අක්කා බලන්න ආපු මනමාලයා නංගිට කැමති වන්නේ ඇයි?

ඔක්තෝබර් 1, 2021

ධනු ලග්නයෙන් හා වෘශ්චික නවාංශකයෙන් උපන් නිසා හතර අධිපති ගුරු ග්‍රහයා විසි දෙවන දෙර්කාණාධිපතියා වී ඇත. ගුරු විවාහා කාරක ග්‍රහයා ය. එසේම ගුරු මකර රාශියෙන් නීච වී සිටී. ඇගේ විවාහ පරක්කු වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගුරු ග්‍රහයා ය. එහෙත් ඇයට විවාහයක් සිදු නොවන්නේ නැත. ස්ථිරවම විවාහයක් සිදු වනු ඇත.

 

මම ඇගේ කේන්ද්‍රය පරීක්ෂා කළෙමි. මට පෙනී ගියේ අගේ විවාහය තවත් වර්ෂ කිහිපයක් පසුවන බව ය. ඇගේ සහෝදරයා කියා සිටියේ කෙසේ හෝ තම සහෝදරියට එම වර්ෂයේම විවාහයක් කර දිය යුතු බව ය. ඔහුටත් අනෙක් සහෝදරියටත් විවාහයක් කර ගැනීමට වැඩිමල් සහෝදරිය විවාහ විය යුතු බවයි.

 

මම ඇගේ නංගිගේ කේන්ද්‍රය පරීක්ෂා කළෙමි. ඇයට ඒ වන විට විවාහ යෝග උදා වී තිබිණි. මගේ යෝජනාවක් අනුව නංගිට මනමාලයෙක් බැලූ නමුත් සියලු දෙනා කියා සිටියේ නංගිගේ විවාහය සිදු කරනුයේ අක්කාගේ විවාහයෙන් පසුව බවයි. එහෙත් පසුව දෙපැත්තේම එකඟතාවය ඇතිව අක්කාට පෙර නංගිගේ විවාහය සිදු විය.

අක්කාගේ විවාහය පසු වන්නේ ඇයි? අපි එම කේන්ද්‍රය පරීක්ෂණයට ලක් කරමු. ඇය උපන්නේ ක්‍රි.ව. 1961.09.18 වන සඳු දිනය ධනු ලග්නය හා වෘශ්චික නවාංශකය ද මුල නැකතේ තුන්වන පාදය ද පැවතිනි. කේතු මහ දශාව වර්ෂ 2 යි මාස 10 යි දින 10 ක් උපතේ සිට ඉදිරියට පැවතිනි.

ධනු ලග්නයේ ග්‍රහචාරය මෙසේ ය. ලග්නයේ සඳු හා ශනි ය. දෙවැන්නේ ගුරු ය. තුන්වැන්නේ කේතු ය. නව වැන්නේ රාහු හා සිකුරු ය. දස වැන්නේ රවි, බුධ හා කුජ ය.

මෙම කේන්ද්‍රයේ බැලූ බැල්මට කිසිම විවාහ දෝෂයක් නැත. හතේ හෝ අටේ හෝ පාප ග්‍රහයන් ද නැත. එසේ නම් ඇයි ඇයගේ විවාහය පරක්කු වනුයේ.

ධනු ලග්නයෙන් හා වෘශ්චික නවාංශකයෙන් උපන් නිසා හතර අධිපති ගුරු ග්‍රහයා විසි දෙවන දෙර්කාණාධිපතියා වී ඇත. ගුරු විවාහා කාරක ග්‍රහයා ය. එසේම ගුරු මකර රාශියෙන් නීච වී සිටී. ඇගේ විවාහ පරක්කු වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගුරු ග්‍රහයා ය. එහෙත් ඇයට විවාහයක් සිදු නොවන්නේ නැත. ස්ථිරවම විවාහයක් සිදු වනු ඇත.

හත අධිපති බුධ 10 වැන්නේ රවි හා කුජ සමඟ සිටී. එම නිසා ඇයගේ සහකරුගේ තොරතුරු පරීක්ෂා කළ යුත්තේ දහවැන්න මුල් කරගෙන ය. නැතහොත් ඔහුගේ ලග්නය කන්‍යා ලග්නය සේ සලකාගෙන ය.

ඔහු බුද්ධිමත් උගත් අයෙකි. තලඑළළු ය. සාමාන්‍ය ශරීරයකින් යුක්ත ය. එතරම් උස නැත. සෑහෙන ධනවත් අයෙක් වන අතර ගේ දොර ඉඩකඩම් යාන වාහන ඇත්තෙකි. ඔහු විවාහ වීමට පෙර ඔහුගේ පියා මියගොස් සිටිය යුතු ය. පියා වෙළඳ ව්‍යාපාරිකයෙක් විය යුතු ය. ඔහු ද ඉගෙනීම ඇතත් රජයේ රැකියාවක් නොකර ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින්නෙක් විය යුතු ය.

මැයගේ විවාහය සිදුවිය යුත්තේ සඳු මහ දශාවේ බුධ අතුරු දශාව තුළ දී ය. බුධ අතුරු දශාව 1997.10.28 දින අවසන් වේ. ඊට පෙර විවාහය සිදු විය යුතුම ය.

ඇගේ නංගී ද මෙසේම විවාහ යෝගයක් පැමිණි විටක මාසයක් පමණ සුළු කාලයක දී විවාහ වූවා ය. මැය ද ඉක්මණින්ම විවාහ වනු ඇත.

බොහෝ අයගේ විවාහා ප්‍රමාදයට හේතු වනුයේ හතේ හෝ අටේ පාපයන් සිටීම නිසා ය. කුජගෙන් හතේ සෙනසුරු සිටීමත් කුජ ශනි යෝගයත් විවාහා පමාවට බොහෝ විට හේතු වී ඇති බව අපගේ අත්දැකීමයි.

හත අධිපතියා, විසි දෙවන දෙර්කාණාධිපතියා වීමත් (විවාහයට කේන්ද්‍රය බලපාන හැටි හා ඔබේ විවාහය ඡ්‍යොතිෂ ඇසින්) විසි දෙවන දෙර්කාණාධිපතියා හතේ සිටීමත් විවාහය පමාවීමටත් කරදර බාධක මධයේ යුගදිවිය ගෙන යාමටත් හේතු වේ. හත් වැන්නට කිසිම සම්බන්ධයක් නැති වුවත් ගුරු හෝ සිකුරු විසි දෙවන දර්කාණාධිපතියා වූ විට ද විවාහ පමාව ඇති කරයි.

එක් පවුලක දරුවන් පස් දෙනෙකි. එක් පිරිමි දරුවෙක් හා අනෙක් හතර දෙනාම ගැහැනු දරුවන් ය. හිතුවක්කාර ලෙස පිරිමි දරුවා පමණක් විවාහ වී ඇති අතර සහෝදරියන් හතර දෙනාම තවම අවිවාහක ය.

ඒ හතර දෙනාගේම කේන්ද්‍ර පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ විවාහ බාධක කේන්ද්‍ර හතරේම ඇති බවයි.

එක් සහෝදරියක් ක්‍රි.ව. 1958.09.23 දින වෘෂභ ලග්නයෙන් ඉපදී ඇත. ලග්නයේ කුජ සිටිය අතර සෙනසුරු හත්වැන්නේ ය. මෙම කේන්ද්‍රය හිමිකාරියගේ විවාහය පමා කරනුයේ කුජගෙන් හතේ සෙනසුරු සිටීම හා ගුරු විසි දෙවන දෙර්කාණාධිපතියා වවීම නිසා ය.

අනෙක් සහෝදරිය ඉපදී ඇත්තේ ක්‍රි.ව. 1951.08.25 දින ය. මීන ලග්නයෙන් ඉපදී ඇත. හතේ සෙනසුරු සිටීමත් සිකුරු විසි දෙවන දෙර්කාණාධිපතියා වී හයේ සිටීමත් ඇගේ විවාහ පමාවට හේතු වී ඇත.

අනෙක් සහෝදරිය ක්‍රි.ව. 1949.11.10 දින වෘෂභ ලග්නයෙන් ඉපදී ඇත. වෘෂභ ලග්නයේ හතර වැන්නේ කුජ ශනි යෝගයක් ඇත. එය ඇගේ විවාහය පමා කිරීමට හේතු වී ඇත.

තවත් සහෝදරියක් ඉපදී ඇත්තේ ක්‍රි.ව. 1953.11.28 දින කන්‍යා ලග්නයෙනි. ලග්නයේ කුජ විසි දෙවන දෙර්කාණාධිපතියා වී සිටීමත් ශනි බුධ සිකුරු යෝගයේ දී සිකුරු පීඩාවට පත්වීමත් ඇගේ විවාහය පමාවීමට හේතු වී ඇත.

ඉහත දැක් වූයේ එකම පවුලේ අවිවාහක තරුණියන් හතර දෙනෙකුගේ කේන්ද්‍රය. ඒ හතර ගේ දොර ඉඩකඩම් සහිත දෑවැද්ද ඇති අයය. රූප සුන්දරියන් නොවූවත් දුටුවන් සිත් ඇද ගන්නා සුළු රූ සපුවකින් යුක්තය. එහෙත් පතාගෙන ආ දෛවයෙන් හිමි සහකරුවා තවම හමු වී නැත. උත්පත්ති ග්‍රහචාරය එයට සාක්ෂි දරයි.

 

ජ්‍යෙතිෂාචාර්ය,

ජේ.ඒ.ඇස්.ජයකොඩි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.