විවාහය ගැන දැනගන්න ජන්ම පත්‍රය බලන්න

අගෝස්තු 4, 2023

“බඳීන්න වෙන්නේ යෝජනාවකින්ද නැත්නම් හොයාගත් එක්කෙනා බැඳ ගන්න පුළුවන් වේවිද යනාදී නොයෙකුත් දේවල් කියමින් සිටින බොහෝ දෙනකු විවාහ වන්නේ බලාපොරොත්තු නොවූ ආකාරයෙන්ය. යම් අයකු උපත ලබන අවස්ථාවේදී සිට, ඔහු හෝ ඇය පෙර භවයන්හිදී කළ කී දේවල් අනුව ඉදිරියට මුහුණදීමට සිදුවන දෛවය ගැන නිගමනය වෙයි. ජන්ම මෙහොත සඳහා සකස් කරන අහස් සිතියමෙහි හෝ ජන්ම පත්‍රයේ මේ සියලුම තොරතුරු සඳහන්වී ඇත. විවාහය ගැනද එසේමය.

සෑම ජන්මියකුගේම විවාහ සහකරු හෝ ආත්ම සහකරු ගැන ජන්ම පත්‍රයේ පැහැදිලිවම සටහන්වී ඇත. විවාහය සිදුවන්නේ කවදාද, කා සමඟද, එක් අයෙක් පමණක් සමඟද, කොපමණ කාලයක් විවාහය පවතියිද, යනාදී සියලුම තොරතුරු ජන්ම පත්‍රයේ 7 වැනි භාවයේ සඳහන්වී ඇත.

ජන්ම පත්‍රයක 7 වැනි භාවය කලත්‍ර ස්ථානය නම් වෙයි. කලත්‍ර ස්ථානය කී පමණින් කලත්‍රයා ගැන පමණක් නොව ජන්මියකුගේ විවාහ සහකරු මෙන්ම, ව්‍යාපාර සහකරුවන්ද, ඔහු සමඟ කටයුතු කරන සෑමදෙනාම මෙන්ම, සතුරන්ද මෙම භාවය මඟින් හඳුනා ගත හැකය .

ක්‍රිෂණමූර්ති පද්ධතිය අනුව විවාහය ගැන පරීක්‍ෂා කිරීමට, භාව කේන්ද්‍රයේ 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා බලන්න. භාව කේන්ද්‍රයේ 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා, එහි 7 වැනි හෝ 2 වැනි හෝ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි නම්, ජන්මියා විවාහවීමේ වාසනාව ලබයි.

විවාහවීමේ වාසනාව ලබා ඇති අයකුගේ ජන්ම පත්‍රයේ 7 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී, ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟවන විට විවාහය සිදුවෙයි. මෙම ජන්ම පත්‍රයේ 7 වැනි භාවය, ගුරු හිමි මීන රාශියේ, ගුරු හිමි නක්‍ෂත්‍රයේ සහ සිකුරු හිමි උපස්ථානයක යෙදී ඇත. උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා. 2 වැනි සහ 9 වැනි භාවය හිමියා විය. උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා. 2 වැනි භාවයේ නිවේදක ග්‍රහයකු වන නිසා, ජන්මියා විවාහ වීමේ වාසනාව ලබයි.

ජන්ම පත්‍රයේ 7 වැනි භාවය නිවේදක ග්‍රහයන් වන්නේ, ගුරු, ශනි සහ කේතු, 2 වැනි භාවය නිවේදක ග්‍රහයන් වන්නේ, සිකුරු, සඳු, ගුරු සහ ශනි, 11 වැනි භාවය නිවේදක ග්‍රහයන් වන්නේ, සඳු සහ කුජය.

මේ ජන්ම පත්‍රයේ දැන් පවතින්නේ රාහුගේ මහ දශාවයි. දශාව අධිපති රාහු ග්‍රහයා, කුජගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය, කුජ ග්‍රහයා 11 වැනි භාවයේ නිවේදක ග්‍රහයකු වන නිසා, ජන්මියාට රාහුගේ මහ දශාව තුළ, විවාහවීමේ අවස්ථාව ලබයි.

ක්‍රිස්තු වර්ෂ 2020 ජූලි මාසයේ 31 වැනි දින සිට 2038 ජූලි මාසයේ 31 දින දක්වා රාහුගේ මහ දශාව පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2023 අප්‍රේල් මාසයේ 13 වැනි දින සිට 2025 සැප්තැම්බර් මාසයේ 06 වැනි දින දක්වා රාහුගේ මහ දශාවේ, ගුරුගේ භුක්තිය පවතියි.

භුක්තිය අධිපති ගුරු ග්‍රහයා, 2 වැනි සහ 7 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි. ගුරු ග්‍රහයා, ශනිගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. ශනි ග්‍රහයාද, 2 වැනි සහ 7 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි. ඒ නිසා ගුරුගේ භුක්තිය තුළ, විවාහ වීමේ අවස්ථාව ලබයි.

ක්‍රිස්තු වර්ෂ 2024 ජූනි මාසයේ 18 වැනි දින සිට 2024 නොවැම්බර් මාසයේ 11 වැනි දින දක්වා රාහුගේ මහ දශාවේ, ගුරුගේ භුක්තිය සහ සිකුරුගේ අන්තරය පවතියි.

අන්තරය අධිපති සිකුරු ග්‍රහයා, 2 වැනි සහ 5 වැනි භාව අධිපතිව ශනිගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. ශනි ග්‍රහයාද, 2 වැනි සහ 7 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි.

ඒ නිසා සිකුරුගේ අන්තරය තුළ විවාහවීමේ අවස්ථාව ලබයි. මේ දශාව සහ අතුරු දශා අධිපති ග්‍රහයන්ගේ සහ දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන් අධ්‍යයනය කළ විට විවාහය සිදුවන දිනය නිගමනය කළ හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.