නිවෘත වීම ඔබේ ලග්නයට කෙසේද?

සැප්තැම්බර් 20, 2019

ධර්ම කර්මාධිපති යෝගයෙන් හැඩ ගැන්වෙන ධනු ලග්න හිමියන්ට භද්‍ර යෝග බලයෙන් ද ඔපවත් වන බැවින් ඉතා වාසනාවන්ත කාලයකි.

මෙතෙක් ධනුවේ වක්‍රව ගමන් කළ සෙනසුරු 2019.09.18 සවස 02.18 ට නිවෘත වී 2020.01.24 පෙරවරු 09.56 ට මකරයට පැමිණ බලවත් වේ. මීට කලින් මකරයේ බලවත් වූයේ 1990.03.21 ය. ඒ මෙයට අවුරුදු 29 1/2 පෙරයි.

ශනිට එක් රාශියක් පසු කිරීමට අවුරුදු 2 1/2 පමණ ගතවේ.අවුරුද්දකට එක් වතාවක් පමණ වක්‍ර වී නිවෘත වීම සෙනසුරුගේ පිළිවෙතයි. වක්‍ර සෑම අවස්ථාවකම අංශක 7 - 8 ක් ආපස්සට පැමිණ නැවත ඉදිරියට යයි. යම් රාශියක මුල හෝ මැද එවැනි වක්‍රවීමක් සිදුවුවහොත් මුල රාශියේ අග අංශක කීපයක් දුර ගොස් නැවැත වක්‍රයෙන් මිදී නිවෘත වේ. එනම් ඉදිරියට පැමිණේ. එක රාශියක් තුළ වක්‍ර, නිවෘත දෙකම සිදු වේ නම් අවුරුදු 2 1/2 ක් නොව අවුරුදු 2 මාස 2 කින් පමණ රාශියක් පසුකර යයි. මේ වක්‍ර නිවෘත වීම නිසා රාශිය තුළ අග හෝ මුලත් අනෙක් රාශියට යාම නිසා ළඟ ළඟම තුන් පාර බැගින් ඉදිරියට හෝ ආපස්සට ගමන් කරයි. මෙය අනු වක්‍රයක් ලෙස හැඳින් වුවත් ඇත්තටම සිදු වන්නේ සෙනසුරුගේ ගමන් වේගය අඩුවීමත් අනෙක් ග්‍රහයින් ඔහුව පසුකර යෑමයි. ධනු රාශියේ අංශක 19.47 දී නිවෘත වන සෙනසුරු මකර රාශිය බලා ගමන් කරයි. එම ග්‍රහ චලිතය අනුව මෙතෙක් නොසන්සුන් වූ දේශපාලන රටාව වෙනස්කරමින් ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු ඉදිරියේ බලවත් වීමෙන් පින හිතැති සමාජයක් කරා ජනතාව මෙහෙයවයි. මෙතෙක් අපල තිබූ අයට සුබ පලත් මෙතෙක් සුබ පල විඳි අසුභ ග්‍රහ දසා ඇති අයට අසුබ පලත් හිමි වේ.

 

ඔබේ ලග්නයට කෙසේද? විමසා බලමු

මේෂ -

වස්තු ලාභ ලැබේ. සතුරන්ගෙන් ජය ලැබේ. අලුතින් අමුතුවෙන් පටන්ගන්නා වැඩකටයුතු දියුණු වේ. රැකී රක්ෂා වෙළඳ කටයුතු ද දියුණු වේ. අදහස් සපලවන, ගරු සැලකිලි ලැබෙන කාලයක්, කතාවේ බලයෙන් ද වාසි ලබාගත හැකි. පී‍්‍රති උත්සවවලට සහභාගි විය හැකි ය. එහෙත් අසුබ ග්‍රහ දසා ගත කරන අයට දරු ශිෂ්‍යයන්ගෙන් කරදර පීඩා ඔවුන්ට ද කරදර ඇතිවෙන කාලයකි. නිශ්චල වියදම් ඇති වන අතර යටි බඩ ප්‍රදේශවල පීඩා ඇතිවේ.

වෘෂභ -

පොදුවේ දැනට ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල ගෙවන වෘෂභ ලග්න හිමියන්ට එම අපල තත්ත්වයන් 2020 ජනවාරි 25 න් පසු දුරුවනු ඇත. දැනට මෙම ග්‍රහ පිහිටීම් අනුව දරු ශිෂ්‍ය ආදීන් විභාගවලින් අසමත් වේ. ඔවුන් අකීකරු වේ. පවුලේ අය සමඟ මතභේද ඇතිවේ. නොදැනුවත්කමින් වැරදි සිදුකර ගනී. සුබදායක දසා අතුරු දසා ගත කරන අයට විශේෂයෙන් බුධ දසා ගත කරන අයට සුබ පල දායක කාලයක් උදාවේ. සිතේ සතුටට කරුණු යෙදේ. ආදර සම්බන්ධතා, හිතවත්කම් වැඩිදියුණු වේ. තරගවලින් දිනීමට හදිසි ධනවාසනා ද හිමිවෙන කාලයකි.

මිථුන -

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.