මරණයෙන් ගලවාගන්නා අභිසම්භිධානය

ජනවාරි 15, 2021

කළගුණ සැළකීම මූලික කරගෙන සොබාදහමට තුති පිදීම සිදුකෙරේ. ඉතිරවීම බුබුළු දැමීම සහ බත යන අරුත් දෙන පොංගල් දෙමළ වදන නිසා එම නම යෙදී ඇති බව නිසැකය. හිරු දෙවියන්ට පුද පූජා තබා සතුටු කොට ලබන නව වසරේ දී ද පෙර වසරේ මෙන් සශ්‍රීකත්වයත් සෞභාග්‍යයත් ලබා ගැනීම සඳහා හිරු දෙවියන්ගේ පිහිට පැතීමයි.

 

යන්ත්‍ර විද්‍යාව කියන්නේ ඡ්‍යොතිෂයටත්, ගුප්ත විද්‍යාවටත් එකසේ ඥාති සම්බන්ධකමක් ඇති ශාස්ත්‍රයක්. මෙහි ගුණ පූර්ණ විස්තරයක් යන්ත්‍ර ශතකය, යන්ත්‍ර රත්නය හා යන්ත්‍ර විද්‍යා යන පොත්වල සඳහන් වී තිබෙනවා. යන්ත්‍ර පැළ¼දීම නිවැරදිව කිරීමට නොහැකි නම් හෝ දැනීම මදිනම් ඒක නොකර සිටීම ඉතා යහපත් වනවා.

ඒ කිම්ද යත් වැරදි අන්දමට යන්ත්‍ර පැලැ¼දීමෙන් බලාපොරොත්තු රහිත කරදරවලට මුහුණ දීමට සිදුවන නිසාය. යන්ත්‍රයකින් මූලිකව කරන්නේ ලෝහයක් මත අකුරු මඟින් ගණ පිහිටුවීමක් බව දැනගත යුතුය. අක්‍ෂර පිහිටුවාලීම, ගණ පිහිටුවාලීම, ඥාන සාමාන්‍ය දැනුමක්වත් ඇතැයි සිතමි. ඔබ නොදන්නවට ඔබේ දරුවට ඔබ ඔබේ නමට අකුරු දුන්නෙ, දීලා නම් හැදුවේ ගණ පිහිටුවමින් බව දැන් අමතක ඇති. වැරදි යන්ත්‍රයක් පැල¼දීම නිවැරදි නැති ඖෂධයක් ගැනීමක් වැනිය කිව්වොත් හරි. වැරදි යන්ත්‍ර පැළැ¼දීම නිසා ප්‍රතිඵලය මරණය වන්නත් බැරි නැහැ. වැරදි යන්ත්‍ර පැළැ¼දීම නිසා අඳුරුවූ අනාගත බොහෝය. යන්ත්‍ර පැලැ¼දීම විශේෂයෙන්ම ඡ්‍යොතිර්වේදියා හෝ ගුප්තවේදියා හෝ යන්ත්‍රවේදියා විසින්ම නිවැරදි ලෙස කළ යුත්තකි. ඒ සඳහා පුළුල් දැනුමක් ද තිබිය යුතුමය. එමෙන්ම පලපුරුද්ද තිබිය යුතුමය.

සාමාන්‍ය යන්ත්‍රයක් යම්කිසි කෙනෙකුගේ ශරීරයේ පැලැ¼දීම සඳහා ඔහුගේ ගෙල හෝ ඉන තෝරා ගැනීම සාමාන්‍ය කරුණකි. එසේ වුවත් අභිසම්භිධාන යන්ත්‍රය පමණක් එසේ කළ නොහැකි නම් ශරීරයේ පිට දිගට ස්පර්ශය වනසේ හෝ නිදන කොට්ටය තුළට දැමීම කළ හැක. ඒ ක්‍රමය විශේෂයෙන්ම මරණාසන්න රෝගීන් සඳහාම විය යුතුය. මෙහි විශේෂත්වය නම් රෝගියාගේ උෂ්ණත්වය ශරීරය තුළම රඳා පවත්වා ගැනීම සිදු කරයි. රාජ තරංගනී නියම තෛලරාජයා නිවස තුළ කොතැනක හෝ තිබේනම් එම නිවස තුළ මරණාසන්න රෝගීන්ගේ මරණය සිදුවීම පමා කරයි. සිහිමුර්ජාවී බොහෝ වේලාවක් මරණය ප්‍රමාද කරයි. ඒ අයුරින්ම අභිසම්භිධාන යන්ත්‍රයට ද එවැනිම බලයක් ඇත. මෙය සකස් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එනම් අභිසම්භිධාන ගාථාව මන්ත්‍රයක් වශයෙන් එම මන්ත්‍ර 09 නැත්නම් ගාථා 09 යන්ත්‍රයේ ඇති ගබඩා නැත්නම් ගැබ් 07 කට ඇතුළත් කිරීමය. විශේෂයෙන් මේ මන්ත්‍ර 09 ගැබ් 07 කට ඇතුළත් කිරීමේදී එක අකුරකට තව අකුරක් නොගෑවෙන පරිදි තඹ පත්‍රයේ ඇතුළත් කිරීමයි. එසේ නිවැරදිව අවසන් කරන ලද තඹ පත්‍රිකාව ඖෂධ ගල්වා දෙවනුව රත්‍රන් පොඟවා සුපුරුදු ආකාරයට දීශයි, ජප, පලිප්පු, ප්‍රාණ, ස්පුථ කිරීමෙන් යන්ත්‍රය නිමා කළ හැක. විශේෂයෙන් අන් යන්ත්‍ර මෙන් මෙය ද අඩුම තරමින් 1008 වරක්වත් ජප කළ යුතුමය. දිශඨියට නවනීලය හෝ රාම මන්ත්‍රය ඉතා සුදුසු බව මගේ හැඟීමයි. විශේෂයෙන් අභිසම්භිධානය මැතිරීමේදී පුද පූජාවලට අමතරව සුදුහඳුන්-රත් හඳුන්-දේවදාර-අගිල්-ගගුල්-සුවඳ කොට්ටන්-ජටාමාංශ-සැවැන්ඳරා-විශ්ණු ක්‍රාන්ති හා කවඩි සාම්බ්‍රානි කුඩු කර දුම් දීමට ගත යුතුය.

මෙම යන්ත්‍රය සඳහා වෙනත් සාම්බ්‍රානි පාවිච්චි නොකළ යුතුය. මේ ඖෂධ සියල්ලම අගනුවර ප්‍රසිද්ධ ඖෂධ ශාලාවලින් මිලදී ගත හැක. මෙම යන්ත්‍රය සකස් කිරීමේදී අන් යන්ත්‍රවලට වඩා විශේෂ ක්‍රම භාවිතා කළ යුතුමය. ශරීරයේ පිටට හෝ කොට්ටයට යන්ත්‍රය දමන්නේ නම් යන්ත්‍රය එතීමක් හෝ සුරයක බහාලීමක් අවශ්‍ය නැත. දිගු අතට ශරීරය ස්පර්ශ කළ හැක. එසේ කිරීමේදී යන්ත්‍ර ආවරණයක් සාදා ඉන්පසු ශරීර ස්පර්ශය කළ යුතු වන්නේය. කිලි ආහාර නොගැනීම සුපුරුදු යන්ත්‍ර මෙනි.

යන්ත්‍ර සකස් කිරීමේදී තඹ පත්‍රය නිවැරදි දිග පළලකින් ගත යුතුමය. උදාහරණයක් වශයෙන් යන්ත්‍රයේ පළල මෙන් දෙගුණයක් දික්වන යන්ත්‍රවල ප්‍රතිඵලය මරණයයි. උදාහරණ කීපයක් නිශ්ඵලය. ජයයි ඉතා හොඳයි නිශ්ඵලයි යනුවෙන් යන්ත්‍ර විද්‍යාවේ සඳහන්වී ඇත. යන්ත්‍රයක දිග පළල ගුණ පිළිබඳ නිවැරදි පූර්ව දැනුමක් අත්‍යාවශ්‍ය වේ. විහේෂයෙන් අභිසම්භිධානය යන්ත්‍රය සකස් කිරීමේදී මස්-මාංශ-මාළු-කරවල-උම්බලකඩ ආදී ආහාර නොගත යුතුය. සියලුම වත් පිළිවෙත් නිවැරදිව කළ පමණටම ගුණ ලැබේ. කිලි ඇති ආහාර ගැනීමත් කිලි

ස්ථානවලට යෑමෙන් වළකින ලෙසට තරයේ සිහිතබා ගත යුතුය. ඉතාම නරක කිල්ල වශයෙන් වැදූ කිල්ල ද, දෙවනුව මල්වර කිල්ල ද තෙවනුව මරණ කිල්ල ද වශයෙන් දත යුතු වන්නේය.

ඕනෑම යන්ත්‍රයක් කුමන හෝ යන්ත්‍ර කාණ්ඩයකට අයත් විය යුතුය. එනම් ග්‍රහ දෝෂ හරන යන්ත්‍ර, රාශි දෝෂ හරණ යන්ත්‍ර, වශීකරන යනුවෙනි. මේ සියලුම කාර්යයන්වලට වඩා ප්‍රමුඛත්වය ලැබෙන සර්වෝපදා හරණ බුද්ධ යන්ත්‍ර කාණ්ඩයට අයත් වටිනා යන්ත්‍රයකි අභිසම්භිධානය. මෙය උපද්‍රව හරන ලෙස සඳහන් වුවත් විශේෂ බුදුගුණ යන්ත්‍රයක් ලෙසටත් ඉතාම ඉක්මණින් සියුම්ව ගුණදෙන යන්ත්‍රයක් හැටියටත් පුරාණ යන්ත්‍රවේදියෝ හඳුන්වා දී ඇත. අභිසම්භිධානය මැතිරීමෙන් පසු ආතුරයාට ශරීරගත කරන අවස්ථාවේදී මහා බුද්ධ මාලාව ද ජප කිරීමෙන් මහත් පල නෙලාගත හැකිය. එම යන්ත්‍රය නිර්මාණය කිරීමේදී ඉමං ආතුරස්‍ය කීපදයට අතරට එනම් ඉමං ආතුරයගේ නම සඳහන් කළ යුතුය. මෙම යන්ත්‍රය නිර්මාණය කිරීමේදී ආරම්භයේ සිට අවසානය දක්වා නිවැරදිව, පිරිසිදුව, ක්‍රමවත්ව කළ යුතු වන්නේ එසේ නොකළහොත් දෙපාර්ශවයටම අගුණක් සිදුවන බැවිනි. එක් උදාහරණයක් වශයෙන් යන්ත්‍ර ආරම්භ කළ යුත්තේ ආතුරයාට එනම් ඔහුගේ හෝ ඇයගේ ජන්ම නෑකමට සීහුම් වන පුර තිථිය පවතින දිනයක පෙරවරුවේය. පුර තිථියෙන් ආරම්භ කර පුර තිථියෙන්ම අවසන් කළ යුතුව ඇත.

මේ අයුරින් බැලීමේදී එක් එක් විද්‍යුත් නාලිකාවල සඳහන් පරිදි මාසයේ දින 30 තුළම යන්ත්‍ර කටයුතු කළ නොහැකි බව වැටහෙනවා ඇත. එක් මාසයක් තුළ යන්ත්‍ර පැලැ¼දීම කළ හැක්කේ පුර දින 14 ක් තුළ පමණි. අව තිථියේදී යන්ත්‍ර වැඩ ආරම්භය නොකළ යුතු බව යන්ත්‍ර නීතියකි. එසේ කිරීමෙන් නිම කළ යන්ත්‍රයෙන් සපලතාවයක් ලබා ගැනීම සැක සහිතය. මේ සියලුම කරුණු යන්ත්‍රවේදියා විසින් ආතුරයාට මනාසේ පැහැදිලි කර දිය යුතුය. බොහෝ දෙනා යන්ත්‍රය පිළියෙල කර ඔහුගේ හිතූ මනාපයට සුරයකට දමා ශරීර ස්පර්ශ කරයි. එය නිවැරදි ක්‍රමය නොවේ. එවැනි දෑ කිරීමෙන් දෙපාර්ශ්වය අතරත් යන්ත්‍රය කෙරෙහිත් විශ්වාසය බිඳ වැටේ. යන්ත්‍රය පිරිසිඳුව අවසන් කර ආතුරයා වෙනුවෙන් නවග්‍රහයන් වහන්සේලාට පූජාවක් දී, කිලි කුණු නැතිවන සේ කලින් මතුරාගත් දෙහි ගෙඩි 07 ක් කපා කිලිහරණයද කර යන්ත්‍රය සුරයට දැමීමට පෙර හෝ රෝගියාගේ ශරීර ස්පර්ශයට පෙර එය ආතුරයින් පරීක්‍ෂා කිරීමට දිය යුතු වන්නේය. ඉන් මෙම යන්ත්‍රය කෙරෙහි මහත් වූ විශ්වාසයක් හටගන්නේය. සමහර යන්ත්‍රවලට මුදල් ගෙන කිසිඳු මන්ත්‍රයක් හෝ යන්ත්‍රයක් තඹ පතේ නොලියා හෝ ව්‍යාජ ලෙස ලියා සුරයකට දමා බෙල්ලේ දැමූ අවස්ථා එමටය. එසේ ව්‍යාජ ක්‍රියා කිරීමේදී යන්ත්‍ර ශාස්ත්‍රය කෙරෙහි ඇති පූර්ණ විශ්වාසය ගිලිහී යනු ඇත. ගුප්තවේදියෙක් වශයෙන් එවැනි ක්‍රියා නොකරන ලෙස එවැන්නන්ගෙන් කාරුණිකව ඉල්ලමි. මෙම යන්ත්‍ර නිවැරදිව පැලැ¼දීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකි බව අනිවාර්යයෙන්ම කිව යුතුමය. යන්ත්‍රයක් පැලැ¼දීමේදී ඔබද එම යන්ත්‍රය ගුණ සැලකිලිමත් වීමෙන් හා සාමාන්‍ය දැනීමකින් යුතු වීම යහපත වැඩි දියුණු කර ගැනීමට රුකුලක් වනු ඇත.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී/ගුප්තවේදී

සහතික/සම්මානලාභී ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.