වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ඇඟිල්ල දිගු කිරීම
කිසිවකුට වැරදුණු තැන ඇඟිල්ල දිගු කරන අය අප අතර කොතෙකුත් සිටිති. ඒ වැරදුණු විටදී මිස හරිගිය විට ඇඟිල්ල දිගු කරන අය අප අතර නැත. ඇඟිල්ල දිගු කිරීමට වැරදෙනතුරු බලාසිටින අයද අද බහුල වෙති. එය අද ඊයේ පමණක් නොව අනාදිමත් කාලයක සිට පැවත එන සිරිතකි මෙය.
බුද්ධ කාලයේ පටන්ම එබඳු දිගු කිරීම් අපට අසන්නට ලැබේ. බුදුරදුන්ගේ අසමසම ගුණය හෑල්ලුවට ලක් කිරීමට පවා එදා සමාජයේ විෂම අය කටයුතු කළ අවස්ථා අප්‍රමාණවෙයි. සමහර විටෙක උන්වහන්සේට අපහාස කොට සමාජ දෝෂ දර්ශනයට ලක්කිරීමට අනිසි ලෙස ඇඟිල්ල දිගු කළ අවස්ථා කොතෙකුත් නම් අසන්නට තිබේ.
එහෙත් ඒ අභියෝග හමුවේ නොසැළුුණු අප බුදුපියාණන් ඝෘජුව ක්‍රියා කළ සේක. ඒ අභියෝග හිරු දුටු පිනිමෙන් වියළී වියැකී ගියේ නිමේෂයෙනි. ඒ සා විශාල ඥාන ශක්තියක් තිබූ බුදුහිමිටත් එසේ බලපෑම් ආවේ නම් ඒ අතින් ඔබ අප කවුරුන් ද? ඒ කෙසේ වෙතත් එබඳු බලවේග හමුවේ නොසැලී හිඳීමට අපට ශක්තිය තිබිය යුතු ය.
කිසිවකුට ඇඟිල්ලක් දිගු කරනවිට තව ඇඟිලි හතරක් තමා දෙසටම එල්ලවන බව අපි දනිමු. එසේ නම් මේ පිළිබඳ හරි වැරැද්ද තේරුම් ගෙන උපේක්ෂාවෙන් කටයුතු කිරීමට ඔබට අපට වෙනත් ආදර්ශ අවැසි නැත. වරදක් දුටු විටෙක අන් අයට ඇඟිල්ලක් දිගු කරන අය තුළ ඊටත් වඩා වැඩි වැරැදි ඇති බව ඔබ දන්නවාද?
තමන්ගේ වරද යට ගැසීමට අන් අයගේ වැරදි උළුප්පා දැක්වීම ඒ අයගේ සිරිත වන්නේ මැයි. මෙම තරගකාරී සමාජ රටාව තුළ ඒ බව මනාව වැටහෙන කරුණකි. පාසලට ගියත් පන්සලට ගියත් රෝහලට ගියත් වෙනත් කුමන පොදු තැනකට ගියත් මේ ඇඟිල්ල දිගු කිරීමේ න්‍යාය දකින්නට ලැබෙයි.
අද දේශපාලන ක්ෂේත්‍රයේ මෙම ඇඟිලි දිගු කිරීම බහුලව සිදුවෙයි. තමාගේ දක්ෂතාව නැතිකම නිසා කෙනෙකුගේ දක්ෂතාව මොටකර හුවා දක්වමින් ඔහු නුසුදුස්සකු කිරීමේ පිළිවෙත එය වෙයි. නිදහසින් පසු වසර කීපයක් එකිනෙකා හා සබැඳි සංස්කෘතික ආගමික සදාචාරාත්මක සෞඛ්‍යමය සමාජීය යහපත් කම් පැවතුණත් විවෘත ආර්ථික රටාව ලංකාව තුළට ගොඩබටදා පටන් සීඝ්‍ර පරිහානියකට හේතුවිය. කෙසේ නමුදු එදා මෙදා තුර මේ ගැලවිජ්ජාව හෙවත් ප්‍රශ්නයෙන් පිටපැනීමේ හා වගකීම් පැහැර හැරීමේ ක්‍රමෝපාය අදවන විට ඔබ අප අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව බිඳ වට්ටවා ඇත. එය මේ වකවානුවේ හොඳින් කැපී පෙනෙන්නේ පරිපාලනයෙන් හොඳටම අසාර්ථක වූ පිරිසක් අතීත, වර්තමාන, අනාගත යන කාල ත්‍රිත්වයේම සාර්ථකත්වයට පත් වූ වර්තමාන පාලක පක්ෂය ඉදිරියේ දරණ බාධක බලවේග හමුවේ ය. තමාට නොහැකි වූ යමක් අනෙකා කරනු දුටු විට එහි කිසියම් දෝෂ දර්ශනයක් හෝ නැති අඩුවක් හුවා දක්වා ජනතාව නොමගට යැවීමට වලිකන පිරිසක් මීට හොඳම නිදසුනකි. ඒ නොමනා පිළිවෙත දිගින් දිගටම ව්‍යාප්ත වන තාක් කල් අපට අනාගතයක් නැත.
මේ පිළිවෙත දැන්වත් අත්හල යුතුව ඇත. කරන හොඳට අත දිගුකළ යුතුය. නොහොඳක් වොතොත් එයට ඇඟිල්ල දිගු කළ යුතුයි. එහෙත් එය ද්වේශයෙන් නොවේ. උපේක්ෂාවෙනි. අනෙකාට යහමගට ගැනීමේ චේතනාවෙනි. අනෙකාට මඩ ගසන්නාගේ අතේ සියල්ලටම වඩා මඩ තැවරෙන බව අප හොඳින් දැන සිටිය යුතු යි.