විවාහය ප්‍රේමයකින්ද, යෝජනාවකින් ද?

මාර්තු 5, 2021

හත්වැන්නාධිපති කුජ නොවී ශුක්‍ර සමඟ කේන්ද්‍රගතවීමත් විවාහයට සුබ පල දෙන පිහිටීමකි. හත අධිපති තිර රාශියක නම් ස්ථිර ආදරයෙන් ජීවිතාන්තය දක්වා සමගි සම්පන්නව සිටිය හැකි යුග දිවියක් හිමිවනු ඇත.

 

ලොව ජනිතවන සියලුම සත්වයන් ආදරය හෙවත් ප්‍රේමය හද තුළ ඇතිව ජනිතවීම ස්වභාවික ය. සමහරු ආදරය කර විවාහ වන අතර, තවත් සමහරු යෝජිත විවාහයකට මුල්තැනදී විවාහයෙන් පසු ආදරය කරමින් දිවිගමන සතුටින් ගත කරති. කෙසේ වුවත් කෙනෙකුගේ විවාහය සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුවය. එය කුමන අයුරකින් සිදුවෙයි ද යන්න කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වෙයි.

කේන්ද්‍රයක පස්වැන්න ආදරය, ප්‍රේමය, ආලය නියෝජනය කරන ස්ථානයයි. එකොළොස්වෙනි භාවය මිත්‍රත්වය, ඇසුර හා මිතුරන් නියෝජනය කරන අතර, සිත නොහොත් සිතිවිලිවල ස්වභාවය ප්‍රකාශවන්නේ සඳුගෙනි. මෙසේ හෙයින් තරුණ ලඳුන් පෙම්සබඳතාවලට යොමුවෙන කේන්ද්‍ර අදාළ ස්ථානය වනුයේ පස්වැන්න හා එකොළොස්වැන්න වන අතර ග්‍රහයින් වනුයේ සඳු හා සිකුරු ය.

පස්වැන්න පාප පීඩාවට පත්වූ විට පෙම්සබඳතා බිඳවැටෙන හේතු යෙදිය හැක. සඳු, සිකුරු යෝගවී එකොළොස්වැන්නේ සිටි විට පෙම්සබඳතා බොහොමයක් ගොඩනංවාගනී. ගුරුගේ දෘෂ්ටියට මෙම යෝගය අසුවුවහොත් උගත් ධනවත් අයෙකු තම පෙම්වතා හෝ පෙම්වතිය වනු ඇත. 7 වැන්නාධිපති බලවත්ව 7 වැන්න සුබ තත්ත්වයෙන් පිහිටි අය පෙම්සබඳතා තුළින්ම යුග ජීවිතයට පිවිසෙන්නෝ වෙති.

පස්වැන්න අධිපතියා හත්වැන්නාධිපති සමඟ යෝගවීම පුර සඳුගේ දෘෂ්ටියට ලක්වීම පෙම් බැඳුම් කෙරෙහි සුබවාදීව සුබ ග්‍රහ පිහිටීමකි. මොවුන් යුග ජීවිතයට පිවිසෙන්නේ ආදරය, ප්‍රේමය, තුරුලුකරගෙනය. පස්වැන්නාධිපති හෝ සඳු, සිකුරු යෝග බලයෙන් සිටියදී රාහු, අඟහරු වැනි පාප ග්‍රහයින් සමඟ එක්වූ විට හෝ දෘෂ්ටිය ලැබූ විට පෙම්සබඳතා ස්ථිර නොවේ.

හත අධිපති සිව්වැන්නට යයි ද සිව්වැන්න අධිපති එකොළහ වී පදිංචි වී නම් ඔබ ඉතා භාග්‍යවන්තයෙක් හෝ භාග්‍යවන්තියක් වේ. එවැනි ග්‍රහ පිහිටීම් ඇති අයගේ ද විවාහය සිදුවන්නේ පෙරුම් පුරා පැතූ අයුරින් ය. තම පෙම්වතා හෝ පෙම්වතිය හමුවන්නේ තම නිවසේදී හෝ එසේ නොමැතිනම් අතරමඟකදී වහනයකදී විය හැකි ය. බොහෝවිට මංගල උත්සවයකදී විය හැකි ය. කෙසේ හෝ හත්වැන්නාධිපති සිව්වැන්නේ හිමිකාරිය වෙයි ද එම හමුවීම පෙර අත්භවයකදී සිට පතන්නාවූ හමුවීමකි. එය කිසිම බලවේගයකට හෝ බලපෑමකට වෙනස් කළ නොහැකි පුදුම හමුවීමක් ලෙස පෙන්නුම් කරයි. එවැනි යෝග බලය ඇතිව විවාහ වුවහොත් ඉදිරි යුග ජීවිතය සියලු යස ඉසුරින් පිරුණ එකක් වනු නොඅනුමානය.

සිව්වැන්නාධිපති, හත්වැන්නාධිපති සුබ ග්‍රහයින්ගේ දර්ශනයෙන් යුතුව සිව්වැන්නේ පතිතවුවහොත් එය ද නළලත මහබඹු කෙටූ පරිදිය. කුමන ආකාරයකින් හෝ සහකාරිය, සහකරු හමුවී සතුටින් පිරි පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වේ. ඔවුන් අතර බැඳි සෙනෙහස ආදරය වියපත් වූ විටත් එලෙසම පවතී.

හත්වැන්නාධිපති කුජ නොවී ශුක්‍ර සමඟ කේන්ද්‍රගතවීමත් විවාහයට සුබ පල දෙන පිහිටීමකි. හත අධිපති තිර රාශියක නම් ස්ථිර ආදරයෙන් ජීවිතාන්තය දක්වා සමගි සම්පන්නව සිටිය හැකි යුග දිවියක් හිමිවනු ඇත.

හත්වැන්නාධිපති පස්වැන්නාධිපති සමඟ නම් එය ද ප්‍රේම සම්බන්ධයක් මත සිදුවන විවාහයකි. ලග්නාධිපති බලයෙන් යුතුව හත අධිපති සමඟ නම් තමාගේ තත්ත්වයට වඩා උගත් උසස් අයෙකු සමඟ විවාහය සිදුවිය හැක. හත අධිපති බුධ සමඟ යෝගවී නම් සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වන තම බසට අවනත වන අයෙකු විවාහයට හිමිවේ. හත අධිපති දහය අධිපති සමඟ නම් රැකියා කටයුතුවලට ද බොහෝ සහනය ගෙනදෙන ඉක්මනින් විවාහයේ දියුණුව ගෙනදෙන කෙනෙකු සමඟ විවාහවීමට ලැබෙනු ඇත. හත අධිපති ගුරු සමඟ යෝගවී නම් නැණවත් ධනවත් ඉවසිලිසහගත අයෙකු විවාහයට හිමි ය.

හත අධිපති ලග්නයේ තමන්ට බොහෝ ආදරය ඇති සහකාරයෙක් හෝ සහකාරියක් ලැබිය හැක. නමුත් ඇය හෝ ඔහු වෙනත් සම්බන්ධකම් ඇතිකර ගැනීමට බොහෝදුරට ඉඩ ඇත.

පස්වැන්න වෘශ්චික රාශිය වී අඟහරු එහි තැන්පත්ව සිටින විට සිකුරු, අඟහරු හා සඳු යන ග්‍රහයින් තිදෙනාගෙන් එක් අයෙකුªගේ හෝ දෘෂ්ටියට ලක්වූ විට ඔවුන් විනෝදය සඳහා පෙම් සබඳතා ඇති කර ගන්නා අය වෙති.

බුධ, සඳු, කුජ හත්වැන්න නියෝජනය කරන විට 11 වැන්නේ රාහු තැන්පත් වීම පෙම් සබඳතාවන්ට නිතර නිතර බාධක ගෙන දෙන ග්‍රහ පිහිටීමක් ලෙස දැක්වේ.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.