සංස්කෘතික අනන්‍යතාව විදහාපාන පුරා වස්තු ආරක්ෂා කරමු

ජනවාරි 1, 2021

සංස්කෘතික, සමාජයීය ආගමික වශයෙන් රටක සිය අනන්‍යතාව විදහාපාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්මාරක එසේත් නැත්නම් පැරණි නටඹුන් ආරක්ෂා කර ගැනීම ඔබ අප කාගේත් යුතුකම වන්නේ ය.

ඈත අතීතයේ මිනිසා තම ස්වෛරී බව සහතික කරනුවස් සාදා නිමකළ චෛත්‍ය ගොඩනැඟිලි මෙන්ම බුදුපිළිම හෝ වෙනත් ඉදිකිරීම් නිසා අපේ පැරණි හෙළ කලා කුසලතා අද ද අපට කියාපාන පණිවුඩය මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම් ය. සීගිරියට ගියත් අනුරපුර, පොළොන්නරුවට ගියත් දඹුල්ල, අවුකන, කලාවැව හෝ වෙනයම් ආගමික සිද්ධස්ථානයකට ගියත් අපට ඉන් ලැබෙන ආස්වාදය කොතරම්දැයි සිතීමට වත් බැරි තරම් ය.

එදා කිසිවකුගේ බල කිරීමකට හෝ අණ කිරීමකට හෝ යටත් නොවී ස්වේච්ඡාවෙන්ම තම කුසලතාව හුවාදැක්වීමට තිබූ නිදහස නිසා එසේ විවිධ පුදුම සහගත දේ නිමවුණත් අද විවිධ බාධක හා විවිධ දේශපාලනික ආගමික හෝ සමාජයීය විෂමතා නිසා කිසිදු කලා නිර්මාණයක් බිහි නොවුණත් ජාතීන් අතර ආගමිකයින් අතර ඇති වී තිබෙන තරගකාරී බව නිසා අසමගිය ලියලා වැඩෙන්නට පටන්ගෙන තිබීම කනගාටුවට කරුණකි. එදා අවුකන බුදු පිළිම වහන්සේ ඒ උදාරත්වය දකින්නට පුදුම බැතිබර බවක් දැනෙන පරිදි ඒ මහා ගල් කුල සමාධි බවෙන් ඔපවත් කළ ඒ මහා කලා කරුවා රජ අණට නොව රජ මැදුරේ සේවාවට යන විටත් එහි ගොස් එනවිටත් තමාට තිබූ ඒ වටිනා සුළු කාලය වුවද ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් කටයුත්තකට යොමු කර නොගත්තා නම් අද අපට එදා තිබූ ආගමික සහජීවනය අද අපට නොදැනෙන්නට ඉඩ තිබුණි. අද සමාජය එදා ඉදිකළ වැව් අමුණු පිළිබඳව දක්වන සැලකිල්ල පිළිබඳව ඇත්තේ කනගාටුදායක තත්ත්වයකි. මහ සයුර සේ දිය රැළි නගන සැතපුම් ගණන් දියඹෙන් වසා ගත් ඒ වැව් සහිත වාරි සංස්කෘතිය හා ඒ වෙතින් පෝෂණය වූ අක්කර දහස් ගණන් වෙල් යායවල් දකින විට කිසිදු යාන්ත්‍රික උපකරණයක් භාවිතා නොකොට කළ ඒ ප්‍රාතිහාර්යය හරියට විශ්ම කර්මයාගේ කටයුත්තක් යයි අප මුවගට නැඟෙන්නේ නිරායාසයෙනි. එසේම අහස උසට නැගි අක්කර ගණනාවක් වසා ඉදි වූ රුවන්වැලි සෑය, අභයගිරිය, ථූපාරාමය, මිරිසවැටිය වැනි කී නොකී බොහෝ චෛත්‍ය තුළින් අපට කියාපාන්නේ බුදු දහමේ අභිමානය හා ඒ පිළිබඳව එදා සිට බැතිමතුන්ගේ බැතිබර බවේ පුළුල් බව නොවේද? මේ කිසිදු ලෙසකින්වත් අපට අපේකම අත්හැර දැමීමට නොහැකි වී ඇත්තේ එවන් නිමැවුම් වල පවතින පුදුම සහගත තත්ත්වය නිසාවෙනි.

එවන් නිමැවුම් කරනවා තබා කිසිදු නිර්මාණයකට හෝ දක්ෂ යයි කිවනෙහැකිදේ වර්තමාන පරපුරකින් නම් අපට ඉටුවනවා දැකීම සිහිනයක් වී ඇත. අද පරිගණකයට, දුරකථනයට රූපවාහිනියට යටවී සිටින බාල පරපුර ඉන් ගොඩ ගැනීමට කිසිවකුටත් බැරි වී තිබෙන බව නම් කාටත් පෙනෙන උවදුරක් වී ඇත. එහෙත් ඒ වර්තමානය එදා අතීත පරිපූර්ණ මිනිසා ඉදිරියේ රූකඩයකි. එසේ නිමැවුම් කරනවා තබා එදා කළ නිමැවුම් ආරක්ෂා කර ගැනීමටවත් අද පරපුර සිතනවා නම් එයද විශේෂ තත්ත්වයක් සේ අපි දකිමු. නිමැවුමක් කරනවා වෙනුවට කළ නිමැවුමක් හෝ ආරක්ෂා කර ගැනීමට අප වෙහෙසිය යුතු කාලය එළඹ තිබේ.

පුරාවස්තු ඩෝසර් කර නිවාස තැනීම වටිනා ගස් කපා රක්ෂිතයන් විනාශ කිරීම හා ආගමික සහජීවනයක් සහිත සිද්ධස්ථානවලට අද ඇති වී තිබෙන තර්ජනය කනගාටුවට කරුණකි. එවන් දේ අනාගතයට සිදු නොවනසේ අප සැවොම එකට සිට කටයුතු කරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.