දෝෂ භංගවීම

දෙසැම්බර් 4, 2020

භංග වෙනවා කිව්වේ නැතිවනවා කියන එකයි. භංග වෙන්න නම් නියමිත වූ සත්‍ය කැණුම ඉදිරිපත් වන්න ඕනෑ. එහෙනම් මෙවර කොරෝනා වසංගතය නියමිත පරිදි භංග වුණේ නැත්තෙ ඇයි, මෙපමණ මරණ ගණනක් දක්වාත්, මෙපමණ රෝගීන් සංඛ්‍යාවක් දක්වාත් වැඩි වුණේ ඇයි.

කොතැනද වරද? රජය ද, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද එහෙමත් නැත්නම් මහජනයා වන අපි ද කියල හිතුවත් ඉන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ.

අපි ප්‍රවේසම් නූණොත් රට කරවන අයගේ ස්වභාවය ගුණ පසුගිය සටහනකින් ලිව්වා ලංකා කේන්දරයේ තත්කාලීන ග්‍රහ ගෝචරයට අනුව,මේ දිනවල සෞරග්‍රහ මණ්ඩලයේ රජ්ජුරුවො දුර්වලයි. ඒ වුණාට ඔහු වටේ ඉන්න රාහු කේතු උච්චයි. රාහු කේතු කිව්වේ නියමිත පිළිතුර නොදී ලිස්සන සුළු අයගේ ග්‍රහ කිරණ, කොටින්ම කිව්වොත් ලංකා ග්‍රහචාරය 2021 පෙබරවාරි / මාර්තු වන තෙක් හොඳ නැහැ. ඒක රට වැසියාට තර්ජනයක් වගේම රටට පසුබෑමක්. ඔබ පදිංචි වී සිටින ස්ථාන ඔබට ඇති පහසුකම් ගැන බලනකොට ආකාරයට ඔබ මේ වසංගතය හැදිල නවතින එක ගැන සතුටුවන්න ඕනෑ.

නිවාස සංකීර්ණවල තිබෙන අපහසුකම් නිසා මෙවැනි වසංගත වලින් බේරෙන්න ටිකක් අපහසුයි. නමුත් ඔබ කොහොම හරි ප්‍රවේසම් වන්නට ඕනෑ.

පසුගිය සටහන්වලින් එක එක නිමිති ලකුණූ ගැනත් ලිව්වා. ඒ කිව්වෙව් කළු කුහුඹි ඒම රතු කුහුඹි ඒම ගැන. ඒ වගේ මේ ළඟදි තල්මසුන් ගොඩ ගැසූ එකත් අසුබ පෙර නිමිත්තක්. ඒක වගා සංකල්පයට තර්ජනයක් විය හැකියි. එක් එක් සුබ අසුබ දේවල් පක්ෂීන්ට සතුන්ට දැනෙනවා. ලංකාවේ ඊශාන පළාතට එච්චර හොඳ නැති බව කියන්න පුළුවන්. මේ කරුණුත් දැනහිටියොත් හොඳ නිසයි ලිව්වේ.

ඡ්‍යොතිෂයේ දෝස භංග වීම ගැන පලා පල පවසන ඔබ / මම දැනගත යුතුම වනවා. එහෙම නැතුව ග්‍රහයෝ ඒ ඒ තැන්වල ගෝචර වුණු පලියටම පලා ඵල කිව්වොත් වරදිනවා. ඒ කිව්වේ අපි ඔක්කොටම වරදිනවා. ඡ්‍යොතිර්වේදියාගේ විශ්වාසය නැති වෙනවා. පසුගිය දිනවල ඒක විශාල වශයෙන් වුණා මතකයි. විශේෂයෙන් ඡ්‍යොතිෂයේ අවසාන පාඩම වන චූල නක්ෂත්‍රයේ දී මේ දෝස භංග වීම ගැන ඉගෙන නොගෙන පලාපල කිව්වොත් ඉවරයටම ඉවරයි. පේ‍්‍රක්ෂකයා නොමැරී මැරෙයි. මම ඒක වගකීමෙන් පවසනවා. මොකද නරක ග්‍රහ පිහිටීම ගැන පමණක් බලලා ගුණා ගුණ කිව්වාම මරණය කිට්ටු වගේ. එතකොට අසන්නාගේ මානසික තත්ත්වය වැටහෙනවනේ. උදාහරණයක් වශයෙන් උපන් කටක ලග්නය හිමි කෙනෙකුගේ කේන්දරයේ දෙවන රාශියේ සඳු සහ හත්වැන්නේ රවි ගෝචරය වුණොත් මාරකයි කියල කියන්න එපා. දෙවැන්න හා හත්වැන්න මාරක තමයි. ඒත් කටක ලග්නයෙහි භාවාධිපතියා චන්ද්‍රයා බව මෙහිදී අමතක කරන්න එපා. මේවා එක් අතකින් දෝස භංග ක්‍රියා වනවා. දුෂ්ට ස්ථානවලට ග්‍රහයෝ ගෝචරය වූ පලියටම අයහපත පලදෙන්නේ නැහැ.

එවැනි නරක ගෝචරයක් දුටු සැණින් අපේ උඩු හිත කලබල වී ක්ෂණයෙන් අවදිවනවා. ඒකට ඉඩ දෙන්න එපා. දක්ෂ ඡ්‍යොතිර්වේදියා පලාපල කියන්න ඕනෑ ගොඩක් හිතල. උඩු හිතින් බලලා යටිහිතින් කල්පනා කරල පලාපල කිව්වොත් ඔබ දිනුම්. ඔය නාලිකාවල පලාපල කියනවා මොකද යටිහිතින් හිතන්න වෙලාවක් නැති නිසා. අනික දී ඇති කාලය අනුව පේ‍්‍රක්ෂකයාට ප්‍රති උත්තර දෙන්න අවස්ථාවක් දෙන්නෙත් නැහැ. ඔවුන් ඒ ඒ නාලිකාවල වේලාවක් ලබාගන්නේ ලොකු මුදලක් ගෙවලා. මේක තරමක ව්‍යසනයක්. හරියට සමහර පුද්ගලික පන්ති වගේ. සමහර අය එක එක් නාලිකාවල පෙනී සිටිනකොට තමාගේම තැරැව්කරුවන් ඊට ප්‍රති උත්තර දෙනවා. මේවා වෙළඳ ප්‍රයෝග. ඡ්‍යොතිෂය ඇත්තටම මුදල් මතම යැපෙන ශාස්ත්‍රයක් නොවේ. මේ වගේ ව්‍යාජ ඡ්‍යොතිර්කරුවෝ නිසා ඒ ලග්නයේ උපන් බොහෝ දෙනා හිතින් දුක් විඳිනවා. ඒ අනුන්ගේ පලාපල අහලා. එකම ලග්නයේ ඉන්න ඔක්කොම අයට එකම පලාපල ලැබෙන්නෙ නැහැ. කියන්නත් බැහැ. මේ විදියට ගැටලු ඇතිවු බොහෝ දෙනා මට කතා කරනවා.

ඡ්‍යොතිර්වේදියා නැමෙන සුළු කෙනෙක් විය යුතුමයි. දෝස භංගවීම උත්පත්ති කේන්දරයෙත් තත්කාල කේන්දරයෙත් පවතිනවා. උත්පත්ති කේන්දරයේ එක ටිකක් බලගතුයි. නමුත් ඒවායින් වලකින්න බැරිත් නැහැ. බොහෝ දුරට ඡ්‍යොතිර්වේදියාට වරදින තැනක් තමයි උත්පත්ති කේන්දරයේ බාලාරිෂ්ට යෝග. මොකද පුංචි කාලෙදි හොඳ හෝ නරක පලදීම සීඝ්‍රයි. අනික වැඩීමක ආරම්භය හෝ නරක පලදීම බොහෝ දෙමාපියනට මෙවැනි කේන්දරවල දෝස තමයි. යෝග බල අරිටු යෝග කියලත් කියනවා. නමුත් මේ වගේ නපුරු යෝගයක ලකුණූු දුටු විගසින් තීරණයට ඒම බලවත් වරදක් ඕනෑම නරක ග්‍රහ පිහිටීමක් ඒ අයුරින්ම පලදීමට නම් කරුණුූ කීපයක් එකතුවන්ට ඕනෑ. යහපත් විදියටත් ඒ වගේමයි. එනම් ළදරුවෙකුගේ කේන්දරයක ලග්නයේ උදා වූ අංශකයට ඉතා සමීපව මතුවී පෙනෙන්නේ සුබ ග්‍රහයෙක් නම් අරිෂ්ට යෝගය භංගවනවා. උදාවු අංශයකට සමීපව පෙනේනේ අසුබ ග්‍රහයෙක් නම් අරිෂ්ට යෝගය කඩිනම් කරවනවා. ඒ වගේම තමයි දෘෂ්ටි කිසියම් අසුබ පිහිටීමක් වුවහොත් එය යහපත් දෘෂ්ටියකට අහුවෙනවා නම් එම දෝෂය භංග වෙනවා. ඕනෑම ග්‍රහයෙකුට මේ නීති සම්ප්‍රදාය ඒකාකාරයි. මේ විදියට ලිව්වට ග්‍රහ මණ්ඩලයේ සෑම ග්‍රහයෙකුගේම රශ්මි කදම්බය එක සමාන නැති බව දන්නවානේ. උදාහරණයක් වශයෙන් සිතමු. කේන්දරයක අඟහරුවා සීහුම කරගෙන පලාපල කීමේදී වැඩිහිටියෙක් නම් ලේ කෝප කිරීමක් හෝ හදිසි ලේ සෙලවීමක් ගැන සඳහන් කරන්න පුළුවන්. නමුත් කුඩා දුවෙක් නම් ඒ ගුණා ගුණ පරික්ෂාවේදී ඉහත අඟහරුවාගේ හතුරු ප්‍රශ්නය ගුණ ලේ කෝප කිරීමක් පමණක් සිදුවන බව දැනගැනීම වටිනවා.

එහෙනම් දෝස භංගවීමේදී හෝ පලාපල කථනයේදී වයස් සීමාව ගැනත් සැලකීමෙන් විය යුතු බව පෙනෙවා ඇති. ඒකනේ ඡ්‍යොතිෂයේ ගුණාගුණ කියනකොට පොතේ තිබෙන එකම කියා හරියන්නෙ නැහැ. නෙල්ලි ගෙඩියේ රස ගැනත් ඡ්‍යොතිෂයේ ගුණාගුණ ගැනත් සාපේක්ෂ සමානත්වයක් තිබෙනව කිව්වෙ ඒකයි. වරෙක පැණි වරෙක ඇඹුල් රස දැනෙනවා. වරෙක ඇඹුල් රස වරෙක තිත්ත රස දැනෙනවා. ඡ්‍යොතිෂයත් ඒ වගේ හරියට වෙනස් වෙනව.

විශේෂයෙන් ඡ්‍යොතිෂ පලාපල කීමේදි හරියට පරිස්සම් වන්න ඕනෑ. පාසල් විෂයන් වගේ බැහැ. ඡ්‍යොතිෂයේ පලාපල කීමේදී වෙනස්වන ග්‍රහයන් නිසා එකම ප්‍රතිඵලය ලැබෙන්නෙ නැහැ. අද හොඳට ඉන්න ග්‍රහයා හෙට අයහපතට ගෝචර වන්න පුළුවන්. විශේෂයෙන්ම දෝශභංග කරන්නේ රාශි අධිපතියා, චන්ද්‍රයා හෝ බ්‍රහස්පති තමයි. බොහෝ අශුභ ග්‍රහ බලපෑම් මේ අයගේ සප්තම දෘෂ්ටියට අසුවෙනව නම් දෝෂ භංගයක් ඇතිවනවා. එහෙම කිව්වට නිවැරදිම නැහැ. ඕනෑම දෝෂයක් දීප්තිමත් චන්ද්‍රයාට හෝ දීප්තිමත් බ්‍රහස්පතිට පෙනෙනව නම් හෝ සුබ රාශි අධිපතියා දකිනවා නම් කුමන හෝ දෝෂයක් භංග වනවා. දන්නවනේ ඡ්‍යොතිෂයේ අම්මා කිව්වේ සුබ චන්ද්‍රයාට නැත්නම් යහපත් චන්ද්‍රයාට. අශුභ චන්ද්‍රයා කිව්වේ කුඩම්මාට කියල හිතාගත්තොත් ඔබ නිවැරදියි. ඒ වගේම ගුත්තිල මූසිල ගැන්ත අහල ඇතිනේ. යහපත් ගුරු නැත්නම් බ්‍රහස්පති ගුත්තිල හා අයහපත් බ්‍රහස්පති මූසිල කියලයි වටහාගන්න පහසුවෙන්නේ ඒ දවස්වල පාරම්පරික ගුරුවරු ඒ ආකාරයට කියලා දුන්නට අපි දැනගන්න ඕනෑ .ඡ්‍යොතිෂයට පලිප්පු දාලා වර්ණවත් කරල පලාපල කියන්න . දෘෂ්ටිවලට අහුවෙන තවත් ග්‍රහයෝ නැත්තෙ නොවේ. හැබැයි තව එකක් කියන්නම ඕනෑ. මේ ග්‍රහහයෙකුගේ යහපත් අයහපත් තත්ත්වය හැමදාම එක ලෙසට පවතින්නෙ නැහැ. කලින් කල වෙනස් වෙනව. ඒකත් මතකයේ තබා ගත්තොත් ගොඩක් ප්‍රයෝනවත් වේවි. දෝෂ භංගයේදී ග්‍රහ දෘෂ්ටි ඉතා වැදගත් වනවා. එනම් රවි ග්‍රහයට සඳු ග්‍රහයට, සෙනසුරු ග්‍රහයට ඉන්න රාශියේ සිට තුන් වැන්න, හත්වැන්න 10 වැන්න දකිනව. අඟහරුවට හා බුධට ඉන්න තැන සිට හතරවැනි රාශිය, හත්වැනි රාශිය හා 8 වැනි රාශිය දකිනවා. බ්‍රහස්පතිට පස්වැනි රාශියත් හත්වැනි රාශියත් නම වැනි රාශියත් දකිනවා. ඒ වගේම සිකුරට ඉන්න රාශියේ සිට නමවැන්නත් හත්වැන්න දොළොස්වැන්නත් දකිනවා.

මෙහෙම ග්‍රහ දෘෂ්ටි සලකා බලනකොට ඕනෑම ග්‍රහයෙකුට තමා ඉන්න රාශියේ සිට හත්වැනි රාශිය හොඳට පෙනෙන බව වැටහෙනව ඇති. ඒකට තමයි ඡ්‍යොතිෂයේ දෘෂ්ටියට කියල කිව්වේ. යහපතටත් අයහපතටත් මේ සප්තම් දෘෂ්ටිය බලපානව. මල්වර වන දුවණියට මේ මල්වරයෙහි නියම ප්‍රතිපලය කියන්නේ මෙම දෘෂ්ටිබල බව දැන් තේරෙනව ඇති. මල්වර කිව්වොත් නිමිති වර්ගයක් නිසා මල්වරය, නිමිති ශාස්ත්‍රයෙහිදී මේ දෘෂ්ටි කොපමණ ප්‍රයෝජනවත් වෙනවාද කියල හොඳට වැටහෙනව ඇති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.