දිවුරුම්, වස්, දොස්, දෙස්, දෙවොල්, අඬෝවැඩියා

නොවැම්බර් 1, 2019

‘වස් දොස්’ දෙස් දෙවොල් ආදී වශයෙන් දිවුරුම් ක්‍රම කීපයකි. සිය ඇදහිලි විශ්වාසයන්හි උත්තම වස්තූන් පරදුවට තබා කරණ දිවුරුම් ද මෙම අංශය තුළ පවතී. දිවුරුම්, දෙස් දෙවොල් හි දී බෙහෙවින් යෙදෙන පද තුනකි. පා, පල්ල, සාක්කි, යන යෙදුම් ය.

ආගම් හා දර්ශන පහළවීමට පෙර සිටම එක්තරා පාලන විධි පැවැති බවට සාධක පවතී. විවිධ වූ ගෝත්‍රික සමාජය තුළ ද , සිය ජීවිත පවත්වා ගෙන යාම සඳහා මෙබඳු සීමාවන් හා පරිසරාශි‍්‍රතව පැනැවූ සිරිත් විරිත් අනුගමනය කරන ලදැ’යි එම තොරතුරුවලින් හෙළි වේ.

මානව ඉතිහාසයේ ආදිතම යුගයේ ජීවත් වූ අර්ධ වනචාරී මිනිසුන්ට ප්‍රධානම බලපෑම වූයේ බිය පිළිබඳ හැඟීම ය. බිය ඇති වීම සහ සහනය ලබා ගැනීම පිණිස පෙළැඹීම ස්වාභාවික ය. එකල ජීවත් වූ ජනයාට භෞතික පරිසරයත්, ලෝකය පිළිබඳවත් යථාවබෝධයක් ලැබීමට තරම් නැණ මහිමයක් නොවී ය. බිය ජනනය කරන ලද සිද්ධීන් අතර, ඉර, හඳ, ප්‍රමුඛ ග්‍රහවස්තු, නියඟ, ගං වතුර, ගෙරැවීම, අකුණු කෙටීම ආදිය ද විය. මුහුකුරා නොගිය නැණයට අවබෝධ නොවූ මෙම සිද්ධීන් යම් අද්භූත පුද්ගලයන්ගේ ක්‍රියාවන් සේ හැඟීයාම නිසා, පත්වන අතවරයන්ගෙන් මිදීම පිණිස, ඒවා කරවන බලවතා පිනවා සතුටු කිරීම වෙනුවෙන් යැදීමටත් කෘතවේදීත්වය පළ කිරීමටත් පෙළැඹුන ඔවුහු යාච්ඥා කිරීමේ සිරිතට ඇබ්බැහි වූහ. එක් බිම් කඩක් තුළ ජීවත් වූ ඔවුන්ට දඩයම් පිණිස ද යම් සීමාවන් පනවා ගැනීමට සිදු විය. ඒවා කඩකරන විට වාද, භේද ඇතිවිණ. ගෝත්‍රික සමාජයට සම්මත සිරිත් විරිත් ක්‍රම ද අනුගමනය කළ යුතු සම්මතයන් ද පැනැවී තිබීමත් ඒවා කඩකිරීමත් නිසා නොමනාප, වාද භේද දුර දිග යාම සිදු වී එකිනෙකා අතර අඬ දබර ද, ඇතැම් විට ඇන කොටා ගැනීම් ද, සිදුවිණ. පසු කාලීනව එඬේර යුගයේ දී සහ ඉන් පසුව ගොවි යුගයේ දී ද, මුල් අවධියටත් වැඩි අවශ්‍යතාවයන් පැවැති බැවින් මෙබඳු භේද, අඬ දබර බහුල විය. ඇතැම් විට මෙබඳු ආරාවුල්වල දී පීඩාවට පත් වූ අවස්ථාවලත්, අසාධාරණ ක්‍රියා නිසාත්, අද්භූත බලවේගයන් අමතා ඔවුන්ට සිදු වූ අසාධාරණයට ද¾ඩුවම් පමුණුවන සේ ඉල්ලා සිටියහ. ඉර, හඳ, දෙස්කොට දඬුවම් දීමට පෙළැඹී ඇති සිද්ධි බොහෝ ය.

එපමණක් නොව, යම් පීඩාවක්, අසාධාරණයක් හෝ වූ විට, වැරැදිකරුට ශාප කිරීම, ඔහුට දිව්රීමට පෙළැඹවීම, වැනි ක්‍රම කීපයක්ම පැවැති බව අතීත තොරතුරු ආශි‍්‍රතව සඳහන් වේ. ශරීර ශක්තිය දක්වමින් විරුද්ධවාදියා සමඟ කළ කෝළාහළ කිරීම, ශරීර පීඩා මෙන්ම ජීවිත විනාශයට ද හේතු වන අයුරින් පළිගැනීම්වලට හෝ නීතිමය වශයෙන් යොමුවී අධිකරණ ක්‍රියාදාමයටද යොමුවීමට රිසි බවක් නොදැක් වූ ඇතැම්හු ඉහත දැක්වූ ක්‍රම මඟින් වැරැදිකරුවන්ට දඬුවම් පැමිණවීම පිණිස කටයුතු කළහ.

අතීතයේ සිටම මෙය මෙකල දක්වා ම යෙදෙන බව දක්නට ලැබේ. බොහෝ විටම අධිකරණයට යොමු වීමේ දී වැය වන මුදල් පිළිබඳව මෙන්ම ගත වන කාලය ද සලකා බැලීම අනුව මෙවැනි ක්‍රම තුළින් සාධාරණය ඉටුකර ගැනීමට යොමුවූ බව පැහැදිලි ය. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ගැමියන් අතර යුක්තිය පසිඳලීම වෙනුවෙන් යොදා ගත් ලෞකික බලවේගයන් තුළින් යුක්තිය ඉටුකර ගැනීමටත්, වරදකරු හඳුනා දඬුවම් ලබාදීමත් සිදුවිය. පැරැණි රාජ්‍ය සමයන් අතරද පැවැති මෙම තොරතුරු ‘විජය කුවේණි’ පුවතෙහි ද සඳහන් වේ. ‘රාජාවලිය’ ග්‍රන්ථයෙහි දී විජය රජ විසින් කුවේණියට දුන් දිවුරුම එක් නිදසුනකි. ඇතැම් විට එකල අධිකරණයෙන් අයුක්තියක් වූ බවට හැඟී යාමේ දී, තමන්ට සිදු වූ අසාධාරණය විනිශ්චය අධි මානුෂික බලවේගයකට යොමු කිරීමට පෙළැඹේ. විශේෂයෙන් මහනුවර යුගයේ දී අධිකරණ තීන්දුවලට වඩා දෙවියන් අමතා තීන්දු ලබා ගැනීම තුළින් එය පැහැදිලි වේ. එම යුගයේ දී පැවැති ඇතැම් දිවුරුම් ක්‍රම බිහිසුණු ය. මාරාන්තික ක්‍රම විය. ‘නාග පරීක්ෂාව‘ ගිනියම් යකඩයක් අල්ලා දිවුරුම වැනි දේ ඒ අතර විය.

‘වස් දොස්’ දෙස් දෙවොල් ආදී වශයෙන් දිවුරුම් ක්‍රම කීපයකි. සිය ඇදහිලි විශ්වාසයන්හි උත්තම වස්තූන් පරදුවට තබා කරණ දිවුරුම් ද මෙම අංශය තුළ පවතී. දිවුරුම්, දෙස් දෙවොල් හි දී බෙහෙවින් යෙදෙන පද තුනකි. පා, පල්ල, සාක්කි, යන යෙදුම් ය. උත්තම වස්තුවල දී බුදුන් පා දළදා හාමුදුරුවන් පා දෙවියන් පා, අම්ම පා ‘ඉර හඳ’ පල්ල, නේත්තරා දෙක පල්ල, මහී කාන්තාව සාක්කියි. ඉර හඳ සාක්කියි. දෙයියෝ සාක්කියි. ආදී තවත් බොහෝ යෙදුම් පවතී. මෙකල ද මෙබඳු දිවුරුම් අසන්නට ලැබෙන අවස්ථා පවතී.

වින දෝස, දිවි දෝස පැමිණවීමට ද හේතුවක් වශයෙන් බොරු දිවුරුම සහ දිවුරුම් කඩ කිරීමත් නිසා සිදුවන්නේ යැ’යි විශ්වාස කෙරේ. වින දොස පහ කිරීම සඳහා ශාන්ති කර්මයක දැක්වෙන්නේ මෙසේ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.