වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පුරාතන නූතන වාස්තු විද්‍යාවේ මහා පොදු සාධකය
අපගේ නිරන්තර ගෞරවයට පාත්‍ර වන සෘෂි භාවිතයන් එක් වූ පුරාතන සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවටත් නූතන බටහිර විද්‍යාවේ පදනම මත පිහිටුවා ගත් නූතන වාස්තු විද්‍යාවටත් එක සේ වැදගත් වන එසේම ප්‍රායෝගික වශයෙන් ද භාවිතා වන අට දිශාව පිළිබඳවත් වාස්තු විද්‍යාවට මෙන්ම ආයුර්වේදය, ඡ්‍යොතිෂය ආදී බොහෝ විෂයන්ටත් කිසිසේත් නොසලකා හැරිය නොහැකි පංච මහා ධාතූන් පිළිබඳවත් මෙහිදී අපගේ අවධානය යොමු කරමු.
පුරාතන වාස්තු ශාස්ත්‍රයේ දී අපට දිශාව පිළිබඳව පැහැදිලි කිරීමේ දී වර්තමානයේ මෙන්ම නොව ප්‍රධාන දිශාවන්ට වැඩි ඉඩ පරාසයක් හා අනු දිශාවන්ට අඩු ඉඩ පරාසයක් දී තිබිණ. එය ගණනින් සඳහන් කරන්නේ නම් ප්‍රධාන දිශාවන් වන උතුර, නැගෙනහිර, දකුණ, බටහිර දිශාවන් සඳහා අංශක 60 කුත් අනු දිශාවන් වන ඊශාන, ගිනිකොණ, නිරිත හා වයඹ දිශාවන් සඳහා අංශක 30කුත් වශයෙන් ප්‍රමාණගන්වා තිබේ. එහෙත් පසුකාලීනව ඒ ඒ දිශාවන්ට ඇති වටිනාකම සලකා සියලුම දිශාවන්ට සමාන ඉඩ පරාසයක් යෙදීම සිදු විය. ඒ අනුව සෑම දිශාවකටම අංශක 45 ක් අයත්කොට සලකන ලදී. කෙසේ වුවත් මෙකී අට දිශාව මත පදනම් වන වාස්තු ශාස්ත්‍රයේ දී නිවසක් බැලීමකදී පවා නිවසේ ඉදිරිපස පිටුපස ආදී වශයෙන් කෙරෙන ඇගයීම් අර්ථාන්විත නොවන අතර වැදගත් වන්නේ අදාළවන දිශාව පමණි.
විශ්වයේ නිර්මාණ වීම සැලකීමේ දී අප විසින් විශේෂ අවධානයකට හා නිරවුල් කරගතයුතු වැදගත් සංකල්පයක් වන්නේ මූල ධාතුන් (භූත) පිළිබඳ විග්‍රහයයි. මෙහිදී අප පෙරත් අවධාරණය කළ පරිදි අනුදිශා ප්‍රධාන දිශාවන්ට දෙවැනි වීමක් වෙනුවට ධාතූන් පිළිබඳව සැලකීමේ දී අනුදිශා වඩාත් වැදගත් වී ඇති බව පෙනේ.
ඒ අනුව ඊශාන දිශාවට අදාළ වන්නේ ආපෝ ධාතුව හෙවත් වැගිරෙන සුළු ස්වභාවයක් දක්වන දියර ස්වභාවයටයි. වාස්තු ශාස්ත්‍රයට වඩාත් අවශ්‍ය වන්නේ ධාතුව නොව ධාතුවේ ගුණය බවද මෙහිදී නිරවුල්ව දැකිය යුතු වේ.
තේජෝ ධාතුව හෙවත් උණුසුම් සීත දනවන ගුණය අයත් වන්නේ ගිනිකොණ දිශාවටයි. හින්දුන් මෙය අග්නි මූලය ලෙසද ව්‍යවහාර කරන බව පෙනේ.
නිරිත දිශාවට හිමිවන මූලධාතුව වන්නේ පඨවි හෙවත් තද බව සහිත ගුණය බව වටහා ගත යුත්තේ එයින් වාස්තු ශාස්ත්‍රයේ ඉදිරියේ දී විමසුමට ලක්වන වැදගත් කරුණක් වන නිසා ය. වයඹ දිශාවේ මූල ධාතුව වායෝ යන්නෙන් අදහස් වන්නේ චලනය වන නැතහොත් හමායන ගුණය බවද විශේෂයෙන් සැලකිය යුතු ය.
පානදුර
සෞම්‍යා සජීවනී පෙරේරා
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>