වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සැම යුතුකම් ඉටු කරමු
විපතකදී, කිසියම් උවදුරකදී ශී‍්‍ර ලාංකීකයා ජාති, ආගම්, බේධ නොතකා පිහිට වූහ. ඒ සඳහා කොතෙකුත් ඉතිහාස කරුණු සාක්සි දරයි. ඒ තරමටම එදා මිනිසා මුදල පසුපස හඹා නොගිය නිර්ව්‍යාජ වූ අදහස් උදහස් දැරූ පිරිසක් වූහ. එහෙත් විවෘත ආර්ථිකය යන මේ වෙස් වළාගත් රකුසා අද අප රටේ බොහෝ දෙනෙකු වංචාකාරයෝ හොරු හා ආත්මාර්ථකාමියෝ කළහ. විටෙක කෙනෙකුගේ ව්‍යසනයකදී පිහිටට දිවගෙන ආ පිරිස අද උස තාප්ප තනා ඒ සහයෝගීතාව අහුරුවා ගෙන සිටිති. මහ මන්දිරවල දිවිගෙවන ධන කුවේරයා මුදල් ඇති තැන බලවතෙකු වුවද එය නැති තැන කාත් කවුරුවත් නැති අසරණයකු වනවා ඇත. එහෙත් මුදල් සැමවිට ජය නොගන්නා බව දත් බොහෝ අය සමාජයේ කෙතැනත් සමානාත්මතාවයට මුල් තැන දෙමින් ජිවිතය ජය ගැනීමට කටයුතු කරමින් සිටිති. කෙනෙකු අසරණ වූ විටෙක ඒ කෙනාට පිහිට වී කිසියම් අත්වැලක් වීමට අපේ අය කටයුතු කළ ද අද සමාජයේ තමා මෙලොවට බිහිකළ අම්මා තාත්තා පවා මහමඟ දමාගොස් අසරණ කරවීමට වුවද මුල් වී කටයුතු කරන අයුරු දැන් දැන් ජනමාධ්‍ය තුළින් හෙළි දරව් වන කරුණක් වී තිබේ.
මේ අතර අප මීට පෙර අවාසනාවන්ත ලෙස සිදු වූ සුනාමි ව්‍යාසනය සිහිපත් කරමු. එදා ඒ මුහුදු රළට හසුව අසරණව ජීවිත දානය ඉල්ලා කෑගැසූ තරුණියන් පිරිසක් මැදට වන් තරුණයකු ඒ අසරණයන් මරණයෙන් ගලවා ගන්නවා වෙනුවට ඇගේ ගෙල බැඳී මාලය අත රැඳී රන් මුදුව ගලවාගෙන ඇය යළි මුහුදට තල්ලු කර දමන අවස්ථා අප රූප මාධ්‍යතුළින් දැක බලා ගනිමු.
මුදල වෙනුවෙන් ඒ රන් ආභරණ ගලවා ගත්තත් ඊට පසූ ඒ තරුණිය මුහුදට තල්ලු කරනවා වෙනුවට ඇයගේ දිවි ගලවා ගත්තේ නම් කොතරම් අගනේ ද. එබඳු අවස්ථා අප කොතෙකුත් අසා දැක ඇත්තෙමු. මෙම අසත් පුරුෂ ක්‍රියාව යළි යළිත් සිහි ගන්වමින් මේ ඊයේ පෙරේදා කොරෝනා ර්‍ථඛ්අ පරීක්ෂාව කරන්න යැයි මුසාබස් දෙඩවා යුවළක් සිටි නිවසකට ගොඩ වූ වංචනික පිරිසක් ඒ අය රවටා නිදිපෙති දී එම දෙපල නිදිගන්වා කණකර සොරාගෙන ගිය අවස්ථාවක් අසන්නට ලැබුණි. සැබැවින්ම මේ කොරෝනා වසංගතයෙන් රටම තැලී පොඩි වී අසරණ වී සිටින මොහොතක ඒ අයට පිහිට වනවා වෙනුවට අමානුෂික ලෙස ඒ අයගේ ධනය සොරා ගැනීම කොතරම් අපරාධයක් ද අශිලාචාර කමක් ද ඒ කෙසේ වෙතත් වෙන අවස්ථාවක මෙන් නොව රටම බියෙන් සන්ත්රාශයෙන් ඇලලී රෝගී වී සිටින මෙහොතක මේ කළ අසාධාරණ ක්‍රියාව මේ මහපොළොව නුහුල්ලන තරමේ අපරාධයකි. එබඳු ලෙස අසරණ අයකු ළඟට ළංවෙන අසීලාචාර පිරිස් තුළින් සිදුවන සමාජ අසාධාරණය පිටු දැකීමට අප එකතුවිය යුතු කාලය එළඹ තිබේ. මේ ලෝක ව්‍යසනය අපට පමණක් ආ එකක් නොව මුළු මහත් ලෝකයම තුළ විසිරී පැතිරී තිබෙන උවදුරකි. ඒ නිසා මෙය රජයට පමණක් මෙහි බර පටවා නොසිට අප අප ද එකතු වී මෙම ව්‍යාසනයෙන් ගොඩ ඒමට වගබලා ගතයුතු වෙමු. තනි තනිව නොව එකා සැමටත්, සැම එකාටත් එකසේ පල ලැබෙන පරිදි සිතට ගෙන සැම දෙනා අත්වැල් බැඳගෙන මෙම කොවිඩ් මාරයා පළවා හැරීමට කටයුතු කරමු.