ලියෝ (Leo) හෙවත්

අගෝස්තු 7, 2020

තාරකා රාශි චක්‍රයට (Zodiac) අයත් 5 වැනි තාරකා රාශියයි. මෙම තාරකා රාශියට බටහිරින් කටක (Cancer) තාරකා රාශියත්, නැගෙනහිරින් කන්‍යා (Virgo) තාරකා රාශියත් පිහිටා ඇත. පහසුවෙන් හඳුනා ගත හැකි තාරකා රාශියකි. සිංහයකුගේ රුවක් නිරූපනය කරන බැවින් ‘ලියෝ (Leo) යනුවෙන් හැඳින්වෙයි. සෑම වසරකම දෙසැම්බර් 14,15,16 යන කාලසීමාවලදී සිංහ තාරකා රාශිය පසුබිම් කර අහසේ නැගෙනහිර දෙසින් ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව (Leonids Meteor Shower) හට ගනී .

ඇල්ෆා ලියෝනිස් (α Leonis)

මෙම තරුව රෙගියුලස් (Regulus) යනුවෙන් හැඳින්වෙයි. දෘශ්‍ය දීප්ති විශාලත්වය 1.34 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය ඍණ 0.2 (-0.2) කි. හීලියම් තරුවක් වන මෙහි මතුපිට උෂ්ණත්වය කෙල්වින් අංශක 20,000 (20000k) කි.පෘථීවියේ සිට ආලෝක වර්ෂ 68 ක් දුරින් පිහිටා ඇත. තාරකා රාශියේ ඇති දීප්තිමත් තරුව මෙයයි.

බීටා ලියෝනිස් (β Leonis)

මෙය ඩෙනෙබෝලා (Donebola) යනුවෙන් හැඳින්වෙයි. තාරකා රාශියේ දීප්තියෙන් දෙවැනි තැන ගන්නා තරුවයි. පෘථීවියේ සිට ආලෝක වර්ෂ 42 ක් දුරින් පිහිටා ඇත. හයිඩ්‍රජන් තරුවකි. (Hydrogen Star) වර්ණාවලි පන්තියට අනුව ඒ 4 වර්ගයට අයත් වෙයි. මතුපිට උෂ්ණත්වය කෙල්වින් අංශක 20,000 කි. දෘශ්‍ය දීප්ති විශාලත්වය 2.23 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 16 කි.

ගැමා ලියෝනිස් (γ Leonis)

ඇල්ජියෙබා (Algieaba) යනුවෙන් හැඳින්වෙන මෙම තරුව යෝධ තරු දෙකකින් යුතු පද්ධතියකි. මෙම තරු දෙකෙන් එකක් කහ යෝධ තරුවක් (Yellow Giant Star) වන අතර , අනෙක තැඹිලි යෝධ තරුවකි. (Orange Giant Star) මෙම තරු දෙක පොදු කේන්ද්‍රයක් වටා. එකිනෙක වටා වසර 619 කට වරක් පරිභ්‍රමණය වෙයි. වර්ණාවලි පන්තියට අනුව ට්5 වර්ගයට අයත් වන අතර. ආලෝක වර්ෂ 130 ක් දුරින් පිහිටා ඇත. මෙම තරු පද්ධතියේ දීප්ති විශාලත්වය 2.61වන අතර. නිරපේක්ෂ දීප්ති විශාලත්වය ඍණ 0.4 (-0.4)

ඩෙල්ටා ලියෝනිස් (δ Leonis)

මෙය සොස්මා ඛධඵථච යනුවෙන් හැඳින්වෙයි. වර්ණාවලි පන්තියට අනුව A2 වර්ගයට අයත් වේ. පෘථීවියේ සිට ආලෝක වර්ෂ 68 ක් දුරින් පිහිටා ඇත. දීප්ති විශාලත්වය 2.58 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 0.1 කි.

වොල්ෆ් 359 (Wolf 359)

මෙය පෘථීවියේ සිට ආලෝක වර්ෂ 7.78 ක් දුරින් පිහිටා ඇත.

ග්ලයිසේ 436 ((Gliese 436) යනු පෘථීවියේ සිට ආලෝක වර්ෂ 33 ක් දුරින් පිහිටි අඳුරු තරුවකි.  IRC+12016 හෙවත් CW Leo යනු කාබන් තරුවකි. රාත්‍රී අහසේ දීප්තිත් තරුවක් ලෙස පිළිගැනේ.

ඇතුළාන්ත ආකාශ වස්තු

M65,M66,M95,M96,M105  සහ NGC 3628 යනුවෙන් හැඳින්වෙන දීප්තිමත් මන්දාකිනි හෙවත් චක්‍රාවාට (Bright Glaxies) මෙම තාරකා රාශිය තුළ පිහිටා ඇත.

සිංහ තාරකා රාශියේ දත්ත

කෙටි හැඳින්වීම : (Leo)

සංකේතය : සිංහයා

විෂුවදංශය :පැය 11 (11ඩ)

ක්‍රාන්තිය :ධන අංශක 15 (+අංශක 150)

විශාලත්වය : වර්ග අංශක 947 (විශාලත්වයෙන් 12 වැනි තැන ගනී)

ප්‍රධාන තරු ගණන : 15

ග්‍රහලෝක සහිත තරු ගණන :11

දීප්තිමත් තරුව : රෙගියුලස් ((Leo)

සමීපතම තරුව :ඹධතට 359 (ආලෝක වර්ෂ 7.78 හෙවත් පාර්සෙක් 2.39)

මෙසියර් වස්තු : 5

උල්කාපාත වර්ෂාව : ලියෝනිඩ්ස් (Leonids)

මායිම් තාරකා රාශි : අර්සා මේජර්, ලියෝ මයිනර්, කැන්සර්, හයිඩ්‍රා ....සෙක්ස්ටන්, ක්‍රේටර්. වර්ගෝ

අහසේ පිහිටන සීමාව : අංශක + 90 සහ අංශක -65 අතර

අහසේ දිස් වන කාල සීමාව :අපේ‍්‍රල් මස රාත්‍රී 9.00 අහස මුදුනේ

අමල් උඩවත්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.