සුබසෙත අනුග්‍රහයෙන් ආචාර්ය ජී.ඇම් ගුණපාලගෙන් නොමිලේ ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ

ඔක්තෝබර් 4, 2024

ඡ්‍යොතිෂවේදය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන් හට නිවැරැදි ඡ්‍යොතිෂ දැනුම ලබා ගනිමින් එම විෂයයහැදෑරීමට සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත අනුග්‍රහයෙන් ආචාර්ය ජී.ඇම්. ගුණපාලයන් විසින් නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණය සෑම මසකම පසළොස්වක පෝදා ධර්ම දානයක් ලෙස අනුරාධපුර සුතිවන ශ්‍රී ආර්ය ශාන්ති භවනේදී පැවැත්වේ.

නවාංශකය පාදක කරගනිමින් නිශ්චිත පලාපල කථනය, තත්කාලය, නැකැත් සෑදීම ඇතුළු විවිධ ඡ්‍යොතිෂමය සිද්ධාන්ත මේ සම්මන්ත්‍රණ මාලාවෙන් ඉගැන්වීමට නියමිතය.

මෙවර සම්මන්ත්‍රණයේ මාතෘකාව වනුයේ නවාංශකය පාදක කරගනිමින් නිශ්චිත පලාපල කථනයයි. එය මේ මස 17 වැනිට යෙදෙන බ්‍රහස්පතින්දා අනුරාධපුර පොතානේගම (නගරාශි‍්‍රත) නව පුත්තලම් පාරේ තිස්ස මාවත කෙළවර තිසා වැව අසල පිහිටි සුතිවන ශ්‍රී ආර්ය ශාන්තිභවන සම්මන්ත්‍රණ ශාලාවේ උදේ 9.00ට ඇරැඹී සවස 3.00 දක්වා පැවැත්වෙනු ඇති අතර මේ මාතෘකාව යටතේ ඉදිරි පෝය දින 2ක්ද මේ සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත.

මෙයට ඡ්‍යොතිෂයට ඇල්මක් දක්වන වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට නොමිලේ සහභාගී විය හැකිය.

ලෝක දුම්කොළ විරෝධී දිනය සැමරේ

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සහ ද්‍රව්‍ය ගුණ සහ ස්වස්ථවෘත දෙපාර්තමේන්තුව සමඟ එක්ව ලෝක දුම්කොළ විරෝධී දිනයට සමගාමීව සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගිය දින දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පවත්වන ලදී. මේ වැඩසටහන සංවිධානය කරන ලද්දේ දුම් පානයේ අහිතකර බලපෑම් පිළිබඳව නව යොවුන් වියේ පාසල් සිසුන් දැනුම්වත් කිරීම අරමුණු කරගෙනය.

මෙහිදී කථිකාචාර්‍ය වෛද්‍ය කේ. ඩී. මනෝරි මහත්මිය විසින් ආරාධිත දේශනය පවැත්වූ අතර පීඨයේ නාට්‍ය කණ්ඩායමේ විද්‍යාර්ථීන් විසින් “දුම්බීම ඔබව මරා දමයි” තේමාව යටතේ නාට්‍ය රඟදැක්වීමක්ද සිදු කරන ලදී. පාසල් සිසුන් විසින් ඉදිරිපත් කරන ලද හොඳම අදහස් සඳහා මෙහිදී ත්‍යාග පිරිනමන ලදී. දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා, වෘත්තීය මාර්ගෝපදේශන ඒකක සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය හිමාලී ද සිල්වා, කථිකාචාර්ය වෛද්‍ය එච්. රංගන ප්‍රදීප යන මහත්ම මහත්මීන්ගේ මඟ පෙන්වීම සහ දේශීය වෛද්‍ය පීඨයේ ආයුර්වේද සහ යුනානි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් මෙය පවත්වන ලදී.

ජයන්ති කුරේ

වැඩිහිටි දිනයට වෛද්‍ය සායනයක්

අන්තර්ජාතික වැඩිහිටි දිනය නිමිති කොටගෙන මොරටුමුල්ල වික්ටවුන් සිංහ සමාජය විසින් හත්වැනි වරටත් පවත්වනු ලබන වෛද්‍ය සායනය ඔක්තෝබර් මස 05 වැනි දින පෙ.ව.9.00 සිට ප.ව. 2.00 දක්වා මොරටුව බොරුපණ සාම විහාරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වික්ටවුන් සිංහ සමාජයේ සභාපති සිංහ නීල් හේමචන්ද්‍ර මහතා පැවසීය. 306/ඒ/1 දිස්ත්‍රික්ක සිංහාධිපති සිංහ වෛද්‍ය ප්‍රියංග පුපුලේවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන වෛද්‍ය සායනයේදී ඇස් පරීක්ෂා කිරීම, ඇස් කන්නාඩි නොමිලේ ලබාදීම ඇතුළු රෝග රැසකටම වෛද්‍ය උපදෙස් ලබාදීමට කටයුතු යොදා ඇත.

 

බී.එල්.ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.