වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ත්‍රිදෝෂ විද්‍යාව
ක්‍රි.පූ. 5 වැනි සියවසේදී පමණ ගී‍්‍රක පඬිවරුන් විසින් පදාර්ථ පිළිබඳ පරමාණුවාදය ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර , දඹදිව විසූ ආයුර්වේද පඬිවරුන් විසින් පදාර්ථ පිළිබඳ ත්‍රිදෝෂවාදය ඉදිරිපත් කරන ලදී.
පඨවි, ආපෝ, තේජෝ. වායෝ ,ආකාශ සහ ආත්ම ලෙස ආත්මවාදය සමඟ බැඳී තිබුණු ත්‍රිදෝෂවාදය, බුදුරජාණන් වහන්සේ විසින් පඨවි, ආපෝ, තේජෝ, ආකාශ සහ විඥාන ලෙස වෙනස් කොට අනාත්මවාදය හඳුන්වාදීම හරහා අංගසම්පූර්ණ ත්‍රිදෝෂ විද්‍යාව බවට පරිවර්තනය කරන ලදී.
ත්‍රිදෝෂ විද්‍යාවේ ආකාශ ධාතුව, ආකාශය (Space) ලෙස වැරදි ආකාරයෙන් සිංහලයට සහ ඉංගී‍්‍රසියට පරිවර්තනය වීමත් සෙම්, පිත් සහ වාත යන ද්වීතියික ධාතූන් පිළිවෙළින් සෙම (Phlegm ), පිත (Bile) සහ වාතය (Air) ලෙස වැරදි ආකාරයෙන් සිංහලයට සහ ඉංගී‍්‍රසියට පරිවර්තනය වීමත්, ඓතිහාසික වරදකි.
ආයුර්වේදයත්, බුදුදහමත් හැදෑරීමට අවශ්‍ය මූලික පසුබිම වන ත්‍රිදෝෂ විද්‍යාව වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් ඈත්වීම සිසු පරපුරට ඉමහත් පාඩුවකි. ඇස, කන,නාසය, දිව, සහ සම යන පර්යේෂණ උපකරණ උපයෝගී කරගෙන, මනස නමැති විද්‍යාගාරය තුළ ත්‍රිදෝෂ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරනු ලබයි. මනස තුළ සිදුකරන පර්යේෂණයේ ප්‍රතිඵලය කය සහ වචනය තුළින් ක්‍රියාත්මක වීම නිසා පුද්ගලයාගේ ජීවන රටාව යහපත් වේ. නිවැරදි කායික සහ මානසික ක්‍රියාවන් මගින් දියුණුව (අත්ථි සුඛ) භවබෝග සම්පත් ලැබීම (භෝග සුඛ) මානසික සැනසිල්ල මෙන්ම මරණින් පසු පරලොව දියුණුවද යන කාරණා සියල්ල ළඟා කරගත හැකිය.
එබැවින් වර්තමානයේ පාසල් සිසුන් ඉගෙන ගන්නාවූ බටහිරින් පැමිණි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,ජීව විද්‍යාව වැනි පාඩම්වලට අමතරව පෙරදිග පඬිවරුන් විසින් ඉදිරිපත් කොට බුදුදහමින් පෝෂණය වී අංග සම්පූර්ණත්වයට පත්වූ ත්‍රිදෝෂ විද්‍යාව ද ඇතුළත් කිරීම ඉතාමත්ම කාලෝචිත වේ. එමගින් මෙරට දේශිය චින්තනය තව දුරටත් පෝෂණය වීමත් ,පුද්ගලයාගේ මෙලොව සහ පරලොව යන දෙලොවම ජය ගැනීමට මාර්ගය විවෘත වීමත් යන කාරණා දෙකම සිදුවේ.
පදාර්ථ
විශ්වයේ ඇති ඉර,හඳ, තාරකා, ග්‍රහලෝක අප වාසය කරන පෘථිවිය , මිනිසා, සතුන්, ගස්වැල්, සෛල, පරමාණු, උප පරමාණුක අංශු ඇතුළු සෑම භෞතික පදාර්ථයක්ම සකස් වී ඇත්තේ, කිසිවිටෙකත් එකිනෙකින් වෙන් කළ නොහැකි, එහෙත් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින ධාතු හතරකගේ එකතුවකිනි. ඒවා නම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ සහ වායෝ යන ධාතූන් සතරින් නිර්මාණය වී ඇති භෞතික පදාර්ථ ඇසුරුකරගෙන ක්‍රියාත්මක වන, අභෞතික ශක්ති ක්ෂේත්‍රය (Field Force) ආකාශ ධාතුව නමින් හැඳින්වේ. (රූපය 1)
පදාර්ථයේ මූලික ඒකකය
පඨවි ධාතුව – මෙමගින් අනෙක් ධාතුන් තුනේ දරාසිටීම සිදුකරනු ලබයි. පඨවි ධාතුවේ අධික භාවය නිසා එම පදාර්ථයට තද බව නොහොත් දැඩි බව ලබාදෙයි. මහ පොළොව, ගල්, වැල්, ගස්වැල් යනාදිය පඨවි ධාතුව අධිකව ඇති පදාර්ථයන්ට උදාහරණ වේ.
ආපෝ ධාතුව –මෙමඟින් අනෙක් ධාතූන් තුන එකිනෙකට සම්බන්ධ කිරීම නොහොත් එකිනෙකට බැඳ තැබීම සිදු කරනු ලබයි. ආපෝ ධාතුවේ අධික භාවය නිසා එම පදාර්ථයට වැගිරෙන ස්වභාවය ලබාදෙයි. ගංගාවල ජලය, මහමුහුදේ ජලය, පොල් ගෙඩිය තුළ ඇති පොල් වතුර යනාදිය ආපෝ ධාතුව අධිකව ඇති පදාර්තයන්ට උදාහරණ වේ.
තේජෝ ධාතුව – මෙමගින් අනෙකුත් ධාතූන් තුනේ මේරීම නොහොත් පැසවීම සිදු කරනු ලබයි. තේජෝ ධාතුවේ අධික භාවය නිසා පදාර්ථය උණුසුම් ස්වභාවයෙන් යුක්ත වෙයි. සූර්යයාගේ උණුසුම් ස්වභාවය. බාහිර පරිසර වාතයේ උණුසුම, යනාදිය තේජෝ ධාතුවේ අධික භාවය නිසා උපදින ස්වභාවයන් වේ.
වායෝ ධාතුව – මෙමඟින් අනෙකුත් ධාතුව තුනේ සියලුම ගුණයන් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. වායෝ ධාතුවේ අධික භාවය නිසා පදාර්ථය පිම්බීමේ ස්වභාවයට පත්වී, කුඩා ප්‍රමාණයේ පදාර්ථ අංශු විශාල ප්‍රමාණයක් උපදවමින් විසිරී යයි. තනිවම ක්‍රියාත්මක වීමට නොහැකි පඨවි, ආපෝ සහ තේජෝ ධාතූන්ගේ ගුණයන් ක්‍රියාත්මක භාවයට පත්කරන්නේ වායෝ ධාතුව මගිනි.මෙම ධාතුන්ගේ නොනවතින ක්‍රියාව නිසා පඨවි ධාතුව මොහොතක් මොහොතක් පාසා ඉපැදීම (ආපෝ) මේරීම (තේජෝ) සහ විසිරීම නොහොත් විනාශය (වායෝ) යන ක්‍රියාවලියට බඳුන් වෙමින් පවතී. (රූපය 2)
බාහිර අවකාශයේ ගමන් කරන්නා වූ වාතය යනුවෙන් හැඳින්වෙන්නේ වායෝ ධාතුව අධික වශයෙනුත් පඨවි. ආපෝ සහ තේජෝ ධාතු අල්ප වශයෙනුත් සංයෝග වී නිර්මාණය වී ඇති පදාර්ථයකි.
(ලබන සතියේ –ආකාශ ධාතු සහ කාලය)