වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
උපතේ සිට විපත දක්වා වූ සැඟවුණු ජීවන තොරතුරු හෙළි කරන පොරොන්දම්
යමෙකුගේ ජීවිත කාලයට අදාළ සැඟවුණු තොරතුරු සත්‍ය ලෙස පැවසීමට හඳහනට බෙහෙවින්ම හැකියාව ඇත. කොටු දොළහකින් සමන්විතව මනා ලෙස සකස්කර ඇති හඳහනෙන් නැතහොත් කේන්ද්‍රයෙන් තම ජීවන තොරතුරු ඉතා විනිවිද භාවයකින් යුතුව දැන ගත හැකිය.
පෙර ආත්මවල කරන ලද කුසලා කුසල කර්ම විපාක මෙන්ම ඉන් අත්වන යහපත මෙන්ම අයහපතද ඒ අනුව ජන්ම පතෙන් දැනගත හැකිය. යහපත් සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙරත් රෝගාබාධයක් ඇතිවූවිටත් කේන්ද්‍රය තුළින් ඒ ගැන යම් සහනයක් ලබාගත හැකි ලෙස තොරතුරු දැන ගත හැකිය.
හඳහනෙහි නැතහොත් ජන්ම පත්‍රයෙහි කොටු දොළසේ ලග්නාධිපතියා භව දොළහේ පිහිටි විට හඳහන හිමියාගේ ගති ලක්ෂණ පෙන්නුම් කෙරේ. එමෙන්ම රවි, සඳු, බුද, සිකුරු, කුජ, ගුරු, සෙනසුරු .රාහු සහ කේතු ලග්නයේ පළමු භාවයේ සිටීනම් එහි ගති ලක්ෂණ පැහැදිළි කළ හැකිය. ග්‍රහයන් නවදෙනා ලග්නයේ සිටිනවිට හඳහන හිමියාගේ ගති ලක්ෂණ කෙසේද යන්න පහදා දිය හැකිය. රවි හතේ සිටි විට විවාහය කල්ගත වේ. ලැබෙන සහකරු හෝ සහකාරිය තරමක් ආඩම්බර කමින් යුතු වේ. උෂ්ණාධික අසනීපකම්වලට හේතු වේ. චන්ද්‍රයා හතේ සිටි විට කාමාශාව බලවත් වේ. විවාහය ප්‍රමාදවීමේ තත්වයක් පවතී. විවාහයෙන් පසු පී‍්‍රතිමත් ජීවිතයක් ඇතිවේ. බුද හතේ සිටිවිට ඥානවන්ත කෙනෙක් ලැබේ. වයස්ගත වෙද්දී නහරගත රෝගයක් ඇතිවීමේ තත්වයක් ඇතිවේ.
සිකුරු හතේ සිටි විට සහකරු හෝ ලැබෙන සහකාරිය පෙනුමැති කෙනෙක් ලැබේ. උදව් උපකාර ගත හැකිය. කුජ හතේ සිටි විට විවාහ ජීවිතය සැපවත් වේ. කුජ හතේ සිටිවිට කාමාශාව බලවත් වේ. ශක්තිවන්ත වේ. මුත්‍රාබාධ වලට හේතුය. ගුරු හතේ වූ විට තැන්පත් ගුණවත් ගති ඇතිවේ.
ප්‍රසිද්ධ පුද්ගලයකු වෙයි. සෙනසුරු හතේ වු විට ලක්ෂණ ගති ඇති සහකාරියක හෝ සහකරුවකු ලැබේ. රහස්ව කටයුතු කරති. රාහු හතේ වු විට ළාබාල වියෙහිදීම විවාහයට හේතු වේ. කේතු විවාහය නිසා සිත් තැවුලක් ඇතිවේ. ප්‍රසිද්ධ වැඩවලට ලැදි බවක් දක්වයි. දියවැඩියාව වැනි රෝගාබාධවලට හේතු වේ.
ග්‍රහයන් නම දෙනාගෙන් එක් එක් ග්‍රහයාගේ තැන්පත්වීමෙන් බොහෝ දේ පැවසිය හැකිව තිබුණත් සුළු වශයෙන් කාරණා කීපයක් සඳහන් කළේ යම් අවබෝධයක් ඇතිකර ගැනීම සඳහාය. රවි උදාර ගති පැවතුම්වලින් යුක්තවන අතර සඳු අවිහිංසක වේ. බුධ නුවණැති වන අතර සිකුරු විනෝදකාමි වේ. කුජ ලෙන්ගතු වන අතර ගුරු දැනුමෙන් සන්නද්ධ වේ. සෙනසුරු දියුණුවට ලැදි බවක් දක්වන අතර කේතු ඉක්මන් විවාහයකට පෙළඹේ. ඒ ඉතා කෙටි විස්තරයකි. දරුවකුගේ උපන් වේලාව නිවැරදි නම් දරුවාගේ අනාගතය ගැන සවිස්තර විස්තරයක් දිය හැකිය. බොහෝවිට ජන්ම වේලාවේ වැරැද්ද නිසා කේන්ද්‍රයද වැරදි ලෙස සකස් කෙරේ. උපන් වේලාව දිය යුත්තේ ඉතාම විශ්වාසවන්තවය. ඒ අනුව සකස් කරනු ලබන ජන්මපතෙන් බොහෝදේ පැවසිය හැකිය. ලග්න කේන්ද්‍රයේ පවතින කොටු දොළසින් එන පළමු කොටුවෙන් ලග්නය පෙන්නුම් කෙරේ.
ඉන් දේහ ලක්ෂණ, ශරීරයේ ස්වභාවය ගතිගුණ, වාසනාව, අවාසනාවද දෙවන කොටුවෙන් ධන ලාභ දේපළ කථිකත්වය දිළිදුබව හා විපත්ද තුන්වන කොටුවෙන් සහෝදරපල නෑදෑ ආයුෂ කීර්තිය ද හතරවන කොටුවෙන් සැප සම්පත් දේපළ හා සුබ අසුබ භාවයද, පස්වන කොටුවෙන් බුද්ධිය අධ්‍යාපන ඥානවන්ත භාවය ද, පේ‍්‍රමය දරුවන්ද, හයවන කොටුවෙන් රෝගාබාධ මෙන්ම, හත්වන කොටුවෙන් විවාහයද, අටවන කොටුවෙන් මාරකස්ථාන හා විවාහද නමවන කොටුවෙන් ආගම දහම විවාහයත් විදේශ ගතවීමත් දසවන කොටුවෙන් පියා ගැනත් එකොළොස් වන කොටුවෙන් ආදායම, දොළොස්වන කොටුවෙන් වියදම් හා සුබ පිහිටීම් ද පෙන්නුම් කෙරේ.
මෙසේ හඳහනේ පිහිටි කොටු දොළහට එක් වන අනෙකුත් ග්‍රහයන්ද විපරම් කිරීමෙන් සිදුවන හොඳ නරක සේම දියුණුවට ඇතිවන බාධා පවුලේ ආරාවුල් දරුවන්ගේ ප්‍රශ්න මෙන්ම අධ්‍යාපනයද විවාහ ප්‍රමාදවීම් මෙන්ම රෝගාබාධ හදිසි අනතුරු විපත්ද දැනගත හැකිය. හඳහන හොදින් පරීක්ෂා කර බැලීමෙන් පෙර ආත්මවල කරන ලද කුසලා කුසල පිළිබඳව මේ ආත්මයේදී විඳිනු ලබන සැපසම්පත් මෙන්ම පෙර කරන ලද අකුසල නිසා දැනට විඳින්නට සිදුවන දුක් කරදර පිළිබඳවද හඳහනෙන් දැන ගත හැකිය. ඒ අනුව කළයුතු වත් පිළිවෙත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥවරයාගෙන් දැන අවශ්‍ය පුද පූජා භාරහාර වීමෙන් යම් සහනයක් සෙතක් ලබාගත හැකිය.
සමහර වැඩිහිටියන්ට ජන්ම පත හෙවත් හඳහන කේන්ද්‍රය තිබුණු බවක්වත් මතකයට නොයේ. එහෙත් දියණියක් මල්වර වුවහොත් ජන්ම පත රැගෙන ඡ්‍යොතිෂ්වේදියකු වෙත ඒමට නම් අමතක නොකරයි. එසේ වන වැඩිහිටි කාන්තාවන් මවිතයට පත්කරමින් දරුවා වැඩිවියට පත්වු ස්ථානය , ඇද සිටි ගවුමේ ලක්ෂණ උදාවූ ග්‍රහ තත්වය ඇතුළු බොහෝ දේ බලා සිටියාක් මෙන් පවසති.
වෙසක් මසින් මල්වර දරු දෙන් නේ
පොසොන් මසින් ලෙඩ රෝගද වන් නේ
ඇසල මසින් රෝගද ඇතිවෙන් නේ
නිකිණි මසද යහපත් වැඩවන් නේ
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂ්
ශාස්ත්‍රඥ ඡ්‍යොතිෂවේදී
ඡ්‍යොතිෂ් විද්‍යානිධි පාරම්පරික
ඡ්‍යොතිෂවේදී
මොරටුවේ
තිස්ස මහානාම
බී.එල්. පේ‍්‍රමරත්න