සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 13, 2024

ශකවර්ෂ 1946ක් වූ සිංහ රවි 28 භාග බිනර පුර දසවක තිථිය ලත් කිවිදින සිට කන්‍යා රවි 03 භාග බිනර අව දසවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - සිංහ (16 දා රාත්‍රි 07.43 කන්‍යා)

කුජ - මිථුන

බුධ - සිංහ

ගුරු - වෘෂභ

ශුක්‍ර - කන්‍යා (18 දා දහවල් 02.01 තුලා)

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුවපල් (13 දා උදේ 09.35 උත්‍රපල්)

කුජ - අද

බුධ - මා (14 දා උදේ 06.49 පුවපල්)

ගුරු - මුවසිරස

ශුක්‍ර - හත (13 දා අලුයම 02.54 සිත)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

පෝය

සැප්තැම්බර් 17 අඟහරුවාදා උදේ 11.44න් පුර පසළොස්වක ලබා 18 බදාදා උදේ 08.06න් ගෙවේ. 17 අඟහරුවාදා සිල්.

 

චන්ද්‍ර චාරය

14 දා අලුයම 03.22 මකර

16 දා අලුයම 05.45 කුම්භ

18 දා අලුයම 05.45 මීන

 

දිනූ තත්ත්ූවය

සැප්තැම්බර් 13 සිකුරාදා

සිංහ රවි 28 භාග බිනර පුර දසවක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.01 ඉර බැසීම 06.12 පුවසල නැකත රාත්‍රි 09.31න් ගෙවී උත්‍රසල නැකත ලබයි. බිනර පුර දසවක තිථිය රාත්‍රි 10.26න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය රාත්‍රි 08.44න් ගෙවී ශෝභන යෝගය ලබයි. තෛතිලකරණය දහවල් 11.04න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 10.26න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - ගිනිකොන

යෝගිනි - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 14 සෙනසුරාදා

සිංහ රවි 29 භාග බිනර පුර එකොළොස්වක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.01 ඉර බැසීම 06.11 උත්‍රසල නැකත රාත්‍රි 08.28න් ගෙවී සුවන නැකත ලබයි. බිනර පුර එකොළොස්වක තිථිය රාත්‍රි 08.37න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. ශෝභන යෝගය සවස 06.13න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. වණිජකරණය උදේ 09.39න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රි 08.37න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 15 ඉරිදා

සිංහ රවි 30 භාග බිනර පුර දොළොස්වක තිථිය ලත් රවිදින. ඉර උදාව 06.01 ඉර බැසීම 06.11 සුවන නැකත සවස 06.45න් ගෙවී දෙනට නැකත ලබයි. බිනර පුර දොළොස්වක තිථිය සවස 06.09න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය සවස 03.10න් ගෙවී සුකර්ම යෝගය ලබයි. බවකරණය උදේ 07.31න් ගෙවී බාලවකරණය ලබා එය සවස 06.09න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - උතුර

යෝගිනි - නිරිත

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 16 සඳුදා

සිංහ රවි 31 භාග බිනර පුර තෙළෙස්වක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.01 ඉර බැසීම 06.10 දෙනට නැකත සවස 04.31න් ගෙවී සියාවස නැකත ලබයි. බිනර පුර තෙළෙස්වක තිථිය සවස 03.08න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබයි. සුකර්ම යෝගය දහවල් 11.40න් ගෙවී ධෘති යෝගය ලබයි. කෞලවකරණය අලුයම 04.46න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.08න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - බැම

මරු - වයඹ

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 17 අඟහරුවාදා

කන්‍යා රවි 01 භාග බිනර පුර තුදුස්වක හා පසළොස්වක ලත් කුජදින. ඉර උදාව 06.01 ඉර බැසීම 06.10 සියාවස නැකත දහවල් 01.53න් ගෙවී පුවපුටුප නැකත ලබයි. බිනර පුර තුදුස්වක තිථිය දහවල් 11.44න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. ධෘති යෝගය උදේ 07.48න් ගෙවී ශුල යෝගය ලබයි. ගරජකරණය අලුයම 01.29න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 11.44න් ගෙවී විෂ්ටිකරණය උදාවී එදින රාත්‍රි 09.55න් ගෙවී බවකරණය උදාවෙයි.

විෂ කලාව - ඇස / නාසය

අමෘත කලාව - නළල / හිස්මුදුන

මරු - බටහිර

යෝගිනී - බටහිර / වයඹ

සුබ දිසාව - නැඟෙනහිර

අපේ‍්‍රල් 18 බදාදා

කන්‍යා රවි 02 භාග බිනර අව පෑලවිය ලත් බුධදින ඉර උදාව 06.01 ඉර බැසීම 06.09 පුවපුටුප නැකත දහවල් 11.01න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. බිනර පුර පසළොස්වක තිථිය උදේ 08.06න් ගෙවී බිනර අව පෑලවිය තිථිය ලබා පවතී. ශුල යෝගය අලුයම 03.42න් ගෙවී ගණ්ඩ යෝගය ලබා එදින රාත්‍රි 11.30න් ගෙවී වෘධි යෝගය ලබයි. බවකරණය උදේ 08.06න් ගෙවී බාලවකරණය ලබා එදින සවස 06.13න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - නිරිත

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

අපේ‍්‍රල් 19 බ්‍රහස්පතින්දා

කන්‍යා රවි 03 භාග බිනර අව දියවක ලත් ගුරුදින ඉර උදාව 06.01 ඉර බැසීම 06.08 උත්‍රපුටුප නැකත උදේ 08.06න් ගෙවී රේවතී නැකත ලබයි. බිනර අව පෑලවිය තිථිය අලුයම 04.21න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. වෘධි යෝගය රාත්‍රි 07.21න් ගෙවී ධෘම යෝගය ලබයි. කෞලවකරණය අලුයම 04.21න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 02.32න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - දකුණ

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.