුෂිකමය ප්‍රබලතම අවිහිංසා චරිතයක් ද වේ. එවිට මළකඳක් හා සමානවූ පුරුෂයකු කරුණා මෛත්‍රීසහගත ගුණාත්මක දේවතාවියක සමඟ ජීවත්වීමකැයි නිර්දේශ කළ හැකිය.

මහණෙනි හා දේවතාවකු බඳු පුරුෂයකු මළ සිරුරක් හා සමාන වූ ස්ත්‍රියාවක සමඟ ජීවත්වීම කෙබඳු ආකාරවේද? මහණෙනි! සැමියා දස අකුසල්වලින් වෙන්ව සිල්වත්ව ගුණාත්මක මෙන්ම ධනාත්මක ජීවිතය සතුටුදායකව ගතකරනු ලබයි. භාර්යාව ප්‍රාණඝාතාදී දශ අකුසල්හි යෙදෙන්නී දුස්සීල වෙයි. මෙබඳුතම පුරුෂයා දේවතාවකු සමාන වෙයි. ස්ත්‍රියාව මළකදක් හා සමාන වෙයි. එකට වාසය නොගැළපෙන සුලුයි.

මහණෙනි, දේවතාවකු බඳු පුරුෂයකු දේවතාවියක බඳු ස්ත්‍රියාවක සමඟ විසීම අතිශයෙන් ප්‍රශස්ත වෙයි. සැමියා දස කුසල ධර්මතාව යන්නෙන්ද සිල්වත් ගුණවන්ත බවෙන්ද අනූන වීමද සුබවාදිමෙන්ම මෙකී ස්ත්‍රියාවද සුබවාදි වූ දේවතාවියකි.

සත්තඛෝ ඉමා සුජාතේ, පුරිසස්ස භාරියායෝ කතමා සත්ත වධක, සමා, චොරිසමා, අය්‍යසමා, මාතු සමා, භගිනි සමා, සඛ සමා, දාසිසමා,

සුජාතාවෙනි පුරුෂයන්ට වර්ග සතක භාර්යාවෝ හමුවෙයි. කවර වර්ග සතක්ද (1) වධකයකු වැනි භාර්යාව (2) සොරකු වැනි භාර්යාව (3) අධිපති වැනි භාර්යාව (4) මවක් වැනි භාර්යාව (5) සහෝදරියක් වැනි භාර්යාව, (6)මිතුරියක් වැනි භාර්යාව (7) දාසියක වැනි භාර්යාව ආදී වශයෙනි.

වධකයකු වැනි භාර්යාව කෙබඳු ආකාරවේද?

ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම, සානුකම්පිතබවක් නොවීම ස්වාමියා වයසට පත්වෙමින් සිටින අවධියේදි හෝ ආරම්භයෙහි සිට අන්පුරුෂයන් පසුපස හඹා යාම. ඔවුන් අතර නිතර ගැවසීම සහ නිතර ඉඟිබිඟිපාන වධක භාර්යාවකගේ මූලික ලක්ෂණයන් කොට ප්‍රකාශ කළ හැකිය.

සොරෙකු වැනි භාර්යාවක කෙබඳු වේද?

ස්වාමියා යම් අන්දමක කර්මාන්තයකින් හෝ වෙළෙඳාමකින් හෝ කෘෂිකර්මයකින් වෙන් යම්බඳු ධනයක් උපයනු ලබයි ද, එකී ධන සම්පත් භාණ්ඩ හෝ මූල්‍යමය වශයෙන් බෙදෙයි. වංචනික ප්‍රයෝගකාරී බවෙන් භාණ්ඩ සහ මුදල් සොරකමට අයත් භාර්යාවක් වේද? ඇය හොර ස්ත්‍රියාවක ලෙස ක්‍රියා කරණු ලබන්නියකි. ඇයගේ මව්පස සහෝදර ඥාති හිතෛෂී උදවිය ආශි‍්‍රතව ධන සම්පත් දීමෙන් ස්වාමියාට විනාශයම ළඟා කෙරෙයි.

අධිපතියකු වැනි භාර්යාවක් කෙබඳුවේද?

බොහෝදුරට කිසිදු වැඩ කටයුත්තක් නොකරන කාලය අපතේ යවන කුසීත භාර්යාවක ලෙස කාලය ගතකර දමන්නියක වන්නීය. කම්මැළි, අලස, බොහෝ කොට අනුභවයෙහි ගිජුකමක් දක්වන්නියක වන්නීය. පරුෂය, චණ්ඩය, නපුරු තිරශ්චීන කථාබහ ඇත්තියකද වන්නීය. වැඩ කටයුතු කරන අවඥාවට මෙන්ම යටහත් පහත් මට්ටමකට දමමින් ක්‍රියාකරන අධිපති භාර්යාවක ලෙස විද්‍යමාන කෙරෙනු ඇත.

මව්තුමියක් වැනි භාර්යාව කෙබඳු ආකාරවේද?

සියලු කරුණු කාරණාවන්හි මව්තුමියක ලෙස සානුකම්පික හදවතක් ඇත්තියක වෙයි. මවක් පුත්‍රයකු ආරක්ෂා කරනවා සමානව ස්වාමියා රැක බලා ගනු ලබයි. වෛර ඉරිසියාකාර සතුරන් ඇසුරු නොකරන අතර මවක මෙන් ස්වාමියාව රැකවරණය ද කෙරෙයි. ස්වාමියා රැස් කළ ධනයද රකියි. මෙවැනි භාර්යාව මවකමෙන් උතුම් වෙන්නීය.

සොයුරියක වැනි භාර්යාව කෙබඳු ආකාරවේද?

වැඩිමහලු සහෝදරියක විසින් බාල සහෝදරයාව යම් සේ රැකවරණ ආරක්ෂා කටයුතු කරන්නේද? එලෙසින් ස්වාමියා රැකීම අතිශය වැදගත් වන්නෙකි. ගෞරවණීය ආකාරව ක්‍රියා කෙරෙයි. ස්වාමියා කෙරෙහි විළිබිය ඇතිකරගනු ලබයි. මෙබඳු භාර්යාව නැඟණියක සමාන වන්නීයයි පෙනෙයි.

මිතුරියක වැනි භාර්යාව කෙබඳුද?

ස්වකීය ස්වාමියා දකින පෙනෙන සෑම මොහොතම කලකින් දුටු මිත්‍රයකු ලෙස අතිශයෙන්ම ඉමහත් සතුටට පත් වන්නීය. පතිදහම් අකුරට රකින කුලසිරිත් රකින සිල්වත් මෙබඳු භාර්යාව මිතුරියක සමාන භාර්යාවක් වෙන්නීය.

දාසියක් බඳු භාර්යාව කෙබඳුද?

නොකිපෙන දඬුවමට අවඥාවට බියගුළු ස්වාමියා කෙරෙහි ද්වේෂය, වෛරය, පළිගැනීමක් නොමැති භාර්යාවක් වන්නීය. ස්වාමියා ආශි‍්‍රත කාලය ගෙවා දමන්නීය. ස්වාමියාගේ ක්‍රියාකාරකම් ඉවසා සිටින්නීය. මෙවැනි භාර්යාව දාසියක් බඳු භාර්යාවක වන්නීය.

කුල කාන්තාවකට තිබිය යුතු ගුණධර්ම අට

ස්වාමියාට පළමුව අවදිවීම, ස්වාමියාට පසුව නින්දට යාම

ස්වාමියාගේ ඥාති වර්ගයාට ගරු බුහුමන් කිරීම

සැමියාගේ කටයුතු මනා සංවිධානයෙන් යුතුව ඉටු කිරීම,

ස්වාමියාගේ සේවකයන් රැකබලා ගැනීම

ස්වාමියා සන්තක දේපළ වස්තු රැක බලා ගැනීම

තෙරුවන් සරණ යාම, ඇතුළුව ආගමික වතාවත් ඉටු කිරීම

පංචශීලය සමාදන්වීම

පරිත්‍යාගශීලි ගුණයෙන් යුක්තවීම

මේ කරුණු අටෙන් සහකාරිය සහකරුවා වසඟ කොට ගැනීමයි. හුදෙක් ලලනාවගේ චර්යාව මෙකී පවුල් දිවියෙහි උත්තරීතරබව වර්ධනය කෙරෙන ගුණාත්මක පසුබිමකි. ධනාත්මක චින්තනයක උපතෙකි.

අට්ඨහී භික්ඛවේ, ආකාරේහි ඉත්ථි පුරිස බන්ධති.

හස්තේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධතී. ගීතේන භික්ඛවේ, ඉත්ථි පුරිසං බන්ධති රොන්ණේන භික්ඛවේ ඉත්ථි පුරුසං බන්ධති. ආකප්පේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති.

වන භංගේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. ඵස්සේන භික්ඛවේ ඉත්ථි පුරුසං බන්ධති.

ඉමේහි භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති,

තේ භික්ඛවේ සත්තා සුභද්ද යේනඵහෝ අතුරු යේ ඵස්සේන බද්ධා

(අංගුත්තර අට්ඨක මහාදුතිය වග්ග)

මහණෙනි! අට ආකාරයකින් ස්ත්‍රියාව පුරුෂයාගේ සිත වසඟයට යන්නීය.

ලලනා ලාලිත්‍යයෙන් අනූන කන්‍යාවිය මොහොතක් පාසාම නීත්‍යානුකූල වූද අනියම් නොවූද සහකාරයාගේ සිත වශීකෘත කරන්නීය.

ලලනා රූපකාය සම්පත්තියෙන් සහකාරිය මුවඟින් නඟන සිනහ රැල්ලෙන් සහකරුවා සිය වසඟයට ගන්නීය.

ඉතාම මෘදු මොළොක් ලලනා කටහඬින් කතාබහ යොදමින් සහකරුවා සහකාරිය විසින් වසඟයට ගන්නීය.

කන්කළු ගී රාවයෙන්ද ගායනයෙන් ද සහකාරිය විසින් සහකරුවා සියවසඟයට ගන්නීය.

හැසිරීමෙන් වැළපීමෙන් සහකාරිය සිය සහකාරයාගේ සිත වසඟයට ගන්නීය.

මනාව හැසිරීමෙන් සතර ඉරියව් තුළින් මායම් තුළින් තොරව සහකාරයාගේ සිත වසඟ කරන්නීය.

එසේම සහකාරයා රුචි කරන අයුරින් ගත සිත පුබුදු කරවන ආහාර පාන මනාකොට සකස්කොට දීමෙන්ද සහකාරිය සහකාරයාගේ සිත මෝහනය කරනු ලබන්නීය.

පරපුරුෂ ගාමී නොවූ සහකාරිය ස්වකීය සහකාරයා හා ගැටීමෙන් ස්පර්ශයෙන් සිත් පැහැර ගැනීමට සමර්ථ්‍ය වෙනුවේද එය පළමුවැනි වශීකෘත බවයි.

මෙකී කරුණු කාරණා අටෙන් යම්බදු වනිතාවක් ඒ ආශ්‍රයෙන් සිය ස්වාමියාගේ සිත් පැහැර ගැනවීමට සිතනුයේද එවැන්නි පළමුවෙනි වශ්‍යකාරක බන්ධනයක් බැව් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කොට දීමෙකි. ගිහිගෙය ගිණිගෙයකි දෙව්මැදුරක් වීමෙහිලා පවතින ගුණාත්මක මානසික ශිෂ්ට ධර්මතාවයන් ග්‍රහමණ්ඩලය මඟින්ද මනාවූ හැඳින්වීමක් නිර්මාණය වෙන්නීය. සහකාරයාගේ ජම්මපත්‍රයේත් අනාගත සහකාරිය පවුල් ජීවිතය ධනය, බලය, සැපත නිර්ණාමික සොරසතුරු බලවේග, අණවිණ, කොඩිවිණ, සර්ප ශාප දෝෂ, කර්මදෝෂ, අමනුෂ්‍ය දෝෂ, රෝගාබාධ ආදිය සත්‍ය ලෙස විවරණය කෙරෙන කප්රුක නිවැරැදි පුරුෂ ජන්මපත්‍රයයි.

 

(මතු සම්බන්ධයි)

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.