පෙර මඟට හමුවන සුබනිමිති ගැන හරියටම දැනගන්න

ජුනි 17, 2022

පෙරමඟ හමුවන පෙර නිමිති බැලීම අප මුතුන් මිත්තන් අතර පැවැතිණි. ඒ මඟ දී හමුවන සිවුපාවුන්, අලි ඇතුන්, සර්පයින්ගෙන් ඇතිවන පීඩා අවම කර ගැනීමටය. ඒනිසා තමන් පිටත්වන ගමන සාර්ථකව අවසන් කිරීමට ඔවුනට හැකිවිය. අදටත් තමා අබිමුවට එන පෙරමඟ නිමිති බලන පිරිසක් ඇත. මන්ද ප්‍රවේශම ඉතා හොඳ බැවිනි.

 

 

පෙරමඟ හමුවන පෙර නිමිති බැලීමට අප මුතුන් මිත්තන් හුරු වූයේ අතර මඟ දී හමුවන සිවුපාවුන්, අලි ඇතුන්, සර්පයින්ගෙන් ඇතිවන පීඩා අවම කර ගැනීමටය. ඒනිසා තමන් පිටත්වන ගමන සාර්ථකව අවසන් කිරීමට ඔවුනට හැකිවිය. අදටත් තමා අබිමුවට එන පෙරමඟ නිමිති බලන පිරිසක් ඇත. මන්ද ප්‍රවේශම ඉතා හොඳ බැවිනි.

සුබ අසුබ ලෙස මෙම නිමිති කොටස් කීපයකට බෙදා වෙන් කර තිබේ.

1. ගත නිමිති

2. භාෂණ නිමිති

3. ආගත නිමිති 4. ශ්‍රවණ නිමිති

5. දර්ශන නිමිති

6. චිත්තාරම්භන නිමිති, යනාදී වශයෙනි.

ආගත නිමිති යනු යම් කටයුත්තක් සඳහා ගමනක් යාමේ දී සුබ හෝ අසුබ ලෙස පුද්ගලයෙක් හෝ සත්ත්වයකු හමුවීමේ නිමිත්තයි. එහිදී දියපිරි කලයක් රැගෙන කාන්තාවන් පෙර මඟට ඒ නම් ඒ හමුවීම සුබ නිමිත්තක් ලෙස අතීතයේ සලකනු ලැබිණි. . එලෙසම ගමනක් යනවිට කබරයකු පාර හරහා මාරු වුවහොත් එම ගමන යාම සුබ නොවේ. මාරක විපත් ඇතිවන බව පැවැසේ.

පිරිසුදු ඇඳුමින් සැරසී කනකර ආභරණ පැලැඳි කාන්තාවක් සිනාසිසී පෙර මඟට පැමිණියහොත් එයද ඉතා සුබ නිමිත්තකි. ධනය ලැබේ. ගමන සාර්ථක වේ. බලාපොරොත්තු ඉටු වේ. යම් පිරිසක් තූර්ය වාදනය කරමින් පෙර මඟ පසුකර යනවා නම් එය ද සුබ නිමිත්තකි. ඔබ යන ගමන ඉතා සාර්ථක වේ. ප්‍රේම බන්ධන ඇති වුවහොත් එය විවාහයට ඉවහල් වේ. ඉතා ඉක්මනින් විවාහය සිදුවේ. පින්වත් දරුවන් ලබයි. දරුවන් උගතුන් වේ. කීකරු දරුවන් ය. දරුවන් ද හොඳින් ඉගෙනගෙන හොඳ රැකියා ලබා හොඳ විවාහ සිදුකර ගනියි. මව්පියන්ට සලකයි.

පිලිස්සුණු අළු, සොහොන් අළු රැගත් පිරිසක් ඉදිරියට හමුවුවහොත් එය ඔබට මාරක අපල ගෙන දෙයි. ධනය විනාශ වේ. රෝගාතුර වේ. දේපළ විකුණා ගමෙන් පිට වීමට පවා සිදුවේ.

කණවැන්දුම් ස්ත්‍රීන් හමුවීමද අසුබ නිමිත්තකි. ගමන ගොස් නිවෙසට එන විට නිවෙසේ අසුබ දෙයක් සිදුවෙනවා ඇති.

මීට අමතරව ගැබිනි මව්වරුන්, කහ වස්ත්‍ර ඇන්දවුන්, මිනී වළලා එන අය හමුවී ගමන්යාම අසුබ බව විශ්වාසයක් ද සමාජයේ පවතී.

පෙර මඟ සුබ නිමිති

ලියුම් බෙදන්නන් , පත්තර බෙදන්නන්, කැවිලි අයිස් ක්‍රීම් බෙදන්නා, එළවළු වෙළෙන්දන්, පොල් විකුණන ලොරි, බයිසිකලයෙන් කිරි බෙදන්නන්, පුන් කලස්, ලස්සන අංගනාවෝ, වසු පැටවුන්, සුදු ගවුමින් සැරසුණ සිසුවිය, දරුවන් වඩා ගත් මවුවරු, පාසල් සිසුන්, ජය නාද, පිරිත් දේශනා කරන භික්ෂූන්, ගමන් කරන රථයක්, නැටුම් ගැයුම් වැයුම්, කැඩපත් (මුහුණ බලන), එළදෙනුන්, හාවුන්, නයා, මුවන්, පක්ෂීන්, ගුරුවරු පෙරමඟට හමුවන සුබ නිමිති වේ

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

ජයසේන ජයසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.