ඔබේ දෙකන ගැන තතු

සැප්තැම්බර් 11, 2020

ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන විමසීමේදී ඉතා සියුම් පිහිටීම් කෙරෙහි ද අවධානය යොමු වනුයේ මෙම  ක්ෂේත්‍රයේ න්‍යාය එය බැවිනි. බැලූ බැල්මට කනෙහි සාමාන්‍ය පෙනුම ඇතත් වඩාත් අවධානය යොමු කළහොත් සමහර ස්ත්‍රීන්ගේ කන ප්‍රමාණයට වඩා සිහින්ව දිගටි හැඩයක්  දැකිය හැකිය. 

එවන් කතුන් බුද්ධිමත් බව උපතින්ම ගෙනා බවය, ඉන් පිළිබිඹු වන්නේ ඔවුන් ප්‍රඥාවන්තය. තම ජීවිතය ඉතාම ක්‍රමානුකූලව පිළිවෙළකට ගොඩනගා ගැනීමට ඔවුනට හැකිය. එසේ වුවද ඒ සඳහා සෑහෙන කාලයක් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වීම අවශ්‍යය. ඒ සඳහා උත්සාහවන්ත වීමට මේ අය දක්ෂය. යම්කිසි ක්‍රියා මාර්ගයකට ඔවුන් ප්‍රවිෂ්ට වන්නේ ඒ පිළිබඳව හොඳින් සිතා බලාය. ඔවුන් සැමවිටම උත්සාහ ගත්තේ සුබවාදි අනාගතයක් වෙත යාමටය. 

මේ අය ආශ්‍රය කරනුයේ ද ස්වල්පදෙනෙකු පමණි. ඒ අය සමඟ විවෘත හෘදයෙන්ම සබඳතා පවත්වන අතර, සෑම විටම උත්සාහ ගන්නේ තමාට වඩා ඉහළ මට්ටමේ අය සමඟ එක්වීමටය. එසේ වුවද අඩු මට්ටමේ හෙවත් පීඩිත පංතියේ ජනතාව දෙස සානුකම්පිතව බැලීමටත් ඔවුනට හැකි ලෙසින් උදව් කිරීමටත් මේ අය උනන්දුවක් දක්වනු ඇත. 

මේ අතරම කනෙහි එල්ලෙන ස්වරූපයක් ඇත්නම් එයද විශේෂිතය. ඒ තුළින් කියවෙනුයේ සෑම විටම ඇයගේ ජීවිතය සාර්ථක වන බවයි.

අර්ධ කවාකාරව, පිටට විහිද ගිය ආකාරයට පිහිටි කන් ඇති තැනැත්තියද කාරුණිකය. යහපත්ය. ඔවුන් සෑම විටම මෙලොවට වඩා පරලොව ගැන සිතන අයය. එමෙන්ම ජීවිතයේ අවසානය දක්වාම ඔවුන්ගේ බලාපොරොත්තුව කුමක් හෝ ඉගෙන ගැනීමය. තමා අසන දකින සෑම දෙයකින්ම යම් දැනුමක් ලබා ගැනීමට ඒ අයට අවශ්‍යය. එසේ වුවද ඒ ලබාගත් දැනුම තුළින් තමා බලාපොරොත්තු වන සුබදායි තත්ත්වය සියයට සීයක්ම ඉටු නොවේ. 

වෙනත් ලෙසකින් කියතොත් සියල්ල දැන කියා ගෙන ඒ තුළින් වාසනාවන්ත ඉදිරියක් ගැන බලාපොරොත්තු වෙතත් එය එතරම් සඵල නොවේ. කොටින්ම මෙවැනි කාන්තාවන්ගේ අවසානය දක්වාම ඇත්තේ සුභවාදී ක්‍රියාදාමයක් පමණි. ප්‍රතිඵල එතරම්ම සඵල නොවේ. ඒ එසේ වුවද එවන් කතුන් ක්‍රියාත්මක වෙමින් ලබන මානසික සන්තුෂ්ටිය සුළුපටු නැත. එයද එක්තරා සාර්ථකත්වයකි. 

සමහර ස්ත්‍රීන්ගේ කන විශාල ලෙස පිහිටා ඇත. එය අපිළිවෙළට නොව නියමාකාරයටය. එවන් කාන්තාවන් වාසනාවන්තය. ධනය රැස් කිරීමට මනා දක්ෂතාවයක් ඇති ඔවුන්ගේ ආයුෂද දීර්ඝය. ඔවුන් ධනවත්ය. සමාජයේ උසස් තැනක්ද හිමිවන මේ කාන්තාවන්ට දරු සම්පත්ද පුළුල්ය. අධ්‍යාපනය අතින් එතරම් ඉහළට යා හැකි නොවෙතත් සමාජයේ වැදගත් තැනක් ලැබේ. 

ලොකු කන වුවද තුන හතරට බෙදී ගිය ආකාරයට (ස්වභාවිකත්වයට වෙනස්ව) පිහිටා ඇතිනම් එය යහපත් නොවේ. සමහර විට ඔවුන් සමාජයේ ගැරහීමට ලක් වීමට ඉඩ ඇත. ඇදකුද සහිත කන් පිහිටා ඇතොත් එවන් කතුන් වංකය. අනුන් රවටා තලා පෙළා  කෙසේ හෝ තම කාර්යයන් අදහස් මුදුන් පමුණුවා ගැනීමය ඔවුන් කරනුයේ. එමෙන්ම තමා වෙත නැති තේජවන්ත භාවයක් උසස්කමක් අඟවා අන්‍යයන් පසු බස්වා ඉහළින් වැජඹීමට දිරි ගනිතිවැඩිදුර තොරතුරු සදහා

මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.