වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
රසයෙන් ගුණයෙන් පිරිපුන් තේ
අපට සුව පහසුවෙන් ජීවිතය ගෙන යාම සඳහා අවශ්‍ය අංගයන් අතර ඉතා වැදගත් ස්ථානයක් හිමි වනුයේ ආහාර පාන සඳහායි. මෙහිදී ආහාරයක් නොමැතිව දින ගණනාවක් වුවද ජීවත්විය හැකි වුවත් ජලය නොමැතිව එක් දිනක් හෝ ජීවත්විය නොහැකිය. අපගේ ශරීරයේ බරෙන් 85% ක් පමණ ඇත්තේ ජලයයි. පානය කිරීමෙන් සහ අප ගනු ලබන ආහාරපාන මගින් ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය ලබාදෙයි. ඉතා ඈත අතීතයේ සිටම අප රටේ ජනතාව පිපාසය නිවා ගැනීම සඳහා ජලයට, අමතරව, රණවරා, බෙලිමල්, ඉරමුසු, බෙලිගැටමද, දොඩම්, දෙහි, නෙල්ලි ආදී ඖෂධීය පාන භාවිතා කරන ලදී
එකල ඔවුන් විසින් ඒ ඒ අවස්ථාවන්ට ඒ ඒ ශරීරයන්ට සුදුසු ඖෂධීය පාන භාවිතා කළ අතර එමගින් ශාරීරික නිරෝගීතාවයද මනාසේ ආරක්ෂා විය.
එසේ වුවද යුරෝපීයයන් විසින් අප රටට තේ සහ කෝපි හඳුන්වා දීමෙන් පසු අප රටේ ජනතාව තේ සහ කෝපි පාන වර්ග ලෙස ගැනීමට පුරුදු විය.
මේ අතුරින් ඔබටත් මටත් එසේම අප සියලු දෙනාටමත් නැතිවම බැරි පානයක් වශයෙන් තේ හැඳින්විය හැකිය. රස ගුණ සපිරි ඉතා අගනා පානයක් වන ‘තේ’ වර්තමානයේ අපේ රටේ ප්‍රධානතම පානය ලෙස හැඳින්විය හැකිය. ‘තේ’ වල උපත කවදා සිදුවුනිදැයි හරි හැටි කිව නොහැකි වුවත් චීනය මෙහි ජන්මභූමිය යැයි හඳුනාගෙන ඇත. චීනයෙන් වගාව ඇරඹුණු ‘තේ’ අද ලෝකයේ ඉතාම ජනපි‍්‍රයම පානය බවට පත්ව ඇත. රසවත් පානයක් ලෙස ආර්ථික වශයෙන් අතිශයින් වැදගත්වන තේ වල ඖෂධීය වැදගත්කමක්ද වෙයි.
ලෝකයේ විශිෂ්ටතම තේ නිපදවන ප්‍රධානතම රට වශයෙන් යුරෝපීයයන් හඳුන්වන ශ්‍රී ලංකාව එදා ඔවුන් හැඳින්වූයේ ‘ලිප්ටන්ගේ තේ වත්ත වශයෙනි.
තේ වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්
පාකිස්ථානය, ඉන්දියාව, ඇතුළු රටවල් රාශියක දක්නට ලැබේ.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ උස් කඳුකරයේදී මධ්‍යම කඳුකරයේද, මුහුදුබඩ තැනිතලාවේද උස් කඳු ප්රදේශවලද තේ ගස වගා කරනු ලබයි. මේ අතුරින් නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල , රත්නපුර, රක්වාන , දෙණියාය , මොරවක ආදී ප්‍රදේශවල බහුල ලෙස තේ වගාව දක්නට ලැබේ.
තේ ගසේ ස්වරූපය
අඩි 15 ක් පමණ උසට ස්වභාවිකව වැවෙන තේ ගස් කප්පාදු කර අඩි 2 1/2ක් පමණ උස් පඳුරක් වශයෙන් සකස් කර තිබෙන අතර මෙහි හටගනු ලබන කොළ වල දලු තේ කුඩු නිෂ්පාදනය සඳහා ගනු ලබයි. මෙසේ කඩා ගනු ලබන තේ දලු කර්මාන්තශාලා වල වියළා තේ කුඩු සකසනු ලබන අතර ඒවායේ තත්ත්වය පරික්ෂා කිරීමෙන් පසු වර්ගීකරණය කර වෙළඳපොළට නිකුත් කරනු ලබයි.
තේ හඳුන්වන නාම
පොදු සිංහල නාමය
තේ වන අතර
තේ වල උද්භිද විද්‍යාත්මක නාමය
ඛ්චථඥතතඪච ඵඪදඥදඵඪඵ (ඹ්) ඕපඪඵ වෙයි.
කුලය – ඊඩ්ඡ්ඒඛ්ඒඡ් කුලය වේ.
තේ වල ව්‍යවහාර අංග
තේ දලු වලින් සකස් කළ තේ කුඩු
තේ වල අඩංගු රසායනික උපාදාන
තේ වල ඛ්චටටඥදඥ (කැෆේන්) නම් උපක්ෂාරයක්ද ඊචදඪජ ඒජඪඤ (ටැනික් ඇසිඩ්) ද පවතින අතර විටමින් ඕ,ඛ්,ම් ද අඩංගුය.එසේම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ තේවල විටමින් ඊ බහුලව අඩංගු වේ. එසේම රිබොප්ලේවින්ද සැලකිය යුතු ප්‍රමානයක් අන්තර්ගතය.
තේ සකස්කරන අයුරු
තේ කුඩු තේ හැඳි 1 -2 ක් පමණ බඳුනකට දමා උතුරවා ගත් ජලය එයට දමා මිනිත්තු 5 ක් පමණ වසා තබා පෙරා අනතුරුව එයට සීනිද, කිරි හෝ පිටිකිරි අවශ්‍ය නම් අතිරේකවද යොදා සකස්කර ගනු ලබයි.
තේ වල ඖෂධීය ගුණකර්ම
මෙය රසයෙන් කෂාය වන අතර ගුණයෙන් ලඝු වේ. වීය¸යෙන් උෂ්ණ වේ. එසේම මෙයින් අග්නි දීප්තිය ඇතිකරන අතර ආම ගතිය පැසවයි. එනිසා බඩගිනි අඩුකම, අජීර්ණය, ප්‍රතිශ්‍යාය, උණ ආදි රෝග අවස්ථා සඳහා ඉතා යෝග්‍ය වේ.
තේ වල අඩංගු ටැනික් ඇසිඩ් (ඊචදඪජ ඒජඪඤ) ශරීරයේ ඇති අහිතකර විෂබීජ මර්දනය කරන ප්‍රබල විෂබීජ නාශකයක් වන අතර එය අධික වුවහොත් ශ්ලේෂ්ම කලාවන්ට හානි ඇතිකරයි. මෙනිසා අධිකව තේ පානය නිසා බඩගින්න නැසෙන්නේද, එසේම ආමාශයේ තුවාල හටගනු ලබන්නේද ඊචදඪජ ඒජඪඤ වල අධික ක්‍රියාව හේතුවෙනි.
තවද තේ වල අඩංගු කැපේන් (ඛ්චටටඥදඥ) කෙළින්ම බලපානුයේ ස්නායු පද්ධතියටය. එනිසා තේ පානයෙන් මානසික විඩාව සහ සාංකාව දුරු කරනු ලබයි.
තේ මුත්‍රකාරකයක් ලෙස භාවිතා කරනු ලබන අතර මුත්රවස්ති සඳහා ද දේශීය කෂාය වට්ටෝරු වල යෙදේ.
එසේම හුනු මිශ්‍ර ජලය පවතින පොළොන්නරුව වැනි වියළි කලාපිය ප්‍රදේශවලදී ඇතිවන මුත්‍ර දැවිල්ල සඳහා සීනි මිශ්‍ර තේ පානය කිරීම ප්රත්යක්ෂ ඔසුවකි.
මේ අතර පිළිස්සුණු අවස්ථාවක තැම්බූ තේ කොළ ඒ ස්ථානයේ තැබීමෙන් දියබුබුල් ඒම වළක්වාලනු ලබයි.
සෙම් ප්‍රතිශ්‍යාව නිසා මුහුනේ ඇතිවන ඉදිමුම්වලදී තේ කොළ වලින් තැවීම කරනු ලබයි.
වමනය සහ අතීසාරය වැළදුණු රෝගීන්ටද තේ ඉතා අගනා පානයක් වන අතර එමගින් ඔවුන්ගේ සිරුරුවල ඇති ද්‍රවවල සමබරතාව රැකදෙනු ලබයි. එසේම සුවය ලබමින් පවතින රෝගීන්ගේ කායික සහ මානසික ශක්තිය වර්ධනය කිරීමටද තේ වලට හැකියාව පවතියි.
වියළි ඇදුම රෝගය නිසා නිතර පීඩා විඳින්නන්ට තේ ඉතා අගනා ඔසුවක් වේ. මෙමගින් ඇදුම රෝගය සමනය කිරීමේ හැකියාව පවතියි.
අධික රුධිර පීඩනය නිසා හටගනු ලබන හිසරදයටද එසේම මලබද්ධය සඳහාද අගනා වටිනා ඔසුවක් ලෙස තේ පානය දැක්විය හැකිය.
මාංශ පේශි උත්තේජකයක් ලෙසද ක්‍රියාකරන තේ දහඩිය ඇතිකරන ගුණයෙන්ද යුතුය.
එසේම මුත්‍ර කාරක ඔසුවක් ලෙසද ක්‍රියා කරනු ලබන අතර ලේ වල අන්තර්ගත වන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකිරීමද කරනු ලබයි.
දත් දිරායාම වළක්වන මහඟු ඔසුවක් ලෙසද තේ හඳුන්වනු ලබයි.
මෙවන් විශිෂ්ට ගුණයන්ගෙන් සපිරි අගනා පානයක් ලෙස තේ හැඳින්විය හැක. එසේ වුවත් තේ අධික ලෙස හෝ වැරැදි ලෙස පානය කිරීමෙන් ශාරිරික අපහසුතාවයන් සඳහාද හේතු විය හැක.
විශේෂයෙන් දීර්ඝ කාලයක් තද තේ කහට බීමෙන් බඩවැල්වල කහට බැඳී බඩගින්න මෙන්ම ආහාර දිරවීමේ ශක්තියද අඩුවේ. එසේම මලබද්ධයද ඇතිවේ. මෙය වඩාත්ම හටගනු ලබන්නේ තේ බීමෙනි. එම නිසා තේවලට එළකිරි හෝ පිටිකිරි එක්කර බීමෙන් එම තත්ත්වය මඟහැරී යයි.
තේ වල උෂ්ණ ගතිය ඇති නිසා ඉන්දියාවේ මෙන්ම ටිබෙට් ආදි ශීතාධික රටවල අය බොහෝ සෙයින් තේ බොනු ලබයි.
මේ අතර බොහෝ අය තේ පානය කිරීමේදී සීනි එක් කිරීමේදී වැඩිපුර සීනි දමා බීම නිසා ශරීරගත රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යාමෙන් රෝගී තත්ත්වයටද පත් විය හැක. එනිසා මේ පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත් වේ.
මෙයින් පෙනීයන්නේ තේ යනු රස ගුණ පිරි අගනා පානයක් බවත් මෙය නිවැරැදි ලෙස පරිභෝජනයට ගැනීමෙන් නිරෝගී බවත් ශාරිරික හා මානසික ප්රසන්නතාවයක් ඇතිකර ගත හැකි බවත්ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන