වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කුම්භ ලග්න හිමි ඔබගේ ගතිගුණ
නොවැම්බර් 4, 2022
අසරණයින්ට පිහිට වන දයාව, අනුකම්පාව හා ත්‍යාගශීලිත්ව ඇති තරමක් දුරට අන්‍යයන් ඇසුරු කිරීමේදි ඔවුන් ගැන එකවරම නොපැහැදී කලක් ඇසුරු කර මිත්‍රවන චරිතයකි. ඉතාම විශ්වාසනීය කෙනෙකි. අසරණයින්ට විශේෂයෙන්ම කෙනකු අමාරුවේ වැටුණු විට අසා බලා උපකාර කරන අයෙක් වේ. අන් අය යන මඟ නොයන තමාටම මඟක් සොයාගෙන සංවරව ඉවසීමෙන් යුතුව තම ජීවන ගමන යන බව පැහැදිලිය. එඩිතරයි. සංවරයි. නිහතමානී බව කැපී පෙනේ.
සැලසුම් කිරීමේ අතිදක්ෂයින්ය. කෘෂිකර්මය විශේෂයෙන්ම ඉඩම් හිමි වැවිලිකරුවන් ද කුම්භ ලග්නය හිමියෝය. දේපළ ඉඩකඩම්, ගේදොර, ගව සම්පත්වලින් පිරිපුන්ය. තරමක අයහපත් බවක් පැහැදිලි වන්නේ තමන් ගන්නා කිසිදු තීරණයක් වෙනස් කිරීමට කැමති නැත. අන් සියල්ලටම වඩා තමා උසස්යැයි ද බුද්ධිමත් යැයි ද ධනවත් යැයි ද කල්පනා කරන සුළුය. මෙය එක්තරා තරමක ඍණ පැත්තේ අදහස්ය.
කලාව ලේඛනය, වෛද්‍ය අංශය, පරිපාලනය, හමුදා ක්ෂේත්රය, ගුවන් සේවාව, තක්සේරු විද්‍යාව, මෙන්ම මානව සම්පත් කළමනාකරණයේ ද දක්ෂයි.
කුඩා වියේදී විවිධ මානසික පීඩනයන්ට ලක්වූවත් පසුකාලීනව 25 වැනි වයසේ සිට උසස් ජීවන තලයකට පත්වේ. දේපළ රැක ගැනීමටත්, ඉඩකඩම් රැක ගැනීමටත් තද බල රුචියක් දක්වයි.
වාද විවාද කිරීමෙන් අන් අයට ජය ගැනීම අපහසුය. ජීවිතයේ බොහෝ විට විවිධ අන්දමේ අය හමුවී ඔබට උපකාර කරමින් ශක්තියක් වේවි. දේශපාලනයට ගියහොත් එහි ඉහළම තලය දක්වා යනු ඇති අතර රහසින් සතුරු පිරිසක් ළඟාවේ. ජීවිතයේ වයස 30න් පසු දියුණුවක් ලබයි. යෝජනා මඟින් යුගදිවියට ඇතුළුවන බැව් පෙනේ. ආදරය, පේ‍්‍රමය වැනි ඍංගාරාත්මක පසුබිමක් තුළ ක්‍රීඩා කිරීමට තරමක මැළිකමක් ද දක්වයි. කෙසේ වෙතත් අති සාර්ථක යුගදිවියක් ගෙවීමේ ක්‍රමවේදය කුම්භ ලග්න හිමියා ක්‍රියාත්මක කරනු ඇත.
ජීවිතයේ කුඩා වියේ සිටම මනාව සැලසුම් කරන කෙනෙකි. බොහෝ විට කුම්භ ලග්න හිමියා ආධ්‍යාත්මික අංශයට වයස්ගත වීමටත් පෙර සූදානම් වේ. දුක් කරදර හිරිහැර විඳීම හා අත්දැකීම් බහුල නිසා සියලුම කායික මානසික පීඩා සාධාරණව විසඳා ගනී. මිථුන, සිංහ, ධනු, මකර ලග්න හිමියන් විවාහයට යෝග්‍ය වේ. යුගදිවිය ඉතාම සාර්ථක අන්දමින් ඉදිරියට ගෙන යනු ඇත.
ලෝපතල අය /චාල්ස් ඩාවින්, ඒබ්‍රහම් ලින්කන්, රොනල්ඩ් රේගන්, නෝමන් රොක්වෙල්
ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාවේදී
දේශබන්ධු
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
මයුරපාල යෝගයරවි, මේෂ රාශියට උච්ච වේ. ඕනෑම ලග්නහිමියකුගේ කේන්දරයේ රවි, මේෂ රාශියේ වෙතොත් එය මයුරපාල යෝගය වෙයි. පරිවාර සේනා සහිත ඍජු අදහස් ප්‍රකාශ කරන...
2024-11-07 18:30:00
ග්‍රහ මඬුල්ලෙහි සුරූපිනිය වශයෙන් සලකන සිකුරු අසුරගුරු ලෙසද හැඳින්වේ. “දෛත්‍යානං පරමං ගුරුම්’ යනුවෙන් එය හැඳින්වේ. බ්‍රහස්පති ආගම, ධර්මය හා වෙනත්...
2024-10-31 18:30:00
මේ අත් සටහන බලන්න. හස්තරේඛා ශාස්ත්‍රය ඉගෙන ගන්නා අයෙකු වේ නම් ඔහුට හෝ ඇයට මේ මඟින් ඉගෙන ගත හැකි කරුණු බොහෝ ය. රූපසටහනේ මැද තිබෙන ශීර්ෂ රේඛාව අත්ල...
2024-10-31 18:30:00
ඡ්‍යොතිෂයට අයත් යන්ත්‍ර විද්‍යාවෙන් මතුවන එක එක යන්ත්‍ර ගැන විස්තරයක් කරන සෑම අවස්ථාවකදීම අභිසම්භිධානය ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂයෙන්ම ඒක බුද්ධ...
2024-10-31 18:30:00
ඡ්‍යොතිෂයේ ඇති නිමිති ශාස්ත්‍රය පිළිබඳ දන්නා බොහෝ දෙනා මහා සූර්ය නිමිත්ත පළ කරන ලෙස කරන ලද ඉල්ලීම සලකා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට අතිශයින්ම ප්‍රයෝජනවත්...
2024-10-24 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 09 භාග වප් අව නවවක තිථිය ලත් කිවිදින සිට එම රවි 15 භාග වප් අව අමාවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - තුලාකුජ -...
2024-10-24 18:30:00
තාරකා ශාස්ත්‍රයට නැතිනම් ඡ්‍යොතිෂයට අනුව පුද්ගලයකුගේ දෛවය උත්පත්තිය සමඟ ලියැවෙනවා. කෙනෙකු ප්‍රකට හෝ ප්‍රබල පුද්ගලයකු වන්නේ මේ රාශි චක්‍රයේ බලපෑම...
2024-10-24 18:30:00
විසි පොරොන්දම් ගැළපීම යනු යෝජිත දෙදෙනාගේ නැකැත් අනුව විවාහයට සුදුසු ද නැද්ද බැලීමයි. මෙහිදී රාශි, රාශ්‍යාධිපති, දින පොරොන්දම් හැර අනෙක් පොරොන්දම්...
2024-10-24 18:30:00
දුවක හෝ පුතෙකු මේ ලෝකයට බිහිවීම ඕනෑම මවකට පියෙකුට සම්පතක්. එසේ උපතක් සිදුවුණාම උපන් ස්ථානය, දිනය නිවැරදි වේලාව සමඟ ඡ්යොතිෂවේදයකු හමුවනවා.එතකොට එයා...
2024-10-24 18:30:00
අධ්‍යාපන කටයුතු පිළිබඳව මවුපියන් දරුවන් වෙනුවෙන් දැඩි සටනක යෙදෙන මේ වකවානුවේ දී එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මවුපියන්ගෙන් කීයෙන් කී දෙනෙකුට තම දරුවාගේ...
2024-10-17 18:30:00
විදේශගත වන්නට අදහස් කරන ඕනෑම කෙනෙකුට ඊට අවස්ථාව වර්තමාන සමාජය තුළ පහසුවෙන් ලැබී ඇත. කෙනෙකු තම අධ්‍යාපන කටයුතු සඳහාත් තවත් අයෙකු රැකීරක්ෂා සඳහාත් තවත්...
2024-10-17 18:30:00
බෝධීන් වහන්සේගෙන් මළුවට වැටුණු බෝ පත්‍රයක් අහුලාගෙන එම පත්‍රය කහදියරින් සෝදාගෙන බෝධීන් වහන්සේ වඳින ගාථාව නව වාරයක් කියමින්, නව වාරයක් බෝධීන් වහන්සේ...
2024-10-10 18:30:00
සමාජයේ ජීවත් වන අප සැමටම එකම ආකාරයේ රැකියාවක් කිරීමට පුළුවන්කමක් නැත. ගොවියන්, කම්කරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් වැනි සෑම කෙනකුගේම සේවය...
2024-10-10 18:30:00
ශක වර්ෂ 1946ක් වූ කන්‍යා රවි 25 භාග වප් පුර අටවක තිථීය ලත් කිවිදින සිට තුලා රවි 01 භාග වප් පුර පසළොස්වක ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - කන්...
2024-10-10 18:30:00
රජයේ ඉහළම මූල්‍ය ආයතනයක උසස් තනතුරක් දැරූ ‘මකර’ ලග්නය හිමියකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීමට මා හට අවස්ථාව ලැබුණි.එම කේන්ද්‍ර සටහනෙහි 4 වැනි භාවය තුළ...
2024-10-10 18:30:00
ඡ්‍යොතිෂයේදී ඍෂි මතානුකූලව ඉතා ප්‍රබල යෝග දහස් ගණනක් දක්වා ඇත. මෙහිදී යෝග යනුවෙන් අදහස් කරනුයේ කේන්දරයේ ග්‍රහ පිහිටීම්වලට අදාළව ඒ ඒ ග්‍රහයන් නිසා ඇති...
2024-10-03 18:30:00