වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිව් සැට වැනි නවාංසකය
මැයි 10, 2019
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත.
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්‍රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්‍රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්‍රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත.
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත.
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි.
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි.
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු.
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි.
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හේමසිරි කුමාරණතුංග
෴ සබැඳි ලිපි ෴
“අසනීපයක් වුණාම දොස්තර කෙනකු බලන්න යනවා යැයි කියන්න බොහෝ දෙනෙක් අකමැති වෙති. එහෙත් “වෙද මහත්මයෙක් වැඩිය හොඳයි කියන්නට හේතුව වන්නේ, ජන්ම පත්‍ර පරීක්...
2023-07-20 18:30:00
අපි සැමගේම බලාපොරොත්තුව සියලු ලෞකික සැප සම්පත් සහිතව ජීවත් වීමය. ඒ සඳහා නොයෙක් ආකාරයේ රැකියා වෘත්තීන් ව්‍යාපාරවල යෙදිමින් තමාගේ ගොඩ වැඩිකර...
2023-07-20 18:30:00
පසුගිය දිනක ඡ්‍යොතිෂයේ කාම ත්‍රිකෝණය ගැන ලිව්වා මතකයි. විවාහය සම්බන්ධ කරුණු අහලා ඉතා විශාල දුරකතන පණිවුඩ ප්‍රමාණයක් ලැබුණා. කරදරයක් වුවත් ඒක අමතක...
2023-07-20 18:30:00
චීන රාශි චක්‍රයේ නව වැනි රාශිය වන්නේ වඳුරාගේ රාශියයි. වඳුරාගේ රාශියට අයත් වන්නේ 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016 යන වසරවල...
2023-07-13 18:30:00
ඕනෑම පුද්ගලයකුට විශේෂයෙන් යහපත් විවාහ ජීවිතයක් ගතකිරීමට නම් සංවේදි බව සහ මානුෂික ගුණාංග තිබිය යුතුය. එසේ නොමැතිනම් එම පුද්ගලයා යාන්ත්‍රික...
2023-07-13 18:30:00
සමස්ත ඡ්‍යොතිෂ විෂය පුරාම ජයභූමි ශාස්ත්‍රය විහිදෙන්නේ නමුත් ශූක්ෂ්ම ඡ්‍යොතිෂයෙහි නැතහොත් උමා ඡ්‍යොතිෂයෙහි මෙය ගැඹුරින් වෙනම විෂය ඒකකයක් සේ ගෙන...
2023-07-13 18:30:00
2 වැනි කොටස අත්ලෙන් හෙළි වන රහස් පසුගිය සතියේ ශීර්ෂ රේඛාවේ වැදගත්කම ආදි කරුණු රාශියක් ඉදිරිපත් කරන ලද අතර තව දුරටත් ශීර්ෂ රේඛාවේ හැසිරීම...
2023-07-06 18:30:00
චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව පලාපල දැන ගැනීමට දැන් ඔබ අප හා එක්වන බව අපි දනිමු. ඒ නිසාම චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව අශ්වයාගේ රාශියේ පුද්ගලයන්ට මේ වසරේ සුබ අසුබ...
2023-06-29 18:30:00
අලුත උපන් දරුවකු වෙනුවෙන් දරුවාගේ මුල් අවුරුදු 03 ඇතුළත මූලිකව අප චාරිත්‍ර 08ක් ඉටු කරනු ලබන අතර ඒ අතරින් ප්‍රධාන චාරිත්‍ර 06ක් අනිවාර්යයෙන්ම දරුවා...
2023-06-29 18:30:00
තමාගේ ජීවිතයට බලපාන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ දැනගැනීමට අප කා තුළත් ඇත්තේ කැමැත්තකි. ඒ නිසාම ඉන්දියානු ඡ්‍යොතිෂ්‍ය ඉක්මවා ගොස් චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව...
2023-06-22 18:30:00
“පුතා ලොකු උනහම මොකද කරන්නේ ?” යයි අප අසන්නේ එම දරුවා කුමන අංශයකඅධ්යාපනයකට යොමුවේදැයි දැනගැනීමටය. බොහෝවිට අපට ලැබෙන පිළිතුර වන්නේ “මම දොස්තර...
2023-06-22 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ මිථුන රවි 09 භාග අධි ඇසළ පුර විසේනියලත් කිවිදින සිට එම රවි 15 භාග අධි ඇසළ පුර එකොළොස්වක ලත් ගුරු දින දක්වායි. ග්...
2023-06-22 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 5 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 6 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-06-22 18:30:00
ඕනෑම පුද්ගලයකුට ලෝකයේ ලස්සන දකින්න සංවේදිතාවය තිබිය යුතුය. සංවේදිතාවයක් නොමැති පුද්ගලයා යාන්ත්‍රික පුද්ගලයකු වේ. එවිට ජීවිතය ශෘංගාරාත්මක හැඟීම්වලින්...
2023-06-15 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ මිථුන රවි 02 භාග පොසොන් අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 08 භාග අධි ඇසළ පුර ජලවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශි...
2023-06-15 18:30:00
අප කොතරම් අප ගැන දැන සිටියද, වෙනත් අයකු අපගේ තොරතුරු හා අපේ අනාගතය ගැන පවසන දෑ ඇසීමට අපි කැමැත්තෙමු. ඒ මනුෂ්‍ය ස්වභාවයයි. චීන ජෝතිෂ්‍යයට අනුව...
2023-06-08 18:30:00