ඔබ කුළුඳුල් ගර්භණියක නම්...

සැප්තැම්බර් 10, 2021

වමනය, කෑම රුචිකමේ වෙනස්කම්, මල බද්ධය, බඩේ දැවිල්ල, නිතර මූත්‍ර කිරීමේ අවශ්‍යතාවය, දෙපාවල මස්පිඬු පෙරළීම වැනි දේ ඇති වුණත් කලබල වෙන්න එපා.

 

ගැබිණියක් වු පසු ඇතිවන මුලික අපහසුතා

කාන්තාවක් මුල්වරට ගර්භණියක විමෙන් පසු කාන්තා සිරුරක ඇතිවන වෙනස්කම් නිසා ඇය තුළඇතිවන අපහසුතා බෙහෙවින්ම ඇයට ආගන්තුකයි. ඒ වගේම සංකීර්නයි. තත්ත්වය එසේ වුවත් කාන්තාවක් උපතින්ම රැගෙන එන දරාගැනී‍මේ ශක්තිය මගින් ඈ මේ කුමන අපහසුතාවක් වුවත් දරාගැනිමට හා ඉවසීමට හුරුවීමට ඇති හැකියාව ඉතාමත්ම පුදුමාකාරයි. ගර්භණි තත්වයේදී විවිධ සංකූලතා ඇයට ඇතිවිම සාමාන්‍යයයි. එහෙත් ගැටළුව වන්නේ එම සංකුලතා ගර්භණීභාවයට ආවේනික සාමාන්‍ය තත්ත්වයන්ද එසේ නොමැති නම් වෙනත් රෝගයක, ලක්ෂණයක්ද යන්න පැහැදිලිව වෙන්කර හඳුනාගැනීම අපහසු වීමයි.

ඔක්කාරය හා වමනය

උදෑසන අවදි වූ පසු ඔක්කාරය හා වමනය ඇතිවීම (ර්ධපදඪදඨ ඉඪජඬදඥඵඵ) සුලබව සිදුවෙන්න පුළුවන්. දරු පිළිසිඳගැනීමකින් පසු පළමු මාස තුන තුළ මෙය සිදුවන අතර ඇතැම් ගැබිණියන්ට වමනය පාලනය කරගත නොහැකි ආකාරයෙන් ඇතිවිය හැකි අතර බොහෝ ගැබිණියන්ට මෙම තත්ත්වය පාලනය කරගත හැකියි. සමහර ගැබිණියන්ට ඉතාම අසාමාන්‍ය ලෙස පාලනය කරගත නොහැකි තරමට ඔක්කාරය හා වමනය සිදුවන අවස්ථාවලුත් තිබෙනවා. මේ තත්ත්වය යටතේ ගැබිණිය කිසිම ආහාරයක් ගැනීම පවා ප්‍රතික්ෂේප කිරීම සිදු වෙනවා. ඉතාම අපහසුවෙන් අන් අයගේ බලකිරීම් මත හෝ ඇය ගන්නා සෑම ආහාරයක්ම වමනය ඇති කරන තත්ත්වයට පත්වෙනවා. මේ තත්ත්වය හඳුන්වන්නේ ඩ්රනඥපඥථඥඵඪඵ ට්පචමඪඤ චපභථ ලෙසයි. මෙහිදී කෑම වර්ග දකින්න පවා පිළිකුලක් ගැබිණිය විසින් දක්වන්න පුළුවන්. කිසිදු ආහාරයක් හෝ දියරයක් නොගැනීම නිසා සිරුර විජලනයට ලක්විය හැකියි. ඊට හේතුව වන්නේ කෑම නොගැනීම නිසා ශරීර අභ්‍යන්තරයේ සිදුවන ප්‍රෝටීන බිඳ වැටීමයි. ඉතාම ප්‍රබල ලෙස ආහාර අරුචිය පවතින විට ඉතාම අහිතකර ආම්ලික සංයෝග (ම්ඥබධදඥ ඕධඤර)ශරීරය තුළ නිපදවනවා. මේ නිසා අධික වමනය තත්ත්වයට සුලබව ගොදුරු වන ගැබිණියන් රෝහල් ගත කිරීම වඩාත්ම යෝග්‍යයි. වමනය සුළු වශයෙන් පවතිනවානම් ආහාර වර්ග සුළු ප්‍රමාණවලින් ගැනීමෙන් වමනය සිදුවීම නවතාලීම සඳහා සුදුසු ඖෂධ වර්ග තිබෙනවා. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මිස හිතුමතේ ෆාමසි වල පිහිට පැතීම නම් කිසිසේත්ම නොකළ යුතුයි.

ඇතැම් ආහාරවලට දැඩි රුචිබවක් දැක්වීම

මේ තත්ත්වය හඳුන්වන්නේ ජ්ධධඤ ඛ්පචමඪදඨ චදඤ ජ්ධධඤ ච්ඪඵතඪඬඥ ලෙසයි. ඇතැම් ආහාර පිළිබඳව දක්වන දැඩි රුචිය මෙයින් අදහස් වෙනවා. ග්‍රාමීය මට්ටමේදී දොළදුක ලෙස හැඳීන්වෙන්නේ මේ තත්ත්වයයි. මේ තත්ත්වය මදක් අසාමාන්‍යයි. ඉතාම ඇඹුල් රසැති අඹරැල්ලා , වෙරළු, නෙල්ලි, සියඹලා, අමුඅඹ, ලුණු දෙහි වැනි දේත් පොළොස් ඇඹුල, ඉස්සන්, දැල්ලන්, බීට්, කිරි කොස්, මාළු ඇඹුල් තියල් , දෙල් , නෙළුම් අල, කොහිල අල ඇඹුල, ලබු කොළ ආදී වෑංජන වලටත් සමහර ගැබිණියන් දැඩි ප්‍රියතාවයක් දක්වනවා. (මෙහිදී දැල්ලන්, බල මාළු වැනි ආහාර නොමැතිව මෙලෙස ඔවුන් ප්‍රියකරන අනෙකුත් ආහාර ඉතා කුඩා ප්‍රමාණවලින් ලබාදීමේ කිසිදු වරදක් නෑ.) හොඳම පෝෂ්‍යදායි ආහාර ගැබිණි සමයේදී ඇයට ලබාදීමට නිවැසියන් කටයුතු කිරීමත් මෙහිදි ඉතාමත්ම වැදගත්. ඊට හේතුව මුල් අවදියේ සිටම ගැබිණි මවක් නිසි පෝෂණයෙන් පසුවිය යුත්වීමයි. සමහර කතුන් ගැබිණියක වීමට පෙර ආශාවෙන් අනුභව කළ ආහාර වර්ග ප්‍රතික්ෂේප කිරීම දැඩිව කළ හැකියි.(ජ්ධධඤ ච්ඪඵතඪඬඥ) බිත්තර , කරෝල, මස්, මාළු සමහර පළා වර්ග මෙලෙස ප්‍රතික්ෂේප කරන ආහාර වර්ග විය හැකියි.

අසාමාන්‍ය ආහාර වලට දක්වන කැමැත්ත

සමහර ගැබිණියන් හට තරමක් අසාමාන්‍ය ආහාර සඳහා රුචියක් ඇතිවිය හැකිය (ජ්ධධඤ උදටඪබබඪදඨ) පස්, අඟුරු, මැටි, ගඩොල් කැබලි වැනි ආහාර නොවන දේ සූරමින් ආහාරයට ගන්නට මෙහිදී සමහර ගැබිණියන් පෙළඹේ. මෙය ගර්භයට විශාල හානි සිදුකළ හැකි තත්ත්වයකි. මෙවැනි තත්ත්වයන් වලදී මව රෝගි වීමට ඇති අවස්ථාවන් සුලබයි. ගැබිණියක් මෙවන් ආහාර රුචිකම් දක්වනවානම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා ඉන් වැලැක්වීම ඉතාම සුදුසුයි.

බඩේ දැවිල්ල

මෙය පපුවත් සමගම ඇතිවන දැවිල්ලක් බැවින් එය ඩ්ඥචපබ ඕභපද ලෙස හැඳීන්වේ. මෙලෙස ඇතිවීමට හේතුව වන්නේ ආමාශයේ තිබෙන ආහාර ජීර්ණයට උදව්වෙන අම්ල (ආමාශයික යුෂ) ගලනාලය දිගේ උඩට ගමන් කිරීම නිසයි. ක්‍රමයෙන් දරු ගැබ මෝරා එද්දී උදරයද ක්‍රම ක්‍රමයෙන් විශාල වන විට ආමාශය මත ඇතිවන තෙරපීම හා පීඩනය මදින් මද ඉහළ යයි. මෙහිදී මෙම ආමාශික යුෂ උඩු අතට ගමන් කිරීමෙන් බඩ පපුව දැවිල්ල ඇතිවිය හැකියි. හෘද රෝගවලදීත් මේ හා සමානවම රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මෙවැනි තත්ත්වයක් පවතින විට කෝපි පානය කිරීම නුසුදුසුයි. ආහාර ඉතා කුඩා ප්‍රමාණවලින් වරින් වර ගැනීම හා තෙල් අධික ආහාර වලින් වැළකීම ඉතාමත්ම සුදුසුයි.

 

නිතර මූත්‍ර කිරීමේ අවශ්‍යතාවය

ගර්භණියක වූ පසු වකුගඩු වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය වෙනදාට වඩා තවත් අඩකින් පමණ වැඩිවිය හැකියි. ඒ වගේම තමයි ප්‍රොජෙස්ටරොන් හෝමෝන වල බලපෑමෙන් මූත්‍ර මාර්ගයේ පේශිවල වැඩිපුර ඉහිල්වීමක් ඇති වේ. මෙහිදී ද නිතර මූත්‍ර කිරීමේ අවශ්‍යතාවය ඇතිවෙනවා. මේ තත්ත්වය මත ගර්භණියකට මූත්‍ර ආසාදන ඇතිවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. මෙවැනි ආසාදන මගින් “වෘක්ක දාහය” වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. මේ තත්ත්වයේ බරපතලකම කොතෙක්ද කියනවානම් දරුවා ලැබීමට නියමිත කාලයට පෙර දරු උපත සිදුවීමටත් එය සෘජු බලපෑමක් කිරීමට බොහො දුරට ඉඩ තිබෙනවා. මේ නිසා ගැබිණියක් සැලකිළිමත් විය යුතු විශේෂම තත්ත්වයක් තමයි මූත්‍ර කරන විට මූත්‍ර මාර්ගයේ වේදනාවක් ඇතිවීම හා මූත්‍ර සමග සුළු හෝ රුධිර වහනයක් සිදුවනවාද යන්න පිළිබඳව පරික්ෂාකාරීවීම, තවත් විශේෂයෙන් මතක තබාගත යුතු වැදගත්ම කාරණයක් තමයි නිතර නිතර මූත්‍ර පිටවීම නිසා එය මගහැරවා ගැනීමේ අරමුණෙන් සුපුරුදු ජලය පානය කිරීමේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම. ගැබිනියක් වූ පසු පිපාසය දැනෙන්න කලින් පැය බාගයෙන් බාගයට වතුර උගුරු කීපයක් පානය කිරීමේ පුරුද්ද මේ සමයේ ඉතාම සුදුසුයි.

දෙපාවල මස් පිඬු පෙරළීම

ඹ්ඥඨ ට්පචථන නමින් හඳුන්වන මේ තත්ත්වය ඇතිවෙන්නේ ගැබිණි මව විවේක සුවයෙන් පසුවන විට හා නින්දට ගිය විටයි. ගැබිනියක් නිදා සිටින විට ඉතාම සුලභව මස් පඬු පෙරළීම සිදුවිය හැකියි. මේ තත්ත්වය ඇත්තෙන්ම විඳ දරාගැනීම මදක් අපහසුයි. දෙපාවලට ඔබින ව්‍යායාම පිළිබ ඔබට පවුල් සෞඛ්‍ය නිළධාරිනිය ගෙන් උපදෙස් ලබාගත හැකියි. ගැබිණි සමයේ වමනය වීම දැඩි වශයෙන් සිදුවීමෙන්ද ශරීරයේ අඩංගු කැල්සියම් හා පොටෑසියම් ප්‍රමාණය අඩුවීමෙන් ද මෙලෙස සිදුවිය හැකියි. මේ සඳහා වෛද්‍ය උපදෙස් නොමැතිව කැල්සියම් හෝ පොටෑසියම් අඩංගු ඖෂධ වර්ග ෆාමසි වලින් ගෙන හිතුමතයේ පාවිච්චි කිරීම ඉතාම නුසුදුසු බවත් සඳහන් කළ යුතුමයි.

 

මළබද්ධය

හෝමෝනවල වෙනස් වීමේ බලපෑමෙන් ආහාර මාර්ගයේ ක්‍රමාකුංචන බලය (කුසගිනි දනවන ක්‍රියාවලිය) අඩුවීම නිසා වෙනදා සුපුරුදු අපද්‍රව්‍ය බහිශ්‍රාවය කිරීමේ සිරිත අක්‍රමවත් වීම තුළින් ගර්භණි සමයේ මළබද්ධය ඇතිවෙන්න පුළුවන්. මෙහිදී මළ ද්‍රව්‍ය දැඩි බවට පත්වීම නිසා මළපහ පිට කිරීම ඇයට ඉතාම අපහසු කාරියක් වන්නට ඉඩ තිබෙන අතර මළපහ කරන්නට වැඩි ආයාසයක් ගැනීම නිසා ගුද විවරය අවට පුපුරා යැමෙන් තුවාල ඇතිවීමට පවා ඉඩක් තිබෙනවා. නැවුම් එළවළු නැවුම් පලතුරු හා පළාවර්ග දෛනික ආහාර වේලට වැඩිවශයෙන් එක්කර ගැනීම මෙන්ම වැඩිපුර ජලය පානය කිරීම මේ සඳහා ඉතාම යෝග්‍යයි. ගැබිනි සමයේ දී ශරීරය විචලනය නොවි සජලන මට්ටමක තබා ගැනීම ඉතාම වැදගත් තත්ත්වයකි. පැපොල් අඹ වැනි පලතුරු කැබලි හෝ යුෂ මේ සඳහා දිනපතා උදය හා දහවල් ආහාර වේල්වලට එක්කර ගැනීම ඉතාම සුදුසුයි. අඹ කෙසෙල් මුව කොහිල අල වැනි කෙඳී සහිත එළවළු මාරුවෙන් මාරුවට දෛනිකවව කෑමට ගැනීම මෙන්ම සුළු ව්‍යායාමවල නිරතවීම ද මේ තත්ත්වය මග හැර ගැනීම සඳහා සුදුසුයි.

 

සටහන

කීර්ති එස් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.