ඡ්‍යොතිෂ ශබ්ද කෝෂය

නොවැම්බර් 27, 2020

උත්පන්න දශා –පරාසර ඍෂිවරයා විසින් ඉදිරිපත් කළ 14 වැනි දශාවයි.

උත්පාත – 1 ෂෂ්ට්‍යාංශකයේ 43 අශුභ. 2. ආනන්දාදී අටවිසි මහා යෝග අතරින් 16 යෝගය

උතුර – එනම් දිශාව / ව්ධපබඩ

මෙම දිශාවේ ඉරිදා මරු සිටින්නේය

උතුර බල රාශි– කටක , වෘශ්චික, මීන යන රාශීන්

උත්‍රපල් – 12 වැනි නැකත, රවිට අයත් නැකතකි

උත්‍රපල් ගිනි උත්‍රපල් නැකත

උත්‍රපුටුප 26 වැනි නැකත , ශනිට අයත් වේ

උත්‍රසල – 21 වැනි නැකත රවිට අයත් නැකතකි

උදා – අස්ත වූ ග්‍රහයා නැවත නැවත උදාවීම

උදා තරුව – සිකුරුට පර්යාය නාමයකි

උනු සඳු – හීන චන්ද්‍රයා

උඳුවප් – එනම් මාසය ච්ඥජඥථඡඥප

උප දෙවැනි

උප කේතු – 1. කේතුගේ උප ග්‍රහයෙකි

2. මුහුර්ත ශාස්ත්‍රීය අෂ්ට මහා දෝෂයන්ගෙන් පස්වැන්න

උප ග්‍රහයා – අතුරු ග්‍රහයා ලෙසද හඳුන්වයි. ග්‍රහයකුට අයත් පරිවාර ග්‍රහයන්ය. පෘථිවි ග්‍රහලෝකයට අයත් එකම උපග්‍රහයා ලෙස චන්ද්‍රයා හඳුන්වයි. අනෙක් ග්‍රහයන්ටද උපග්‍රහයන් සිටී. එහෙත් ඡ්‍යොතිෂයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ කර ගන්නේ නැත. එම උප ග්‍රහයින්ගේ බලය සහිත අවස්ථා මඟ හැර සුබ කටයුතු සිදු කිරීමට වගබලා ගනී.

උපචය රාශි – 3,6,10,11 යන රාශීන්ය

උපවේශන අවස්ථාව – ග්‍රහයෙකුගේ දොළොස් ආකාර අවස්ථාවලින් එකකි. වාඩිවී සිටින අවස්ථාව ලෙස අර්ථ දැක්විය හැක. යහපත්ය.

උපේන්ද්‍ර යෝගය – රවි ග්‍රහයා සිංහ රාශිගත වී සිටීනම් මෙම යෝගයයි. පාලනයෙහි දක්ෂය. කිසිවෙකුට පහසුවෙන් නොනැමේ. ප්‍රදේශයකට හෝ පිරිසකට නායකයෙක් නොවුණත් ස්වකීයයන් අතරේ ප්‍රමුඛයාය.

උපෝප ග්‍රහයෝ – උපග්‍රහයාගේත් උපග්‍රහයා

උභය – දෙක, ද්විත්ව යන්නය

උභයචාරි යෝගය – සඳු හැර වෙනත් ග්‍රහයින් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු රවිගෙන් දෙපස තැන්පත්ව සිටී නම් මෙම යෝගයයි

වියත් කථිකයකු වේ .ශරීරික අවයව එකිනෙකට මනා සේ සමානව පිහිටි ආරෝහ පරිණාහ දේහයකි. සෑම ක්‍රියාවකින්ම තෘප්තිමත් වේ. සැවොම පි‍්‍රය කරයි. ධනය හා ප්‍රසිද්ධිය ඇත. ඔහුගේ පි‍්‍රය උපදවන ගුණයත් කාරුණික ස්වභාවයත් නිසා අන් අය අතර ආදරයට පත් වේ.

උභය රාශි – මිථුන,කන්‍යා, ධනු,

මීන යන රාශීන්ය

උභයෝදය රාශි – මීන

උමා – හඳට පර්යාය නාමයකි

උල්කා – ශනිට පර්යාය නාමයකි.

යෝගිනි දශාවේදී ශනි මෙසේ හඳුන්වයි

උෂනා සිකුරු ග්‍රහයාට පර්යාය නාමයකි

උළිඳු – චන්ද්‍රයාට පර්යාය නමකි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.