ඇස් පෙනීම දුර්වල කරන ග්‍රහ යෝග

මැයි 31, 2019

පස්වැන්න සහ හයවැන්න අධිපති සිකුරු සමඟ සංයෝගව දොළොස් වැන්නේ වීද ජන්මියාගේ දෙනෙත ශල්‍යකර්මයට භාජනය වීමට හේතුවේ.

කෙනෙකුට උපතේදීත් තවත් කෙනෙකුට කුඩා කාලයේදීත් කෙනෙකුට වයස් ගත වීමේදීත් ඇස් පෙනීම දුර්වල වන බව පෙනේ.

මෙයට හේතුව උපතේදී ලබා ඇති ග්‍රහ පිහිටීම් බව ඡ්‍යොතිෂ විද්‍යාව අනුව පෙන්වා දී ඇත. එබැවින් එම ග්‍රහ පිහිටීම් මොනවාදැයි විමසා බලමු.

ජන්මියකුගේ කේන්ද්‍රයේ දෙවැන්නාධිපති හෝ දොළොස්වැන්නාධිපති දුර්වලව සිටි විට එම ස්ථාන දෙක පාප ග්‍රහයන්ගෙන් යුක්ත වී නම් ඇස් පෙනීම දුර්වල වේ.

දෙවැන්නාධිපති අටවැන්නේ චන්ද්‍රයා සහ සෙනසුරු සමග සංයෝග වී සිටි බව රවි හයවැන්නේ සිටීද ඇස් පෙනීම දුර්වලවීමට හේතුවේ.

දෙවැන්නාධිපති පාප ග්‍රහයකු වී ඔහු ලග්නයෙන් හය වැන්නේ, අටවැන්නේ හෝ දොළොස්වැන්නේ වේද සහජයෙන්ම ඇස් පෙනීම දුර්වලය.

කුජ ශනි රාහු සහ කේතු යන පාප ග්‍රහයන් නීචව දෙවැන්නේ සිට හයේ අටේ දොළහේ සිටීද ඒ අයගේ ඇස් පෙනීම දුර්වලය.

කේන්දරයේ දෙවැන්නාධිපති සිකුරු වී අටවැන්නේ සිටියදී රවි හයවැන්නේ සිටීමද ඇස් පෙනීම දුර්වලවීමට හේතුවකි.

දෙවැන්නාධිපති ලග්නාධිපති සමග සංයෝග වේද එයට සිකුරු සම්බන්ධවීද රවි තෙවැන්නේ සිටීද ජන්මියා උපතින්ම අන්ධයකු වේ.

කෙනෙකු සිංහ රාශියෙන් උපත ලබා රවි සඳු සමග ලග්නයේ වේද එසේම එම ග්‍රහයන් සෙනසුරුගේ සහ කුජගේ පාප දෘෂ්ටිවලට ලක්වේද තරුණවියට පත්වන විට අන්ධයකු වේ.

ලග්නාධිපති සිකුරු සමඟ සංයෝග වී දුර්වල බවට පත්වේද එයද ඇස් පෙනීම දුර්වලවීමට හේතුවකි.

තෙවැන්නේ සිකුරු ද එම සිකුරු පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිය ලක්වේද එවැන්නා යොවුන් වියේ දී පවා ඇස් පෙනීමෙන් දුර්වලය.

දෙවැන්නාධිපති සිකුරු වී තෙවැන්නේද, ඔහු ලග්නාධිපති සමඟ ඇස් රෝග ඇත්තකු වේ.

ලග්නය සිංහය වී චන්ද්‍රයා සිකුරු සමඟ දෙවැන්නේ වීද ජන්මියා රාත්‍රී අන්ධයකු බවට පත්වේ.

ලග්නය කටකය වී රවි චන්ද්‍ර සිකුරු එකට සංයෝගවීම උපතින්ම ඇස් පෙනීම දුර්වල කරන ග්‍රහ යෝගයකි.

කේන්දරයේ දෙවැන්නේ කුජ සිටීද අටවැන්නාධිපති කේන්ද්‍රගතවද අටවැන්නේ පාප ග්‍රහයෝ වේද එවිට ජන්මියාගේ තරුණ කාලයේදීම ඇස් පෙනීම දුර්වල වේ.

දෙවැන්න හය වැන්න අටවැන්න හෝ දොළොස්වැන්න චර රාශියක් වී එහි චන්ද්‍රයා සහ රවි රාහු සමඟ සංයෝග වේද එය අක්ෂි රෝගවලට හේතුවන කරුණකි.

රවි දුර්වලව දොළොස්වැන්නේ පාප ග්‍රහයන් සමඟ වේද ජන්මියාගේ දකුණු ඇසේ රෝග ඇති කරයි. කුජ දුර්වලවී සිටීනම් වම් ඇසට හානි සිදුවේ. රවි සහ කුජ දුර්වලවීම ජන්මියා කුඩා කාලයේදීම බලවත් ලෙස ඇස් රෝගවලින් පෙළීමට හේතුවකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂවේදී වාස්තු උපදේශක

යාන්ත්‍රික ඉංජිනේරු

නිශාන්ත විජේසේන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.